Latest News Sinhala

99x සමාගම VMware Workspace ONE හා සම්බන්ධ වේ

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසාය මෘදුකාංග නවෝත්පාදකයෙකු වන VMware, Inc. (NYSE: VMW)  නිවේදනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලොව ප්‍රමුඛ නිෂ්පාදන ඉංජිනේරු සහ තාක්ෂණ සමාගමක් වන 99x සමාගම විසින් ලොව පුරා විසිරුණු සිය ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, VMware Workspace ONE වෙත යොමුවී ඇති බවයි. කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් සංචරණ සීමා පැනවීමට තීරණය කිරීමටත් පෙර,  99x සමාගම විසින් සිය සේවක මණ්ඩලය සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් නියම කරන ලදී. 

මෙහිදී 99x  සමාගම එහි දුරස්ථ ශ්‍රම බලකාය සඳහා ආරක්ෂිත, ඵලදායී සහ ආකර්ශනීය අත්දැකීමක් ලබා දීම සඳහා දේශීය ඩිජිටල් පරිවර්තන තාක්ෂණික හවුල්කරු වන Gennext හි සහයෝගය ද ඇතිව, Workspace ONE විසඳුම් වෙත යොමුවී ඇත. 

“ගෝලීය අර්බුධයන් හමුවේ වුවද, අපගේ පාරිභෝගිකයන් වෙත වඩාත් උසස් සේවාවක් ලබාදීම අප ව්‍යාපාරයේ ප්‍රමුඛ අරමුණයි. වර්තමානය වන විට අපගේ සේවකයින් 400කට අධික ප්‍රමාණයක් නිවසේ සිට වැඩ කිරීමට යොමුවී තියෙනවා. මෙහිදී ඉතා වැදගත් සාධකයන් වෙන්නේ, කාර්යෂම වැඩ කළමනාකරණය, දත්ත ආරක්ෂාව කියන දේවල්. මෙහිදී අපගේ කාර්යයන් වඩාත් පහසු  සහ කාර්යක්ෂම කිරීමට VMware Workspace ONE වැදගත් කාර්යභාරයක් ඉටු කරා කියන්න පුළුවන්. තවද Workspace ONE,  ISO 27001, ISO 27701, ISO 9001 සහ GDPR වැනි නියාමන සහ පාලන අවශ්‍යතා සඳහා අනුකූල වීමට 99x සමාගමට විශාල අත්වැලක් සැපයුවා.”  99x සමාගමේ ප්‍රධාන තොරතුරු නිලධාරී චමින්ද විතානගේ මහත්මා පවසා සිටියි.

විවිධ අභියෝග මධ්‍යයේ වුවද 2020 වසරේදී, 99x සමගම සිය සේවක මණ්ඩලය තවත් සේවකයින් 100යකින් වර්ධනය කරන ලදී. මෙහිදී සෑම සේවකයෙකුටම අවශ්‍ය කාර්යක්ෂම සහ ආරක්‍ෂිත  වැඩ පාලන සිදු කිරීම සඳහා VMware හි Workspace ONE විසඳුම් ඉහළ දායකත්වයක් දක්වන ලදී.  Gennext විසින් VMware හි Workspace ONE විසඳුම ලබා දීමෙන්, 99x සමාගම හට එහි වර්ධන සැලසුම් ඒකාබද්ධ කළමණාකරණයට ඉඩ සැලසිණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ, 99x සමාගමේ තොරතුරු තාක්ෂණ කළමණාකරු විදුර පෙරේරා මෙලෙස පවසා සිටියි. “VMware Workspace ONE සමාගමේ සමස්ත තොරතුරු තාක්ෂණ පරිපාලනය වැඩිදියුණු කිරීමට උපකාරී වුණා. මේ හරහා උපාංග මැනුඅල් ආකාරයට කන්ෆිගර් කිරීමකින් තොරව, සෑම උපාංගයක්ම මධ්‍යගතව කළමනාකරණය කර, පාලනය කරමින්, අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ අවශ්‍යතා විශාල වශයෙන් සරල කරමින් පොදු කාර්ය පිරිවැයයන් විශාල වශයෙන් අවම කර ගැනීමට හැකි වුණා. තවද, අපගේ සේවකයන්ට දුරස්ථව හෝ කාර්යාලයේ ඕනෑම ස්ථානයක සිට වැඩ කිරීමට ඉඩ සලසමින් වඩාත් කාර්යක්ෂම සහයෝගීතාවයට සහ කාර්ය ප්‍රවාහ කළමනාකරණයකට පහසුකම් Workspace ONE ලබා දුන්නා. මේ හරහා ආයතනික කාර්යයන්හි ඵලදායීතාවය විශාල ලෙස වර්ධනය වුණා කියන්න පුළුවන්.”

තවද, VMware Workspace ONE,  99x වැඩ ක්‍රියාවලි වලට ඒකාබද්ධ කිරීම හරහා සමාගමට ‘BYOD’ (Bring Your Own Device) වැනි මුලපිරීම් දියත් කිරීමට අවකාශය ලබාදී ඇත. මේ හරහා වේගවත් සංකේතාංකන යාන්ත්‍රණයන් (rapid encryption mechanisms) සක්‍රීය කිරීම මගින් දත්ත නැතිවීමේ හා සොරකම් කිරීමේ අවදානම අවම කිරීම සහ උපාංගයක් නැති වුවහොත් හෝ සොරකම් කළහොත් දුරස්ථව දත්ත මකාදැමීමේ හැකියාව, සංවිධානයේ සංවේදී දත්ත ආරක්ෂා කරමින්, තොරතුරු ආරක්ෂාවට හානියක් නොවන පරිදි ව්‍යාපාර අඛණ්ඩතාව තවදුරටත් ශක්තිමත් කර ඇත.

“ව්‍යාපාර පරිසරය ඉතා වේගයෙන් දැන් වෙනස් වෙමින් පවතිනවා. බොහෝ ව්‍යාපාරයන් දැන් දෙමුහුම් ක්‍රමවේදයන් යටතේ සිය මෙහෙයුම් කාර්යයන් සිදුකරන බවක් අපට පෙනී යනවා. අපගේ Workspace ONE විසඳුම, මෙහිදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියලා කියන්න පුළුවන්. මේ හරහා සමාගම් හට සිය  සේවකයින්ට කාර්යක්ෂම ආකාරයෙන් දුරස්ථ ක්‍රම වේදයක් ඔස්සේ වැඩ කිරීමට, ඵලදායිතාව පවත්වා ගැනීමට, සම්බන්ධතාවය වැඩි කිරීමට වඩාත් ආරක්ෂිත ප්‍රවේශයක් ලබා දීමට හැකි වී තියෙනවා.  සියලුම උපාංග, යෙදුම් සහ සේවා එක වේදිකාවක් මතට ගෙන ඒමෙන්, ඔවුන්ගේ අවසන් පරිශීලක සහ ව්‍යවසාය තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික සංචලතා අවශ්‍යතා සපුරාලීම සඳහා 99x සමඟ හවුල් වීම ගැන අපි සතුටු වෙනවා.”  VMware නැගී එන ආසියානු වෙළඳ පොළ නායකත්වය දරන නිතින් අහුජා මහතා පවසා සිටියි. 

ඡායාරූප විස්තරය

(වමේ සිට) ෂෙහානි සිල්වා, VMware, Inc. (ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා) කළමනාකාරීණී, යූසුෆ් ශිරාස්, VMware, Inc. (ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා) ප්‍රධානී, විදුර පෙරේරා, 99X හි තොරතුරු තාක්ෂණ කළමනාකරු, තාරික් සනූන්, Gennext හි ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ, ෂෙරින් අලගරත්නම්, Gennext හි අලෙවි විධායක

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *