Latest News Sinhala

සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම සිය පළමු අලෙවිසැල පංචිකාවත්තේදී විවෘත කරයි.

ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන, ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ අමතර කොටස් හා උපාංග කිහිපයකටම බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම, සිය පළමු අලෙවි සැල පසුගිය ඔක්තෝබර් 24 වන දින යෙදුනු සුබ මොහොතින්, ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, පංචිකාවත්තේදී විවෘත කෙරිණි.

නො 01, ජයන්ත වීරසේකර මාවත, කොලඹ 10 දරණ ස්ථානයේ අළුතින්ම විවෘත වූ මෙම අලෙවි සැළ සමාගමේ පළමු අලෙවි සැල ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම අලෙවි සැල දිවයින පුරා සිටින 300 කට අධික ස්පෙක්ට්‍රම් අලෙවි නියෝජිත ජාලයට අලුතින්ම එකතු වූ  ආයතනය වන අතර සමාගමේ මෝටර් රථ අමතර කොටස් සහ උපාංග නිෂ්පාදනයන්හි සිල්ලර වෙළඳාම් කටයුතු මෙමගින් සිදු කෙරේ. එසේම මෙම අලෙවිසැල, සමාගම මගින් පිරිනමනු ලබන සියලුම සේවා වල කේන්ද්‍රස්ථානය ලෙසද කටයුතු කරයි.

ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ MOTUL Lubricants, TORCH Filters & Spark Plugs, SHAKO Riding Helmets සහ PUMA ටයර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන අතර HONDA මෝටර් රථ, ස්කූටර් යතුරුපැදි සහ බල උත්පාදන යන්ත්‍ර (Power Products), සඳහා බලයලත්  අමතර කොටස් නියෝජිතවරයා  වන්නේද  ස්පෙක්ට්‍රම් සමාගමයි.

ස්පෙක්ට්‍රම් හි නව අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙසේ පැවසිය. “අපගේ පළමු අලෙවිසැල මෙලෙස විවෘත කිරීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටු වෙනවා. අපගේ වේගයෙන් වර්ධනය වන බෙදාහැරීමේ නියෝජිත හා ගනුදෙනුකාර ජාලය ස්පෙක්ට්‍රම් කණ්ඩායම විසින් සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවය පිළිබඳ සාක්ෂියක් වන අතර එය වසර ගණනාවක සිට ගොඩනඟා ගනු ලැබූ විශ්වාසයේ පිළිබිඹුවක් ලෙස ද හැඳින්විය හැකියි. රට පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඵලදායී කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන මෙම අලෙවි සැල තවත් අලෙවි සැල් ජාලයක පළමුවැන්න වනු ඇතැයි අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම කෝවිඩ් වැනි පෙර නොවූ විරූ දුෂ්කරතා, ආර්ථික අර්බුද සහ ජීවන රටාවේ සිදුවී ඇති වෙනස්කම් මධ්‍යයේ වුවත් අපගේ නිෂ්පාදනයන්හි ස්ථාවර වර්ධනය සහ ව්‍යාප්තිය අතින් ඉදිරි පියවරක් තැබීමට හැකිවීම මහත් සතුටක් බව සඳහන් කල යුතුයි.

මෝටර් රථ ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය හා පාරිභෝගික කේන්ද්‍රීයභාවය  සමගින් ස්ටැෆර්ඩ් සමූහයේ සමාගමක් ලෙස පසුගිය කාලය පුරා පවත්වාගෙන ආ වර්ධනය ආයතනය ට ක්ෂේත්‍රයේ නොසැලෙන ස්ථාවරත්වයක් සාක්ෂාත් කර දී ඇති අතර එය වෙළඳපොල තරගකාරිත්වයක් ඇති කිරීම දක්වා ඉහළ තලයකට ගෙන විත් ඇත.

2007 වසරේදී ස්ථාපිත කරන ලද ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම මගින් සිය සහෝදර සමාගම් සඳහා දිවයින පුරා භාණ්ඩ ප්‍රවාහනය, නිෂ්කාශනය, බලපත්‍රලාභී තැරැව්කාර සහ සැපයුම් සහය සපයයි. සමාගම අඛණ්ඩව වර්ධනය වෙමින් හා පුළුල් වෙමින්, ගෝලීය සහ දේශීය සන්නාම හා ආයතන සමඟ විශ්වාසය ගොඩනගා ගෙන ඇත. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ ආශ්‍රිත ආයතන සමඟ ඇති වූ අසමසම සහ නොකැළැල් සබඳතාවය තවත් ශක්තිමත් කරමින් සිය සමූහය සතු ස්පෙක්ට්‍රම් නාමය සමග ඉදිරියටම යනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *