Latest News Sinhala

Huawei විසින් අද්විතීය Huawei Nova 8i ඇතුලු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙයි

පෙබරවාරි මස 19වන දින සිට පෙර ඇනවුම් සිදුකරන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාවද හිමිවේ.

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුවහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමඟින් සුවිශේෂී විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වා දී ඇත. මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ Huawei Nova 8i ස්මාර්ට් දුරකථනය, Huawei MateBook D 15 (11th gen) ලැප්ටොප් පරිගණකය , HUAWEI MateBook 14 ලැප්ටොප් පරිගණකය සහ Huawei Watch GT 3 ය.  මෙම නිෂ්පාදන හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා Huawei කළමනාකාරීත්වය ඇතුලු පිරිසක් සහභාගී විය. 

මෙම නිල නිෂ්පාදන දියත් කිරීමේ වැඩසටහනට සහභාගී වූ Huawei හි මෙරට ප්‍රධානී Chris Cai මහතා මෙලෙස පවසයි.  “දේශීය පාරිභෝගික අවශ්‍යතාවයන් හොඳින් හඳුනා ගමිනින්, ඒවා සපුරාලිය හැකි අන්දමේ තාක්ෂණික නිෂ්පාදන දියත් කිරීමට Huawei සෑම විටම කැපවී ක්‍රියා කරන සන්නාමයක්. මෙම නව වසර ආරම්භයේදීම දේශීය පාරිභෝගිකයා වෙත Huawei Nova 8i ස්මාර්ට් දුරකථනය, Huawei MateBook D 15 (11th gen) ලැප්ටොප් පරිගණකය, HUAWEI MateBook 14  ලැප්ටොප් පරිගණකය සහ Huawei Watch GT 3 හඳුන්වා දීමට හැකියාව ලැබීම අපට සතුටක්.  මෙම නවතම උපාංගයන් උසස්ම තාක්ෂණය භාවිත කරමින් නිපදවා ඇති අතර, මේවායේ නවතම විශේෂාංග පරිශීලකයන් ආකර්ෂණය කරගනු ඇති බව අපට විශ්වාසයි.” 

Huawei Nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳ පොලට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිත edgeless ඩිස්ප්ලේ එක,  අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියාවන් කාර්යක්ෂම කරනු ඇත.  8GB RAM + 128 GB ROM සහිත Huawei Nova 8i හි මතක ධාරිතාවය පරිශීලක ආකර්ෂණයට ලක්වන තවත් විශේෂාංගයක් වන අතර, මෙහි කැමරා පද්ධතියද සුවිශේෂී වේ.  64MP main කැමරා, 8MP ultra-wide-angle කැමරා, 2MP macro කැමරා සහිත Huawei Nova 8i  හරහා වඩාත් පැහැදිළි සහ උසස් මට්ටමේ ඡායාරූප ලබාගැනීමේ හැකියාව හිමිකර දෙන අතර, මෙහි 120° ultra-wide-angle කැමරාව හරහා ඕනෑම පරිසරයක හෝ ස්ථානයක වඩාත් පුළුල් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව ලබා දේ. විශේෂයෙන්ම ආලෝකය අඩු පරිසරයන් තුළ වුවද ඉතා උසස් තත්ත්වයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් සිදු කිරීමට මෙහි noise-reducing algorithm විශේෂාංගය උපකාරී වන අතර, සෑම ඡායාරූපයක්ම විශිෂ්ට ඡායාරූපයක් බවට පත් කරයි. 

පරිශීලකයාට දිගු කාලයක් සිය දුරකථන කාර්යයන් සිදුකර ගැනීමේ අවස්ථාව ලබාදෙන 4300mAh බැට්‍රිය සහ HUAWEI SuperCharge පහසුකම මෙම දුරකථන මාදිලියේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී විශේෂාංග ද්විත්වයකි. මේ හරහා විනාඩි 17ක් වැනි කෙටි කාලයක් තුළ 60% ක ප්‍රමාණයක් දුරකථනය චාර්ජ් කරගැනීමේ හැකියාව හිමිවේ.  GPU Turbo තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 8i, මොබයිල් ගෙමින්ග් සඳහා ප්‍රිය කරන පරිශීලකයින්ට බාධාවකින් තොර කාර්යක්ෂම තාක්ෂණික අත්දැකීමක් හිමිකර දෙයි. නවතම Huawei Nova 8i, වඩාත් ආරක්‍ෂිත Huawei AppGallery සමඟින් පැමිණෙන අතර, මේ හරහා පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ජනප්‍රිය ඇප්ස් රැසක් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව හිමිවේ. 

වෙළඳ පොලට හඳුන්වා දුන් නවතම Huawei Watch GT 3, ආකර්ෂණීය 3D curved  glass නිමාවකින් පැමිණේ.  දිගුකල් පවතින බැටරි ධාරිතාවය, wireless charging සහ Bluetooth calling  පහසුකම මෙහි ප්‍රධාන විශේෂාංග වේ. Huawei Watch GT 3  දිනපතා පුද්ගලයකුගේ පියවර ප්‍රමාණයන්, ක්‍රියාකාරී වේලාවන් සහ sleep rate, මෙන්ම හෘද ස්පන්දන වේගය සෑම මොහොතකම නිරීක්ෂණය කරයි.

නවතම 11වන පරම්පරාවේ Huawei MateBook D 15 අඟල් 15.6ක මනරම් IPS FullView screen එක සුවිශේෂී වන අතර, මෙහි screen-to-body ratio 87% පමණ වේ. කිලෝග්‍රෑම් 1.53ක් තරම් වූ මෙහි සැහැල්ලු බර සහ 16.9mm ඝනකම හේතුවෙන්, පරිශීලකයාට පරිගණකය ඉතාමත් පහසුවෙන් එහාමෙහා ගෙනයාමේ හැකියාව හිමිවේ.  තවද පරිගණකය සමඟ පැමිණෙන 65W USB-C චාර්ජර් මඟින්, විනාඩි 30ක කාලයක් ඇතුලත බැට්රි ධාරිතාවය 53%ක් දක්වා චාර්ජ් කරගැනීමේ හැකියාව හිමිකර දේ.  දත්ත ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයකින් යුතුව නිපදවා ඇති Huawei MateBook D 15 හි built-in  fingerprint reader සුවිශේෂී වන අතර, මේ හරහා පරිශීලකයාට වඩාත් පහසුවෙන් පරිගණකය on/off කරගැනීමේ හැකියාව හිමිවේ. 

මෙම සියලුම උපාංග දැන් පෙර ඇනවුම් (Pre Order) කිරීමේ අවස්ථාව පරිශීලකයාට හිමිවී ඇති අතර, දිවයින පුරා විසිරුණු Huawei බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා පෙර ඇනවුම් සිදු කළ හැක. පෙබරවාරි මස 19වන දින සිට පෙර ඇනවුම් සිදුකරන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාවද හිමිවේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *