Latest News Sinhala

VIVO 2021 වසර ජයග්‍රාහී ලෙස අවසන් කරයි

විවිධාංගීකරණය වූ නිෂ්පාදන කළඹ, ඉහළ පාරිභෝගික සේවාව සහ ගෝලීයමය වශයෙන් ශක්තිමත් අලෙවි ජාලය සමගින් ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයෙකු ලෙස කීර්තියට පත් වී ඇති VIVO සමාගම 2021 වසර තුළ ඉතා ජයග්‍රාහී ගමන්මගක් සනිටුහන් කිරීමට සමත් වී ඇති අතර,  Canalys වාර්තාවට අනුව VIVO ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ සිව්වන ස්ථානයට පත්වීමට සමත් වී ඇත.

VIVO සමාගම සාර්ථක 2022 වසරක් වෙනුවෙන් සිය සැලසුම් දියත් කරමින් සිටින නිසා ම පසුගිය වසරෙහි සාර්ථකත්වය දෙස පසු විපරමක් සිදු කිරීම වැදගත් ය.

නිෂ්පාදන කළඹ පුළුල් කිරීම

2021 වසරේ දී VIVO සමාගම ඉතා ප්‍රශස්ථ මට්ටමින් සිය නිෂ්පාදන කළඹ පුළුල් කිරීමට කටයුතු කළේ ය. ඊට සමගාමීව එම සමාගම ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් 44MP OIS Night Selfie පද්ධතියක් සහිත V21 5G   හා 44MP Eye Autofocus තාක්ෂණය සහිත V21e යන V ශ්‍රේණියේ ස්මාට් ජංගම දුරකථන පෙළ සහ  සුවිශේෂී මිල ගණන් යටතේ හඳුන්වා දුන් තරු විශේෂාංග සහිත Y ශ්‍රේණියේ දුරකථන වන Y1s, Y12s, Y51 සහ Y53s  යන දුරකථන් පෙළ ද විශේෂිත ය.

V1 Self-Designed Imaging චිපයකින් සමන්විත වීම

V1 යනු පාරිභෝගික අවශ්‍යතා දෙස අවධානය යොමුකරමින් නිෂ්පාදිත VIVO නිෂ්පාදන තුළ අන්තර්ගත, ඉහළ දෘශ්‍ය ගුණාත්මක භාවයෙන් යුත්, ඡායාරූප සහ වීඩියෝ ලබාදීම සඳහා ම නිර්මාණය කරන ලද ඒකාබද්ධ  පරිපථ චිපයකි. එමෙන් ම පරිශීලක අවශ්‍යතා සඳහා අනුගත වන Imaging Chip V1,  VIVO හි රූපකරණ පද්ධති සැලසුමට අනුකූල වන අතර, Viewfinder තාක්ෂණය හා වීඩියෝ පටිගත කිරීම් වැනි ප්‍රශස්ථ ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම්වලින් ද  සමන්විත ය.

ලොව දෙවැනියට වේගයෙන් ම වර්ධනය වන 5G ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය බවට පත් වීම

2021 පළමු කාර්තුවේ දී VIVO ලොව  වේගයෙන් ම වර්ධනය වන 5G ස්මාර්ට් ජංගම දුරකථන් සන්නාම අතරින් දෙවැනි ස්ථානයට පත් වීම  නව්‍යකරණය සමග ඉදිරියට යන VIVO 5G හි සාර්ථකත්වය පිළිබඳව උදාහරණ සපය යි. එමෙන් ම VIVO සමාගම නිෂ්පාදන ඒකක මිලියන 19ක් නැව්ගත කරමින්  පෙර කාර්තුවට වඩා 62%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.

VIVO Cares වැඩසටහන යටතේ දියත් කෙරෙන සමාජ සවිබලගැන්වීමේ ක්‍රියාකාරකම්

VIVO සමාගම දියත් කරන VIVO Cares වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ සමාජ සවිබලගැන්වීමේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කෙරුණි. ඉන් පළමුවැන්න වන්නේ Covid 19 වසංගත සමයේ දී ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 1200 කට ඩිජිටල්  ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් සළසමින් එම විද්‍යාලයට ස්මාර්ට් පුවරුවක් ලබා දීම යි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගැටහැත්ත දමිළ විද්‍යාලයේ අඩු පහසුකම් සහිත සිසු දරු දැරියන් 150 දෙනෙකු සඳහා පොත් පත්, පාසල් බෑග් ඇතුළු ත්‍යාග ලබා දීම VIVO Cares මගින් දියත් කළ දෙවන සමාජ සත්කාරක වැඩසටහන යි.

‘To Beautiful Moments’ ප්‍රවර්ධන වැඩසටහන සඳහා EURO සමග අත්වැල් බැඳගැනීම

VIVO සමාගම EURO සමඟ අත්වැල් බැඳගනිමින් ‘To Beautiful Moments’ වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන සමග එක් වූ රසිකයින්ට සිය පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් සමඟ සතුටින් ගතකිරීම සඳහා උත්තේජනයක් සැපයීම එහි දී අරමුණු කෙරිණි.

5G තාක්ෂණය ඔස්සේ සිදු නවෝත්පාදනයන් සිදු කිරීම

පාරිභෝගික ජනතාවට පහසුවෙන් මිල දී ගත හැකි අයුරින් සහ දැරිය හැකි මිලට 5G උපාංග ලබා දෙමින් මහා පරිමාණ 5G සංස්කෘතියක් කරා ගමන් කරමින් සිටින VIVO සමාගම, 5G උපාංග මාදිලි 20කට අධික ප්‍රමාණයක් ගෝලීය වශයෙන් ප්‍රචලිත කිරීමට සමත් වූ සමාගමකි. එමෙන් ම VIVO සමාගම විසින් 3GPP වෙත 5G යෝජනා 5,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාවන් මගින් නව තාක්ෂණික විශේෂාංග 15 ක් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රය වෙත හඳුන්වාදීමට අරමුණු කරයි. එහි දී VIVO මගින් ඉදිරිපත් කර ඇති තාක්ෂණික ව්‍යාපෘති තුනක් මේ වන විටත් අනුමත වී ඇති බවත්, 5G  තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් 3,000කට අධික සංඛ්‍යාවක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි කරගැනීමට සමත් වී ඇති VIVO සමාගම, 3GPP  ශ්‍රේණිගත කිරීමෙහි ඉහළම සමාගම් 8 තුළ සිටින බවත් පැවසිය යුතුම ය.

‘National Geography – VISION+ Mobile Photo Awards’ සමග අත්වැල් බැඳගැනීම

National Geography ආයතනය සමඟ එක්ව ‘VISION+ Mobile Photo Awards’  උළෙල පැවැත්වීම සඳහා දෙවන වරටත් අනුග්‍රාහකත්වය ලබා දුන් VIVO සමාගම එමගින් ජංගම රූපකරණ ක්ෂේත්‍රයේ වර්ධනය වේගවත් කිරීමට සහ වැඩි පිරිසකගේ ආකර්ෂණය එම ක්ෂේත්‍රය වෙත යොමු කිරීමට අරමුණු කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් ‘අවුරුදු වාසි’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට VIVO සමාගම කටයුතු කළ අතර, එහිදී සුවිශේෂී මිලගණන් යටතේ VIVO ස්මාර්ට් ජංගම දුරකථන මිල දී ගැනීමේ අවස්ථාව මෙන් ම වටිනා ත්‍යාගයන් පාරිභෝගික ජනතාව වෙත ලබා දීම ද විශේෂිත ය.

නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා Daraz සමග අත්වැල් බැඳගැනීම

VIVO සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 මෙන් ම, විශාලත ම අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz.lk සමඟ එක් වෙමින්, සිය පාරිභෝගිකයින්ට විශේෂ ත්‍යාග පිරිනැමීම තුළින් Daraz හි ‘දියමන්ති හවුල්කරුවෙකු (Diamond partner)’ බවට පත් වීමට සමත් විය.

VIVO සමාගමේ සිව් වන සංවත්සරය සැමරීම

VIVO සමාගම පසුගිය දා ශ්‍රී ලංකාව තුළ සිය සිව් වන සංවත්සරය සැමරූ අතර, එහි දී සිය  සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය ලබා දුන් හවුල්කරුවන්, සේවකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ පාරිභෝගික ප්‍රජාව ආදී සියලු ම දෙනා වෙත එම සමාගම සිය ස්තූතිය පළ කරයි. නිරන්තර තාක්‍ෂණික ගවේෂණය හරහා 2021 වසරේ දී රටේ ඉහළම අලෙවියක් වාර්තා කළ  ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් බවට පත් වූ VIVO සමාගම 2000කට අධික ශක්තිමත් වෙළෙඳසැල් ජාලයක් සහ අලෙවියෙන් පසු සේවාවක් සහ වාරික පහසුකම් සපයන සුවිශේෂී සේවා මධ්‍යස්ථාන 2ක් දක්වා සිය අලෙවි ජාලය පුළුල් කිරීමට සමත් විය.

VIVO සමාගම ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව වෙත උපරිම සේවාවක් ලබා දීමේ  අරමුණින් Abans, Singhagiri, Dialog Axiata  සහ SLT-Mobitel ඇතුළු මෙරට ප්‍රධාන සමාගම් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනගාගෙන ඇති බව ද සිහිපත් කළ යුතුම ය.

සාර්ථක වසරකින් පසුව එළඹෙන 2022 වසර අතිසාර්ථක කරගැනීම සඳහා  VIVO සමාගම මේ වන විට සියලු ම සැලසුම් සකස්කොට අවසන් ය. එළඹෙන වසරේ දී නවීන තාක්ෂණයේ අත්දැකීම් ව්ඳ ගැනීමට VIVO සමග එක් වන ලෙස එම සමාගම ශ්‍රී ලාංකේය ජනතාවට ආරාධනය කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *