Latest News Sinhala

චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළින්ම සිටින vivo, 2021 3වන කාර්තුවෙහි ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල 4වන ස්ථානයට.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම vivo  චීන ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියෙහි ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත්තේ සියයට 23 ක වෙළඳපල කොටසකින් සහ වසරින් වසර සියයට 21 ක වර්ධන වේගයක් වාර්තා කරමින් බව Counterpoint Research Monthly Monthly Market Pulse Service පවසයි. ක්ෂේත්‍රයේ ප්‍රධාන ධාරාවේ මිල ගණන් තුළ vivo සිය නිෂ්පාදන කළඹේ මිල ස්ථාවරව පවත්වා ගැනීම වෙළඳ පොළෙහි මෙලෙස අංක 1 වීමට හේතු වී තිබේ.

Canalys වාර්තා වලට අනුව, ඉහත කරුණු වලට අමතරව, vivo 2021 තුන්වන කාර්තුවේදී සියයට 10 ක වෙළඳපල කොටසක් අත්පත් කර ගනිමින් ප්‍රථම වරට ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන නැව්ගත කිරීම්වල සිව්වන ස්ථානයට පත් විය. Canalys හි පෙර කාර්තුමය සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ vivo පසුගිය කාර්තු 4 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල මුල්ම පහ අතර රැඳී සිටි බවයි, එසේම 2021 දෙවන කාර්තුවේ චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ ඉහළටම පැමිණි අතර DC Worldwide Quarterly Mobile Phone Tracker පෙන්වා දෙන පරිදි vivo අඛණ්ඩව ශක්තිමත් වර්ධන වේගයක් පවත්වා ගෙන යයි.

දේශීයතත්වයේ හැඟීම් මුලික කර ගනිමින් දේශීය සංස්කෘතියට නැඹුරු වූ අවබෝධයක් සහිතව vivo තවදුරටත් වෙළඳපල වෙත ව්‍යාප්ත වෙමින් එහි ගෝලීයකරණය වේගවත් කරයි. මේ වන විට, vivo සිය විකුණුම් ජාලය රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් සහ කලාපීය වශයෙන් විහිදුවා ඇති අතර ලොව පුරා මිලියන 400 කට අධික පරිශීලකයින් විසින් vivo නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව වැළඳගෙන ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *