Latest News Sinhala

උස්වත්ත වෙතින් ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්යදායි මන්නා ක්‍රැකර් හඳුන්වාදෙයි

වසර 65 කටත් වැඩි කාලයක් උසස් තත්ත්වයේ රසකැවිලි, ස්නැක්ස් සහ අතුරුපස වර්ග නිපදවන  ලංකාවේ පැරණිතම නිෂ්පාදකයා වන උස්වත්ත සමාගම, ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය පදාර්ථ සහිත “මන්නා ” ක්‍රැකර් පසුගියදා වෙළඳ පොළට හඳුන්වා දුන්නේය.

මන්නා  ක්‍රැකර් නිෂ්පාදනය කෙරෙන්නේ ශරීරයට ඉහළම පෝෂ්‍යපදාර්ථ ලබාදෙන රසවත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායි අමුද්‍රව්‍ය සංයෝජනයෙනි. ප්‍රෝටීන්, තන්තු, විටමින් හා ඛනිජ ලවණ, ප්‍රි බයොටික්ස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක වලින් පිරී ඇති මන්නා  ක්‍රැකර් උදෑසන ආහාරය සඳහා කදිම විකල්පයක් වන අතර වෙළද පොලේ ඇති අනෙකුත් බිස්කට් වර්ග හා ක්‍රැකර් වලට වඩා සෞඛ්‍ය සම්පන්න අහාරයකි.

මන්නා  ක්‍රැකර්වල සියයට 11.6%ක තන්තු ප්‍රමාණයක් ඇති අතර එය ශ්‍රී ලංකාවේ වැඩිම තන්තු ප්‍රතිශතයක් සහිත ක්‍රැකර් නිෂ්පාදනය ද වේ. මෙම අද්විතීය බිස්කට් නිෂ්පාදනයේ වැදගත්කම නම් එය සීනි රහිත වන අතර කිසිදු කෘතිම වර්ණක, රසකාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොකර නිෂ්පාදනය කර තිබීමය.

පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පැවතුනද, මන්නා  ක්‍රැකර්  සෑම වයස් කාණ්ඩයකටම  විශිෂ්ට රසවත්  අත්දැකීමක් ලබා දෙන අතර  ළමයින් අතර ප්‍රියතම තේරීමක් බවට පත්වනු ඇති බව නොඅනුමානයි. මන්නා  ක්‍රැකර්   චීස්, බටර් හෝ ජෑම් සමගින්ද රසවිදිය හැකිය.

මෙම මන්නා  ක්‍රැකර් තිරිඟු, මුං ඇට, මෝල්ට්, මෙනේරි, කව්පි, බාර්ලි, ඉරිඟු, රතු සහල් සහ කුරක්කන් ඇතුළු උසස් පෝෂණ ගුණයෙන් යුත් ධාන්‍ය 9 ක සංයෝගයෙන් නිෂ්පාදනය කෙරෙයි. එලෙසම මෙම විප්ලවීය බිස්කට් නිෂ්පාදනය උසස් තත්ත්වයෙන් සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වශයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය 90% ක් භාවිතා කර නිෂ්පාදනය කරනු ලැබේ.

උස්වත්ත සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්‍ෂක ක්වින්ටස් පෙරේරා මහතා අලුතින් එළිදැක්වූ මන්නා  ක්‍රැකර් නිෂ්පාදනය පිළිබඳව මෙසේ අදහස් දැක්විය. ජීවිතය වඩාත් සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට මාර්ගයක් සොයන පාරිභෝගික ජනතාව වෙනුවෙන් දේශීය වෙළඳපොළ සඳහා සෞඛ්‍යසම්පන්න හා විශ්වාසවන්ත නිෂ්පාදනයක් හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටට හා නිහතමානී ආඩම්බරයකින් පසු වනවා. මේ වන විට මිනිසුන් සෞඛ්‍ය ගැන දැඩි අවධානයක් යොමු කර තිබෙන අතර එම නිසා රසය හා ගුණය අතර වෙළඳපල පරතරය බාධාවකින් තොරව පෝෂණ ගුණයෙන් ඉහළ ක්‍රැකර් නිෂ්පාදන මඟින් අපට විසඳා ගත යුතුව තිබුණා. සමබර ආහාර වේලක් සඳහා ප්‍රධාන පෝෂණ අවශ්‍යතා සපයන නව මන්නා  ක්‍රැකර්  සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් වැලඳ ගනු ඇති බව අපගේ විශ්වාසයයි.”

මෙම නව නිෂ්පාදන නාමය වන ”මන්නා ” යන්නෙන්  ”දෙවියන් වහන්සේ විසින් තෑගි කරන ලද   ආහාරයක් ” යන්න අදහස් කෙරන අතර  තිරිඟු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් බහුල පෝෂණ ගුණය මන්නා  ක්‍රැකර් වලට එම නම දීමට හේතු වී ඇත. එහි අඩංගු මුං ඇට යනු ශාකමය ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර තන්තු වලින් පොහොසත් මෝල්ට් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ. කව්පි අධික කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර මෙනේරි යනු රුධිර පීඩනය අඩු කිරීමේ ප්‍රධාන ඛනිජයක් ලෙස ක්‍රියාකරමින් හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම අඩු කරයි. බාර්ලි අස්ථි ආබාධ වළක්වන අතර කොලෙස්ටරෝල් මට්ටම ද අඩු කරයි. ඉරිඟු වල විටමින් බී, විටමින් සී සහ තවත් විටමින් ගණනාවක් ඇත. රතු සහල් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන අතර බර අඩු කර ගැනීමට ඉතාමත් සුදුසු වේ. එලෙසම කුරක්කන් දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.

කාර්මික තාක්‍ෂණ ආයතනයේ ආහාර තාක්‍ෂණ අංශයේ හිටපු, ප්‍රධාන/නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ආචාර්ය ජානකී ගුණරත්න මන්නා  ක්‍රැකර් වල පෝෂණ ගුණය පිලිබඳ මෙසේ  පැවසුවේය  .”මන්නා  ” යනු ප්‍රධාන බෝග වර්ග 9ක ඇති සුවිශේෂී ධාන්‍ය මිශ්‍ර කර සකස් කරන ලද බහු-ධාන්‍ය  නිෂ්පාදනයකි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය සමානුපාතිකව සමානුපාතිකව, පෝෂණ ගුණයෙන්  සමතුලිත වේ. මෙම ක්‍රැකර් වල  සීනි නැති අතර සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. මෙම නිෂ්පාදනය එහි පෝෂණ සංයුතිය මත පදනම්ව “සෞඛ්‍ය සම්පන්න ආහාර  ”යටතේ කාණ්ඩ ගත කළ හැකිය.

උස්වත්ත සමාගම නව මන්නා  ක්‍රැකර් හඳුන්වා දීමත් සමඟම සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික ජනතාවක් බිහිකරමින් දීප ව්‍යාප්ත ගොවීන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් යුත් ගමනක් ආරම්භ කර තිබේ. එමඟින් දේශීය ගොවි මහතුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබා දෙනු ඇත. මෙම නිෂ්පාදනය උස්වත්ත සමාගම විසින් යුරෝපය, අප්‍රිකාව, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි විදෙස් වෙළෙඳපොළට සහ විශේෂයෙන් ළමුන් හා තරුණයින් අතර පෝෂණ ඌනතාවය බහුලව පවතින සමහර මන්දපෝෂිත අප්‍රිකානු රටවලටත් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මන්නා  ක්‍රැකර් දැනට ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් ෆැමිලි ෆැක් එකක් ලෙස ලබා ගත හැකි අතර කුඩා පැකට්ටුවක් ද (Mini Packet)  ඉක්මනින් දේශීය වෙළඳපොලට නිකුත් කෙරෙනු ඇත.

උස්වත්ත සමාගම පිළිබදව –

උස්වත්ත රසකැවිලි නිෂ්පාදන සමාගම උසස් තත්ත්වයේ, සෞඛ්‍යසම්පන්න රසකැවිලි, ප්‍රණීත ආහාර හා අතුරුපස නිෂ්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වේ. වසර 65 කටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියන උස්වත්ත සමාගම ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා ද වේ. සමාගමේ නිෂ්පාදන අතර Tipi Tip, Wafers, Glucorasa Jujubes, Party, Peppermint, Jelly, Glucolife, Fruit Candy සහ Jumbo Peanuts වේ. ක්‍රිස්ටි පෙරේරා සහ ඇන්ටන් පෙරේරා යන සහෝදරයින් දෙදෙනාගේ මුලිකත්වයෙන් උස්වත්ත රසකැවිලි නිෂ්පාදනය 1956 දී ආරම්භ කෙරුණු අතර 1961 වසරේදී රත්මලාන ප්‍රදේශයේ සිය ප්‍රථම නිෂ්පාදන කර්මාන්තශාලාව ආරම්භ කරන ලදී. සියළුම වයස් මට්ටම් වල සිටින සෑම ශ්‍රී ලාංකික පාරිභෝගිකයෙකු අතරම ජනප්‍රිය වූ පැණිරස වෙළඳ නාමයක් වන ග්ලූකෝරස උස්වත්ත සමාගමෙහි මුල්ම නිෂ්පාදනයකි. 2009 සිට උස්වත්ත වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂක ක්වින්ටස් පෙරේරාගේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ කටයුතු කරයි. ඔහු ලංකාවේ වඩාත්ම පළපුරුදු රසකැවිලි නිෂ්පාදකයා වන අතර ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ රසකැවිලි පිළිබඳ උපාධියකට ද හිමිකම් කියයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *