Latest News Sinhala

දහසය වන වරටත් පැවැත්වුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගොඩනැගිලි ඉදිකිරීම් අගයන PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙල සාර්ථකව අවසන් වේ

ඉන්දුනීසියාවේ විශාලතම දේපල සංවර්ධක සමාගමක් වන Sinar Mas Land  විසින් Best Developer (Asia) සම්මානය හිමිකර ගනී

වියට්නාමය, මේන්ලන්ඩ් චීනය, හොංකොං, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය සහ ග්‍රේටර් නිසෙකෝ (ජපානය) යන රටවලින් ජයග්‍රාහකයින් රැසක්

– UOL Group Limited හි සමූහ ප්‍රධාන විධායක Liam Wee Sin, 2021 PropertyGuru Icon සම්මානය පිළිගනී

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණයන් අගයන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම සම්මාන උළෙලේ දහසය වැනි දිගහැරුම පසුගියදා නිමාවට පත්වුයේ කලාපයේ විශිෂ්ටතම ගොඩනැගිලි සංවර්ධකයින් සහ ව්‍යාපෘති සඳහා රන් සම්මාන ලබා දෙමිනි.  PropertyGuru සමාගම් සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සඳහා Kohler සහ Leading Real Estate Companies of the World® සිය සහයෝගය ලබාදෙයි.  මෙම සම්මාන උළෙලේදී කාණ්ඩ 31ක් නියෝජනය කරමින් සංවර්ධකයින් සහ ව්‍යාපෘති සැළසුම්කරුවන් සම්මානය පාත්‍ර විය. සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු මෙම සම්මාන උළෙලAsiaPropertyAwards.com වෙබ් අඩවියේ, YouTube, Facebook සහ  LinkedIn ගිණුම් වල ප්‍රචාරණය විණි.  මෙම වසරේ කලාපීය සම්මාන සඳහා සමාගම් 135 ක් පමණ තරඟ කරන ලද අතර, කලාපයේ සමාගම් සහ ව්‍යාපෘති රැසක් මෙහිදී ඇගයුමට ලක්විණි.  

මෙවර සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින්, PropertyGuru සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හැරී වී ක්‍රිෂ්ණන් මහතා මෙලෙස පවසා සිටියි.  ” මෙවර සම්මාන උළෙල හරහා කලාපය පුරා විසිරුණු විශිෂ්ටතම දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සංවර්ධකයින්, මහා පරිමාණ ආයෝජකයින් සහ නිර්මාණකරුවන් අපට ඇගයීමට හැකි වුණා.  මෙවර ජයග්‍රහණ ලැබූ සියලුම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්.”

PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙලේ කළමණාකාර අධ්‍යක්ෂ Jules Kay මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ආසියානු පැසිෆික් කලාපයේ කීර්තිමත්ම සම්මාන උළෙලක් ලෙස PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙල පත්වී හමාරයි. ගෝලීය සෞඛ්‍ය අභියෝග හමුවේ, අපගේ සම්මාන උළෙලන් හයිබ්‍රිඩ් ආකාරයකට පැවැත්වීමට අප තීරණය කරා. මෙහිදී කලාප 11ක් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙය නැරඹීම සඳහා සහභාගී වුණා.  මෙම සම්මාන උළෙල හරහා කලාපයේ විශිෂ්ටතම නිර්මාණයක් ඇගයීමට අවස්ථාවක් හිමිවීම ගැන අපට තියෙන්නේ ආඩම්බරයක්.

මෙම සම්මාන උළෙලේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය වූයේ, Transform Architecture (වියට්නාමය) කළමනාකාර අධ්‍යක්ෂ Thien Duong, Phoenix Advisers (ඉන්දියාව) හි කළමනාකාර අධ්‍යක්ෂ Amit Khanna, C9 Hotelworks (Greater Niseko) හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ Bill Barnett,  Jones Lang LaSalle Philippines, Inc. (පිලිපීනය) හි ප්‍රධානී Christophe Vicic,  PTI Architects (ඉන්දුනීසියාව) හි කළමනාකාර අධ්‍යක්ෂ Doddy A. Tjahjadi, B.S.C. Group (Mainland China) හි සහකාර සාමාන්‍යාධිකාරී සහ සමූහ අලෙවිකරණ ප්‍රධානී  Ken Ip, IWG PLC (සිංගප්පුරුව) හි  හවුල්කාරිත්ව ප්‍රධානී  Kristin Thorsteins, Inhabit Group (ඔස්ට්‍රේලියාව) හි කලාපීය කළමනාකරු Lui Violanti, Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property Awards (ශ්‍රී ලංකා) හි සභාපති ආචාර්ය නිර්මාල් ද සිල්වා, Macao Association of Building Contractors and Developers හි සභාපති Paul Tse, Jones Lang Wootton (මැලේසියාව) හි නියෝජ්ය කළමනාකාර අධ්‍යක්ෂ  Prem Kumar,  Cambodian Valuers and Estate Agents Association (කාම්බෝජය) හි විධායක උප සභාපති Sorn Seap,  JLL Thailand (තායිලන්තය) හි Suphin Mechuchep යන මහත්ම මහත්මීන්ය

PropertyGuru සමූහය විසින් 16 වන වරටත් සංවිධානය කෙරුණු සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රහය ලබා දී ඇත්තේ  PropertyGuru Asia Property Kohler විසිනි. තවද රන් අනුග්‍රහකත්වය Leading Real Estate Companies of the World® විසින් ලබාදී ඇත. Batdongsan.com.vn, DDProperty.com, PropertyGuru.com.my, PropertyGuru.com.sg, සහ Rumah.com හවුල්කරුවන් ලෙසින් ක්‍රියා කර ඇත. නිල කේබල් TV සහකරු History Channel; නිල සඟරා සහකරු PropertyGuru Property Report; නිල charity partner Right To Play; නිල ESG partner Baan Dek Foundation; සහාය සංගම් Asia MarTech Society, British Chamber of Commerce Thailand, Ceylon Institute of Builders, Design Epoch, Global Design Awards Lab, Green Building Consulting & Engineering, සහ Singapore Estate Agents Association; නිල අධීක්ෂණ සහකරු ලෙස HLB ඉදිරිපත් වී ඇත. 

2021 වර්ෂයේ සම්පුර්ණ ජයග්‍රහකයින්ගේ ලැයිස්තුව සඳහා AsiaPropertyAwards.com වෙත පිවිසෙන්න. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *