Latest News Sinhala

ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරන හේමාස් කන්සියුමර්හි නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

වසර ගණනාවක ඉතිහාසයකට උරුකම් කියන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, වෙළඳ පොළ වෙත ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඉදිරිපත් කරන සාඩම්බර දේශීය සමාගමකි. ප්‍රජාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම මූලික කරගනිමින්, ඔවුන්ගේ ජීවන තත්වයන් උසස් කරන පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හේමාස් කන්සියුමර් විසින් වෙළඳ පොලට ඉදිරිපත් කර ඇත.

2021 ජාතික තත්ත්ව සතිය සහ ඔක්තෝබර් 14 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ප්‍රමිති දිනය මූලික කරගනිමින් අදහස් දැක්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්‍ෂක දිමුතු ජයසිංහ මහතා පවසා සිටියේ,  සමාගමේ සෑම අංශයක්ම, සෑම අවස්ථාවකදීම පාරිභෝගික අවශ්‍යතා සඳහා ගැළපෙන, වටිනා නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරන බවත්, එහිදී සෑම නිෂ්පාදනයකම ඉහළම ප්‍රමිතිය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින්, වඩාත් උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙතට ළඟා කරන බවත්ය. තවද, සෑම නිෂ්පාදනයකම මෙහෙයුම් ක්‍රියාවලිය පුරාවට ගුණාත්මක තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරන බවට සහතික කරමින්, සෑම අංශයකම තත්ත්ව ගුණාත්මක රාමු අඛණ්ඩව නඩත්තු කිරීමට මෙන්ම සංවර්ධනය කිරීමට හේමාස් කන්සියුමර් ක්‍රියා කරන අතරම, සෞඛ්‍යමත් දේශයක් නිර්මාණය කිරීම සඳහා යන ගමනේදී ඔවුන්ගේ සන්නාම සඳහා විවිධ ආකාරයේ තත්ත්ව සහතිකයන් රැසක් ලබා ගනිමින්, පාරිභෝගිකයා වෙත ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ළඟා කරවීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බවත්, හෙතෙම පැවසීය. 

වෙළඳ පොළ වෙත තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ඉදිරිපත් කිරීම අගයමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙත, 2019 වසරේදී ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය ද හිමිවිය. ශ්‍රී ලංකා තත්ත්ව සහතික ආයතනය (SLSI) විසින් පිරිනමන ජාතික තත්ත්ව සහතික සම්මානයක් වන මෙය, ශ්‍රී ලාංකීය සමාගම්වල කාර්යසාධන විශිෂ්ටත්වය හඳුනාගැනීම වෙනුවෙන් ලබාදෙයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, ඔවුන්ගේ ඉහළම ප්‍රමිතිගත මෙහෙයුම් ක්‍රියාවලිය හේතුවෙන්, SLS තත්ත්ව සහතිකය හිමිකර ගත් ප්‍රථම ළදරු සබන් සන්නාමය බවට පත්විය.  තවද, සියලුම ක්ලොගාඩ් දන්තාලේප සහ දත් බුරුසු, ෆෙම්ස්‌ සන්නාමයේ සහ කුමාරිකා සන්නාමයේ ඇතැම් නිෂ්පාදන ද SLS තත්ත්ව සහතිකය හිමිකර ගෙන ඇත.  මේ අතර තවත් සුවිශේෂී වන්නේ, උසස් තත්ත්ව කළමනාකරණ පද්ධති භාවිතය හේතුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි නිෂ්පාදනාගාර සඳහා ISO 9001: 2015 තත්ත්ව කළමනාකරණ සහතිකය හිමි වීමයි.

වසර 73 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති  ශ්‍රී ලාංකික සමාගමක් වන වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ලාංකිකයින්ගේ වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන පරිදි හොඳම  තත්වයේ ප්‍රමිතිගත නිෂ්පාදන නිෂ්පාදනය කරන අතර, එම කාර්යයේදී නිෂ්පාදන සඳහා තත්ත්ව සහතිකයන් ලබාගැනීම ඉතා වැදගත් කොට සළකයි.  ‘Enriching Lives’ තේමාව යටතේ, පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ අවධාරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වන් උසස් කිරීම සඳහා දායක වන නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන්, අවශ්‍ය ප්‍රමිතීන් ලබාගැනීම සඳහා සමාගම නිරන්තර අවධානය යොමු කරයි. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *