Latest News Sinhala

realme GT ප්‍රථමයෙන් Android 12 වෙත යාවත්කාලීන කරමින් realme විසින් ඔක්තෝම්බර් 13 වන දින realme UI 3.0 ගෝලීය වශයෙන් නිකුත් කරයි

ඔක්තෝබර් 4 වන දින Google විසින් Android 12 නිල වශයෙන් නිකුත් කළ අතර ප්‍රථමයෙන් සිය උපාංග සඳහා මෙම Android 12 ස්ථාවර යාවත්කාලීන කිරීම ලබා දුන් වෙළඳ නාම අතරට realme ද එක් විය. realme විසින් realme GT සහ තවත් මාදිලි සඳහා මෙම Android 12 ස්ථාවර යාවත්කාලීන කිරීම දියත් කරනු ඇත. පරිශීලකයින්ට realme නිල ප්‍රජාවට සම්බන්ධ වීම තුලින් ඉතා ඉක්මනින් මෙම යාවත් කිරීමට අයදුම් කල හැකිය.

ඒ අතරම, Android 12 මත පදනම් වූ realme UI 3.0 ද ඔක්තෝම්බර් 13 වන දින ගෝලීය වශයෙන් නිකුත් කිරීමට නියමිතය. මේ වන විට ලොව පුරා මිලියන 100 ක පරිශීලකයින් සංඛ්‍යාවක් realme UI සතුව ඇති අතර පසුගිය වසර දෙක තුළදී realme UI ලොව පුරා තරුණ පරිශීලකයින් සමඟ වර්ධනය වෙමින් ඔවුන්ට විනෝදජනක අත්දැකීමක් ලබා දී ඇත. පරිශීලකයන්ට මෙම අත්දැකීම් සපයන අතරම realme UI 3.0 විසින් තරුණ පරිශීලකයින් වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලබන ක්‍රියාකාරිත්වය, අභිරුචිකරණය, ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්‍වය යන කරුණු ඉදිරියටත් වැඩි දියුණු කරමින් පවතී. realme UI 2.0 හා සසඳන විට සමස්ත UI අත්දැකීම් වැඩි දියුණු වී ඉදිරිපත් වෙනු ඇත. ඔබත් රැඳී සිටින්න!

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *