Latest News Sinhala

තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාර තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් අගයමින් මෙම සම්මාන හිමිවීම සුවිශේෂී වේ. මෙහිදී එලායන්ස් ෆිනෑන්ස් වෙත, කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘති සම්මාන කාණ්ඩය යටතේ, ඔවුන්ගේ පැල මිලියනයක් සිටුවීමේ එකමුතුකමේ ව්‍යාපෘතිය අගයමින් කුසලතා සම්මානය හිමිවූ අතර, හොඳම තිරසාර වාර්ෂික වාර්තා  කාණ්ඩය යටතේ තවත් විශේෂ සම්මානයක් හිමිවිය. 

වාර්ෂිකව සංවිධානය කෙරෙන ADFIAP විශිෂ්ට සංවර්ධන ව්‍යාපෘති සම්මාන උළෙලේදී,  සමාජීය සහ පාරිසරික සංවර්ධනයට සාධනීය බලපෑමක් ඇති කිරීමට සමත් වූ ව්‍යපෘති මෙහෙයවූ හෝ එබඳු ව්‍යාපෘති වලට සහය දුන් මූල්‍ය ආයතන සහ සංවර්ධන බැංකු වලට සම්මාන පිරිනැමීම සිදු කරයි. 

AFC විසින් දියත් කරන ලද පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති අතර, 2018 දී දියත් කරන ලද “තුරු මිතුරු” වැඩසටහන ප්‍රමුඛත්වයක් ගනී. මෙහි පළමු අදියර තුලදී, පාසල් 991 ක පාසල් දරුවන් 370,000 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා ගස් 176,000 කට අධික ප්‍රමාණයක් සිටුවීමට AFC පුරෝගාමී වී කටයුතු කරන ලදී.  මෙහි දෙවන අදියර ලෙස  2019 වසරේදී ගස් මිලියනයක වැඩසටහනක් ආරම්භ කළ අතර,  2024 වර්ෂය වන විට හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණ සාක්ෂාත් කරගැනීමට ගස් මිලියනයක් පැල කිරීම AFC හි අභිලාෂයයි.  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), සිංහ සමාජය, නොරොච්චෝලේ බලාගාරය, රාජ්‍ය විශ්ව විද්‍යාල, පාසල් සහ ආගමික ස්ථාන හා අත්වැල් බැඳ ගනිමින්, මෙම ව්‍යාපෘතිය හරහා දැනට ලක්ෂ තුනකට අධික පැල ප්‍රමාණයක් රෝපණය කිරීමට AFC හට හැකිවී තිබේ.  

තිරසාර වාර්තාකරණය සඳහා AFC වෙත මෙවර හිමි වූ සම්මානය, සමාගමේ වාර්ෂික වාර්තාවක් සඳහා හිමිවූ දෙවන ජාත්‍යන්තර පිළිගැනීම ලෙස හැඳින්විය හැකිය.  AFC සෑමවිටම සිය පාර්ශවකරුවන් සමඟ 100%ක විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන අතර, ඔවුනට නිවැරදි හා කාලෝචිත තොරතුරු ලබා දීම සඳහා වාර්තාකණය සඳහා පිලිගත්හොඳම භාවිතයන් පිළිපදී.  විශේෂයෙන්ම, වාර්ෂික වාර්තා සහ තිරසාරභාවය පිළිබඳ වාර්තා නිර්මාණය කිරීමේදී, ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය (International Integrated Reporting Council) විසින් හඳුන්වා දී ඇති ඒකාබද්ධ වාර්තාකරණ ආකෘතිය අනුගමනය කරමින්, GRI තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව අදාල වාර්තා සම්පාදනය කෙරේ.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා සිය සමාගම ලැබූ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පවසන ලදී. “තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි, අප සමාගමේ කැපවීම අගයමින් හිමිවූ මෙම සම්මාන ද්විත්වය පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වනවා. පරිසර සහ සමාජීය සංවර්ධනය මූලික කරගනිමින්, ව්‍යාපාරික කටයුතු වල නිරත වන සමාගමක් ලෙස මම AFC හඳුන්වන්න කැමතියි. ගස් සිටුවීම වැනි තිරසාර ව්‍යාපෘති සමාජයට අවශ්‍යම කාලය දැන් එළඹ තියෙනවා කියල කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අපේ තිරසාර අදහස් ක්‍රියාවට නංවා සමාජයට වෙනසක් සිදු කිරීමට කාලය දැන් ඇවිත් තියෙනවා. මම ඉතාමත් ආඩම්බරයෙන්, අප ජයග්‍රහණය කළ මෙම සම්මාන ද්විත්වය AFC හි මාගේ කාර්ය මණ්ඩලයට පුද කිරීමට කැමතියි. මේ ඔවුන්ගේ උත්සාහය සහ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් හිමිවුණු සුවිශේෂී ඇගයීමක්.  මෙම සම්මාන ද්විත්වය ජයග්‍රහණය කිරීමට පෙර AFCIAP 2019 සම්මාන උළෙලේදී, AFC  හට සමාජ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා සිදුකරන ලද දායකත්වය වෙනුවෙන් පිළිගැනීමක්ද හිමිවුණා. එයද අපට ඉතා සුවිශේෂී අවස්ථාවක් වුණා. මෙහිදී අප මතක් කළ යුතු තවත් කාරණයක් වෙන්නේ අප අපගේ වාර්ෂික ලාභ ප්‍රමාණයෙන් 3%-4% අතර ප්‍රතිශතයක් සමාජීය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයකරන බව. 2020/21  ගිණුම් වර්ෂය සඳහා රුපියල් මිලියන 12කට අධික මුදල් ප්‍රමාණයක් තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් වෙනුවෙන් සමාගම කැපකර තියෙනවා”

ගෝලීය තිරසාර මුල්‍යකරණ නිර්ණායකයක් වන ජාත්‍යන්තර තිරසාර ප්‍රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන Sustainability Standards and Certification Initiative (SSCI) යටතේ පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් දකුණු ආසියාවේ පළමු මූල්‍ය සමාගම වන්නේ එලායන්ස් ෆිනෑන්ස් සමාගමයි.SSCI යනු මූල්‍ය ආයතන වලට සමාජ සහ පාරිසරික තිරසාරත්වය අන්තර්ගත කිරීමට ආකෘතියක් හඳුන්වා දෙමින් සංවිධාන ව්‍යුහය තුළ නව්‍යතා බිහිකිරීම හරහා දිගුකාලීන ප්‍රතිලාභ අත් කරගැනීම සඳහා ව්‍යාපාරයට රුකුලක් ලබාදීමට ඉදිරිපත් කල පළමු ජාත්‍යන්තර ප්‍රමිතිය වේ.

තිරසාර ලොවක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයන් සඳහා AFC හි උපායමාර්ග මෙහෙයවනු ලබන්නේ AFC හි උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ දූරදර්ශී නායකත්වය විසිනි. විවිධ හවුල්කරුවන් හා එක්වෙමින්,  විවිධ තිරසාර සංවර්ධන ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීමට AFC ඉදිරියටත් බලාපොරොත්තු වේ.

පරිසරය සුරැකීමේ වැඩසටහන් සඳහා AFC විසින් ලබා දුන් කැපී පෙනෙන දායකත්වයන් අතර කඳුකර දිවියන් ආරක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වනජීවී සංරක්‍ෂණ භාරය සමඟ AFC කටයුතු කිරීමත්, ඒ හරහා ව්‍යාපෘති සීමාව තුළ දිවියන් ඇතුළු ශාක හා සත්‍ව විශේෂ 35 ක් සංරක්ෂණය කිරීමට හැකිවීම සුවිශේෂී ස්ථානයක් ගනී. එසේම, ඇත් පවුර සමාජ ව්‍යවසායකත්ව වේදිකාවෙන් බිහි වූ “තුරු වියන ” සමාගම සියලුම AFC හි පැල රෝපණ ව්‍යාපෘති සඳහා ප්‍රධාන සැපයුම්කරු බවට පත් කරනු ලැබීම තුලින් ඔහුගේ ව්‍යාපරයට සහ ඒ හා අනුබද්ධ තවත් ස්වයං රැකියාලාභීන් රැසක් හට ජීවනෝපාය සැලසීමට හැකි වීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු වූ සමාජමය දායකත්වයකි.

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම් අතරින් එකක් ලෙස එලායන්ස් ෆිනෑන්ස් 1956 වර්ෂයේ සිට තිරසාර සංවර්ධනය සහ සෞභාග්‍ය ඇති කිරීමේහිලා කැපවෙමින් විශ්වාසනීය සේවාවක් සිය ගනුදෙනුකරුවන්ට සපයා තිබේ. ‘තිරසාර මූල්‍යකරණය තුළින් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලමු” යන සමාගමේ අරමුණ හා බැදිව AFC සියලූම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර, කළමනාකරණය, සේවක මණ්ඩල මෙන්ම, සමාගම හා සම්බන්ධ සියලූම පාර්ශවයන් මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඉහළ කැපවීමකින් කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *