Latest News Sinhala

ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා

ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත්  ප්‍රමිතීන්ට අනුකූලව  ඔවුන්ගේ සිතැගි පරිදි  නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත.

“වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලි නිර්මාණය කිරීමට උපකාර කරන අතර අඛණ්ඩ නවෝත්පාදනයන් සහ සංවර්ධනය පිළිබඳව අපි විශ්වාස කරනවා” St. Anthony’s Industries Group Pvt. Ltd හි  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලහිරු ජයසිංහ මහතා මෙසේ  ප්‍රකාශ කර සිටියේය.

Anton uPVC (Un-plasticized Polyvinyl Chloride) දොරවල් සහ ජනෙල් යනු මෙම නවෝත්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රතිඵලයන්ය.

“uPVC තෝරාගැනීමේදී දැව පරිභෝජනය අඩු වන අතර එමඟින් වනාන්තර සංරක්ෂණය කෙරේ. අප නිෂ්පාදනය කරන සෑම මෙට්‍රික් ටොන් 6,000ක uPVC දොරවල් සහ ජනෙල් මගින්, වනාන්තර හෙක්ටයාර 32,000ක් පමණ ආරක්ෂා වන අතර වඩා හොඳ විසඳුමක් වීමේ අමතර ප්‍රතිලාභය සමඟින් ඉදිකිරීම් සඳහා පරිපූර්ණ අමුද්‍රව්‍යක් වීමේ හැකියාවද ලැබේ. ඇලුමිනියම් හා සසඳන විට, uPVC බලශක්ති ඉතිරි කිරීම උපරිම කරයි, එය විදුලි  බිල්පත් අවම කරන අතර අපගේ වටිනා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට උපකාරී වේ. uPVC යනු පාරජම්බුල කිරණ, ගින්දර, වේයන් සහ විඛාදනයට ඔරොත්තු දෙන නිෂ්පාදනයක් වන අතර අඩු නඩත්තුවකින් සහ පිරිවැයට හිතකර නිෂ්පාදනයක් ද වේ” තව දුරටත් අදහස් දක්වමින්  ජයසිංහ මහතා පැවසීය.

තාක්ෂණික විශිෂ්ටත්වයට කලාත්මක පැතිකඩක් ද එක කරමින් ස්ථාවර සහ සුවිශේෂී ස්ථාපන සේවා ද සමගින් ඇන්ටන් uPVC පද්ධති, කර්මාන්තයේ නව ප්‍රමිතියක් සහ ප්‍රවණතාවයක් ඇති කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *