Latest News Sinhala

Imou Wi-Fi කැමරා සඳහා එකම බෙදාහරින්නා සිංගර් ශ්‍රී ලංකා සමාගමයි

  • Imou, සිංගර් හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට සුක්ෂම තාක්ෂණය සහ සරල ආරක්‍ෂක විසඳුම් රැසක්

ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම Imou සමඟ ඒකාබද්ධ වී දිවයිනේ පුළුල්ම හා සුක්ෂතම IoT (Internet of Things) CCTV කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති ඇතුළු සරල ස්මාර්ට් ආරක්‍ෂක විසඳුම් සපයන්නා වන Imou හි මෙරට එකම බලයලත් බෙදා හරින්නා බවට පත්විය.

Imou ගෝලීය වශයෙන් IoT පරිශීලකයින්ට  Imou Cloud, සුක්ෂම උපාංග, සහ අධිතාක්ෂණික සේවා යන සේවාවන් ත්‍රිත්වයක් ව්‍යාපාරික පද්ධති සඳහා එකවර සපයනු ලබයි. නිවාස,  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMB) වල යෙදෙන්නන් සඳහා නිර්මාණය කර ඇති Imou විවිධ අවස්ථා සඳහා පුළුල් සුහුරු  IoT විසඳුම් ලබා දේ. එහි open cloud platform මගින් තෙවන පාර්ශවීය ඒකාබද්ධ කිරීම් සඳහා ඉඩ සලසන අතර එමඟින් හවුල්කරුවන්ට සහ පරිශීලකයින්ට වැඩි වටිනාකමක් ඇති කරමින් සුක්ෂම IoT  පරිසර පද්ධති නිර්මාණය කිරීමේ අවස්ථාව Imou මගින් පරිපුර්ණ කෙරේ.

සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ නව්‍ය ආරක්‍ෂක විසඳුම් සඳහා වූ Imou හී සුවිශේෂී බෙදාහරින්නා වීම පිළිබඳව අප සතුටට පත්වනවා. ආරක්ෂණ සේවා නිරීක්ෂණ ක්ෂේත්‍රයේ  වඩාත් විශ්වාසදායක හවුල්කරුවෙකු වන Imou  තාක්‍ෂණික දියුණුව අතින් විශාල ප්‍රසිද්ධියක් ලබා ඇති අතර ලොව පුරා සිටින පරිශීලකයින් එය සහතික කරනු ලබනවා. සිංගර් සහ Imou හි මෙම හවුල්කාරිත්වය තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සරල, සුරක්ෂිත හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව ළගා කරදීමට අප බලාපොරොත්තු වනවා.”

Imou මගින් ගෘහස්ථ ආරක්ෂාව අධීක්ෂණය, එළිමහන් අධීක්ෂණය සදහා සරලව හැසිරවීමේ හැකියාව ඇති පුළුල් පරාසයක ස්මාර්ට් විසඳුම් ලබා දෙයි. එහිදී WiFi කැමරා, PoE (Power over Ethernet) කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති, රැහැන් රහිත ජාල පටිගත කිරීම්, ස්මාර්ට් අගුල් සහ දොර සීනු ආදී සේවාවන් රැසක් ලබා දේ. මෙම සියළුම නිෂ්පාදන plug and play devices ලෙස ලබා දෙන අතර එමඟින් කේබල් වලින් තොරව අතේ ගෙන යා හැකි පහසුකම හිමි වේ. ඒ අනුව Imou වෙළඳ නාමය යටතේ රැහැන් රහිත නිෂ්පාදන සහ විසඳුම් වඩාත් පුළුල් කරමින් මෙරට රැහැන් රහිත ආරක්‍ෂක අවශ්‍යතා සපුරාලීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම බලාපොරොත්තුවේ. ස්මාර්ට් අගුල් සහ දොර සීනු ද මෙම එකතුවට ඇතුළත් කරමින් 2022 දී රැහැන් රහිත ආරක්‍ෂක ක්ෂේත්‍රයේ අංක1 බවට පත්වීම මෙම හවුල්කාරිත්වයේ පරමාර්ථය වී ඇත.

දිවයින පුරා වර්ධනය වන සිය පාරිභෝගික පදනම වෙනුවෙන් ප්‍රමුඛතම දේශීය සහ ජාත්‍යන්තර තලයේ සන්නාම රැසක් පිරිනමන සිංගර් ශ්‍රී ලංකා සමාගම, ඔවුන්ට සැනසිලිදායක සේවා සහ පහසුකම් සාධාරණ මිල ගණන් යටතේ උසස්ම වටිනාකමකින් යුතුව ලබා දෙමින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ මෙහෙවරෙහි නියැළී සිටී!

සිංගර් ශ්‍රී ලංකා හී අපූරු නව හවුල්කාරිත්වය තුළින් Imou ආරක්ෂණ නිෂ්පාදන සහ විසඳුම් දැන් Singer, Singer Mega ප්‍රදර්ශනාගාරවලින් සහ www.singer.lk වෙබ් අඩවියෙන් ද දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *