Latest News Sinhala

ICTA හි Demo Day සමාරම්භක වැඩසටහනේ දී නව්‍ය ව්‍යාපාරිකයන් 10ක් සිය සාර්ථකත්වය ගැන කතාකරති .

නව්‍ය තාක්ෂණික ව්‍යාපාර අංශයේ (Startup) කැපිපෙනෙන වර්ධනයක් අත්කරගෙන සිටින ව්‍යාපාරිකයන් දස දෙනෙක් 10 සිය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ දී සිදුකෙරිණ. පසුගිය දසවසරක කාලය තුළ  නව්‍ය ආයෝජකයන් startup දිරිමත් කරමින්  ඉදිරියට ගෙනයාම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක කල වැඩසටහනේහි    ප්‍රතිපල විදහා දක්වන (Demo Day) සමුළුවක් ලෙස මෙය පැවැත්විණි .ශ්‍රී  ලාංකේය ව්‍යාවසායකත්වය පෝෂණය කිරීම උදෙසා සිදුකෙරෙන වැඩපිළිවෙලට අනුව ආර්ථික ක්‍රියාවලියට  ගුණත්වයෙන් යුතු ව්‍යවසායකයින්  පිරිසක් බිහිකිරීම මෙහි අරමුණයි. එතුළින් අන්තර්ජාතික වෙළඳපොල හා සමව  ගැටීමේ හැකියාව තවදුරටත් අපේක්ෂිතයි. ඒ සඳහා තාක්ෂණය මූලික කරගත් නව්‍ය ව්‍යාපාර වලට අතහිත දීම අරමුණු කරගෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2010 වසරේ ආරම්භ කල “Spiralation“ වැඩසටහන මේ වනවිට එහි 9 වන කාණ්ඩය හා එක් ව සිය කාර්යභාරය දියත් කරමින් සිටි. මේ සඳහා SPARX Lab නමින් වෙනම පරිශ්‍රයක් ද පිහිටුවා තිබේ .

ඉදිරිපත් කිරීම් වාරය අරඹමින් Jendo Innovations හි ප්‍රධාන  විධායක නිළධාරී සහ සම නිර්මාතෘ කීර්ති කොඩිතුවක්කු සිය ව්‍යාපාර  විසඳුම Demo Day වෙත  ඉදිරිපත් කරන ලදී. හෘදවාහිනී පද්ධතිය හා සම්බන්ධ සංකූලතාවයන් හඳුනාගෙන ඒ ආශ්‍රිත  අවදානම්කාරී තත්ත්වයන් පිළිබඳ අනාවැකි ඉදිරිපත් කිරීමට Jendo මඟින් විසඳුම් සපයනු ලබයි. Magicbit හි ප්‍රධානි  මිගාර අමිතෝදන  ඉදිරිපත් කරනු ලැබුවේ  නවෝත්පාදන සංවර්ධනය හා සම්බන්ධ සියලුම ක්‍රියාවලින් මෙන්ම අන්තර්ජාලය සබැඳි දෑ (internet-of-things), රොබෝ තාක්ෂණය, පරිගණක වැඩසටහන්කරණය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබා ගැනීම උදෙසා වූ විද්‍යුත් පීඨිකාවක් ලෙස Magicbit කටයුතු කරන ආකාරයයි. 

2021 Spiralation කාණ්ඩය නියෝජනය කරමින් Mintpay හි සම නිර්මාතෘ උර්මිලා චන්ද්‍රසේකරම්  සිය ව්‍යාපාර  විසඳුම ලෙස ඉදිරිපත් කළේ ශ්‍රී  ලංකාවේ ප්‍රථම  මාර්ගගත පසු ගෙවුම් සැකසුම පද්ධතියයි. එමඟින්, තම ව්‍යාපාරයේ ගණුදෙනුකරුවන්ට වාරික ක්‍රමයට  තම ව්‍යාපාරයෙන් මිලදී ගන්නා භාණ්ඩ වලට ගෙවීම් කිරීමේ හැකියාව මාර්ගගත ව ලබාදී තිබේ.   Nanosoft Smart Co-op හි නිර්මාතෘ හා ප්‍රධාන  විධායක නිළධාරී සංජීව පතිරණ සිය ඉදිරිපත් කිරීමේ වාරයේ දී ශ්‍රී ලංකාවේ  ග්‍රාමීය මුල්‍ය අංශය බලගැන්වීම උදෙසා බැංකු පහසුකම් නිර්මාණය කළහැකි  ඩිජිටල් සේවාවක්  හදුන්වාදෙන ලදී .

Neo Minds හි සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂ නිපුන අබේකෝන්  සිය ව්‍යාපාර  විසඳුම ලෙස Demo Day හි ඉදිරිපත් කරනු ලැබුවේ, තල් ගස් වලට හානි කරන කුරුමිණි විශේෂයක් දුරස්ථ සංවේදක මඟින් හඳුනාගැනීමේ  Neo Minds නම් සැකසුමකි.  මෙහි මූලිකම අරමුණ වන්නේ කෘමි සතුන්ගේ හානිය සිදුවීමට පෙර එම අවදානම හඳුනාගැනීමයි.

Niftron නියෝජනය කරමින් එහි සම නිර්මාතෘ සහ ප්‍රධාන  විධායක නිළධාරී ශාමිලාන් සෝමසුන්දරම් සිය ව්‍යාපාර  අදහස ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවා. සිය නිශ්පාදිත හෝ ව්‍යාපෘති  පිළිබඳව ඒ හා සම්බන්ධිත ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමේ හැකියාව මෙමඟින් හිමිවන අතර, එම ක්‍රියාවන්ගේ  විනිවිදභාවය ඉහල නැංවීම මෙමඟින් අපේක්ෂිතයි. Thyaga හි සම නිර්මාතෘ, සචින් වික්‍රමසිංහ  සිය ඉදිරිපත් කිරීම සිදුකල අතර, ශ්‍රී  ලංකාවේ ප්‍රථම ම සහ විශාලතම විද්‍යුත් තෑගි වවුචර මිලදී ගැනීමේ සැකසුම මෙයයි. මෙමඟින් ගණුදෙනුකරුවන්ට අවශ්‍ය පරිදි ඉතා විශාල නියෝජිතයන් පිරිසක් අතුරින් සිය තෑගි වවුචර මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

Traccular හි සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂ අජීවන් අරූ ඉදිරිපත්කල විසදුම වන්නේ,Traccular මඟින් සිය ව්‍යාපාර යේ අමුත්තන් පරිපාලනය සහ සම්බන්ධතා පවත්වා ගැනීමේ කාර්යය සිදුකල හැකි යෙදෙවුමකි. එමෙන්ම ව්‍යාපාරය වෙත පැමිණෙන අමුත්තන්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීම, රැස්වීම් කළමනාකරණය ආදී කාර්යයන් මේ හරහා කළ හැකි වනවා. Univiser හි කළමනාකාර අධ්‍යක්ෂ ඉස්මයිල් සදුර්දීන් අනතුරුව සිය ව්‍යාපාර අදහස් ඉදිරිපත් කළා. Univiser යනු වඩාත් සඵලදායී සහ උපයෝගීතාවයකින් යුතු සම්බන්ධතා ගොඩනැගීම අරමුණු කරගෙන ලොව පුරා සිටින විශ්ව විද්‍යාල සිසුන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය  තානාපතිවරුන් සම්බන්ධ කිරීමේ සැකසුමකි. ඉදිරිපත් කිරීමේ වාරය අවසන් කරමින් Yenasys හි නිර්මාතෘ දුමින් සහියෙට් සිය ව්‍යාපාර  විසඳුම් ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවා. Yenasys යනු, කිසියම් වූ ව්‍යාපාර යකට අදාල පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අදාල බහුවිධ  ඇමතුම් මධ්‍යස්ථානයකි. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA හි, නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධති සංවර්ධන, අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න මහතා ප්‍රකාශකලේ . “මෙම අනර්ඝ වැඩසටහන (Spiralation) ආරම්භ කෙරුණේ 2010 වසරෙදි බවයි. . පසුගිය කාලසීමාව තුළ නව්‍ය  ව්‍යාපාරවල  පරිසර පද්ධතිය තුළ ද වර්ධනයක් ඇතිවුණා. මෙය ICTA විසින් ආරම්භ කල වැඩසටහනක් වුණත් වර්තමානය වනවිට මේ හා පාර්ශව ගණනාවක් එක්ව වැඩ කිරීමත් සමඟ මෙය ජාතික වැඩසටහනක් බවට පරිවර්තනය වී තිබෙනවා.“  Demo Day වැඩසටහන අමතමින් ICTA හි ප්‍රධාන  විධායක නිළධාරී, ඉංජිනේරු මහින්ද බී. හේරත් මහතා ප්‍රකාශ කලේ . “ශ්‍රී  ලංකාව තුළ ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරවීම පිළිබඳ බලයලත් ආයතනය වන්නේ ICTA ආයතනයයි. ඒ වෙනුවෙන් අප සැකසූ විධිමත් සැලසුම රජය විසින් අනුමත කර තිබෙනවා. අද දවසේ අප මේ සිදුකරන්නේ නව්‍ය ව්‍යාපාර  වලට අවශ්‍ය  මූලික  ඒකාබද්ධ කිරීම සිදුකිරීමයි.”

Demo Day හි ක්‍රියාන්විතය අවසන් කරමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිළධාරී, අනුර ද අල්විස් මහතා  අදහස් දක්වමින් . “මෙහි පැමිණ සිටින සියලුම  යෞවනයන් ගේ අතිවිශිෂ්ට හැකියාවන්  අප දුටුවා. ඒ වගේමයි මෙම Spiralation වැඩසටහන අවුරුදු 10ක් තිස්සේ නව්‍ය  ව්‍යාපාර  සිය ගණනකට සහාය සපයමින් පවත්වාගෙන යනු ලබනවා.”

මේ වනවිට ශ්‍රී  ලංකාව සතුව ඇ.ඩො. බිලියන 1.5 ක් වටිනා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයක් තිබෙනවා. එය ඇ.ඩො. බිලියන 3ක් දක්වා  වර්ධනය කිරීම අපේක්ෂාවයි.  නමුත් අපි අපේ ක්‍රියාවලිය  මෙතනින් නවත්වන්නට අදහසක් නෑ. අපි සැලසුම් කරන්නේ අපේම තාක්ෂණික උද්‍යාන (techno parks) ආරම්භ කරන්නයි. ICTA හි අපි ඔබත් සමඟ මේ ගමන යන්න සූදානම්” යනුවෙන් Demo Day අමතමින් ICTA හි සභාපති, ඕෂධ සේනානායක මහතා ප්‍රකාශකරන ලදී. 

ආයෝජකයන් හා පාරිභෝගිකයන්, විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් නියෝජිතයන්, හා ආයතනික නවෝත්පාදන ක්ෂේත්‍රයට නවමු පිරිස් වල සහභාගීත්වය ද මෙහි දී කැපී පෙනිණ.  

Photo Caption: ICTA SPARX Lab හි පැවැති Demo Day සමාරම්භක

වැඩසටහනේ විශේෂ අවස්ථා රැගත් සේයාරූ පෙලක්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *