Latest News Sinhala

Vivo 2022 වසර සඳහා සිය තාක්ෂණික ප්‍රවණතා එළිදක්වයි.

වෙනස්වීම යනු ජිවිතයේ එකම ස්ථීර සාධකය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එය එසේම අදාල වේ.  පවතින නව යුගයේ ගෙවී යන සෑම දිනයක් පාසාම ස්මාර්ට්ෆෝන් ආශ්‍රිත නවෝත්පාදනයන් අපට දක්නට ලැබේ. සන්නිවේදන මාධ්‍යයක් පමණක්ව පැවති ස්මාර්ට්ෆෝන්, අද වන විට එදිනෙදා ජිවිතයට අත්‍යවශ්‍යම නවෝත්පාදනයක් බවට පත්ව තිබේ. අද වන විට අනර්ඝ තත්ත්වයේ කැමරාවක්, ගුණාත්මක බැටරියක් සහ සිත් ඇදගන්නා සුළු පෙනුමකින් පැමිණෙන ස්මාර්ට්ෆෝන් එකක් සඳහා වෙළඳපලේ විශාල ආකර්ශනයක් පවතී. සෑම නව ස්මාර්ට්ෆෝන් දියත් කිරීමකදීම වැඩි දියුණු කරන ලද තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීම තුලින් සිය තරඟකරුවන්ට හොද තරඟයක් ලබා දීමට සියලු සන්නාම කරයුතු කරයි. සිය පාරිභෝගිකයින්ගේ රුචිකත්වයන්ට ගැලපෙන පරිදි ස්මාර්ට්ෆෝන් ප්‍රවණතාවයන් දිනෙන් දින වෙනස් වීම් වලට භාජනය වන අතර අද පෙරළිකාරී ලෙස පවතින අංගයක් හෙට වන විට සියලුම උපාංග වල දැකගත හැකි වනු ඇත.

Vivo විසින් මෑතකදී පවත්වන ලද වාර්ෂික vivo Developer Conference (VDC) හිදී සිය ක්‍රියාන්විතයේ ප්‍රධාන අංගයන් වන පරිශීලකයින් අරමුණු කරගත් උපාය මාර්ග සහ පද්ධති කාර්ය සාධනය, යෙදුම් සේවා, IoT වල පවතින ශක්තීන් ඉදිරිපත් කරමින් තාක්ෂණික වැඩිදියුණු කිරීම් මාලාවක් හඳුන්වා දෙන ලදී.

“2021 වසර Vivo අපිට අත්‍යවශ්‍ය වෙනස්කම් රාශියක් සිදු කර ගත හැකි වූ වසරක් වුනා. ගුණාත්මක නිෂ්පාදන වලට අමතරව තාක්ෂණය උපයෝගී කරගනිමින් විප්ලවීය වෙනසක් සිදු කල හැකි නිෂ්පාදන වලට යොමු වීමට අපට අවස්ථාව ලැබුනා” vivo Developer Conference (VDC) හිදී  Vivo හි පරිශීලකයින් අරමුණු කරගත් උපාය මාර්ගවල වැදගත්කම ඉස්මතු කරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති ශී යූජියන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“අපි හිතනවා අපේ පරිශීලකයන් අපේ නිෂ්පාදන භාවිතයට ගන්නවාට අමතරව නිෂ්පාදන වලට ආදරය කරන්නත් පටන් ගනීවි කියලා. අපගේ තෘප්තිමත් පරිශීලකයින් නිෂ්පාදන තානාපතිවරුන් බවට පත් වෙලා අපේ නිෂ්පාදන ඔවුන්ගේ හිතවතුන්ට නිර්දේශ කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙනවා. අපගේ නිෂ්පාදන හරහා ඉහල පිළිගැනීමක් ඇති සුවිශේෂී සන්නාමයක් අපි ගොඩනගනවා” ඔහු තවදුරටත් සිය අදහස් දක්වමින් පැවසීය.

  1. පරිගණක කාර්ය සාධනය

පරිගණක කාර්ය සාධනය ඉහල නැංවීම සඳහා සහ බලශක්ති පරිභෝජනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා Vivo විසින් high real-time computing engine, intelligent scheduling computing engine සහ high-speed data-chasing-loading computing engine යනුවෙන් පරිගණක එන්ජිමයන් තුනක් නිර්මාණය කර ඇත. Vivo හි උප සභාපති සහ vivo Artificial Intelligence Global Research Institute හි ප්‍රධානී සොවු වෙයි මහතා  විසින් මෙම අවස්ථාවේදී ඒවා හඳුන්වා දෙන ලදී.

  • මතක කළමනාකරණය

Vivo විසින් මතක කළමනාකරණ කාර්යක්ෂමතාව සහ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා නවෝත්පාදන සඳහා ආයෝජනය කර ඇත. ස්වාධීන virtual cache ඒකකයක් හඳුන්වා දීම මගින් Vivo විසින් system resident memory life cycle, application memory allocation සහ DRAM, SoC internal cache යන ඒකක වල පුළුල් කළමනාකරණයක් සහතික කොට ඇත.

  • අද්විතීය Antenna RF නිර්මාණය

පාරිභෝගිකයින් ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වල සංඥා සහ දුර්වල ජාල සම්බන්ධතාවයේ ගැටලු වලට නිතර මුහුණ දෙයි. අතේ රැගෙන යා හැකි උපාංගයක්  වශයෙන්  ස්මාර්ට්ෆෝන් සමහර ඉරියව් හේතුවෙන් සංඥා අවහිරතා වලට මුහුණ දෙයි. Vivo හි නවතම නවෝත්පාදනය වන Unique Antenna RF Design සමඟ මෙම ගැටලුවට පිළිතුරු ලැබී ඇත. මෙම නවෝත්පාදනය පරිශීලකයින් මුහුණ දෙන එවැනි සංඥා බාධාවක් විසඳන අතර පැහැදිලි අත්දැකීමක් ලබා දෙයි. මෙම AI technology මගින් Wi-Fi සංඥා අවහිරතා හඳුනා ගත හැකි අතර freezing rate අවම කරමින් බුද්ධිමත් ලෙස පරිශීලකයාට හොඳම ජාලය ලබා දෙයි.

  • IoT පරිසර පද්ධතිය

Vivo හි  IoT පරිසර පද්ධතිය එහි තාක්ෂණික ප්‍රවනතාවන් මගින් සවිබල ගන්වා ඇති අතර උපාංග සම්බන්ධ කිරීම, දත්ත ප්‍රවාහයේ කාර්යක්ෂමතාව ඇති කිරීම මගින් පරිශීලකයින්ට වඩාත් විනෝදජනක ස්මාර්ට් හෝම් අත්දැකීමක් ලබා දෙයි. එහි IoT පරිසර පද්ධතිය යටතේ, vivo විසින් චීනයේ ස්මාර්ට් සන්නාම 60 ක්  සමඟ පමණ සහයෝගයෙන් කටයුතු කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *