Latest News Sinhala

අද්විතීය විශේෂාංග රැසක් සමඟ එන Huawei හි Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව පුළුල් පරාසයක විහිදුනු ස්මාර්ට් දුරකථන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මේ අතර, මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති අතර, එයට හේතුව වන්නේ අවම මිල පරාසයක් යටතේ උසස් තාක්ෂණික විශේෂාංගයන්ගෙන් යුක්තව මෙම ස්මාර්ට් දුරකථන මාදිලීන් නිපදවා තිබීම හේතුවෙන්ය.

Huawei හි Y ශ්‍රේණියේ දුරකථන අතර, Huawei Y7a , Huawei Y6P සහ Huawei Y5P  ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් ඉහළ පරිශීලක ආකර්ෂණය දිනාගත් මාදිලි ලෙස හැඳින්විය හැකිය. Huawei Y6P ස්මාර්ට් දුරකථනය,  4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති අතර, මේ හරහා පරිශීලකයින්ට ඇති තරම් දත්ත ප්‍රමාණයක් කිසිඳු අවහිරතාවයකින් තොරව ගබඩා කර ගැනීමේ හැකියාව හිමිවේ. තවද, මෙම මාදිලියේ දුරකථනවල ඇති තවත් එක් සුවිශේෂී විශේෂාංගයක් වනුයේ එහි 5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයයි. වැඩි වේලාවක් ස්මාර්ට් දුරකථනය හා ක්‍රියාකරන පරිශීලකයින්ට වඩා සුදුසු වන ලෙස  5000mAh බැට්රියක් Huawei Y6P හි අන්තර්ගත කර ඇති අතර මෙම විශාල බැට්රිය නිසා නිතර නිතර charge කිරීමේ අවශ්‍යතාව පරිශීලකයින්ට ඇති නොවේ. ඕනෑ තරම් වේලාවක් Games, internet browsing, social media browsing,  videos නැරඹීම  සහ සංගීතයට සවන්දීම ඇතුළු කාර්යන් රැසක්  Huawei Y6P හරහා  දැන්  බාධාවක් නොමැතිව සිදු කර  හැකිය.  ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p හි තවත් එක් සුවිශේෂී විශේෂත්වයක් වනුයේ එහි ත්‍රිත්ව කැමරා පද්ධතියයි. 13mp ප්‍රධාන කැමරාවකින්, 5mp wide-angle කැමරාවකින් සහ 2mp depth කැමරාවකින් සමන්විත Huawei Y6p ජංගම දුරකථන ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය.

ආකර්ෂණීය නිමාවකින් වෙළද පොළට එන Huawei Y5p, 2GB RAM සහ 32GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් යුක්තව පැමිණේ. 3020 mAh අධි බලැති බැට්‍රියකින් සමන්විත Huawei Y5p ද පරිශිලකින්ගේ තාක්ෂණික ගැටළු රැසක් සඳහා කදිම පිළිතුරක් ලබා දී ඇත. තවද, එහි 8mp HD rear කැමරා සහ 5mp සෙල්ෆි කැමරා අලංකාර සහ පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන ඕනෑම අයකුට කදිම විසඳුමක් වනු ඇත. 

Huawei Y7A යනු පරිශීලකයින්ගේ ආකර්ෂණය දිනාගත් තවත් විශිෂ්ට ස්මාර්ට් දුරකථන මාදිලියකි. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර, මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ඉල්ලුමක් හිමිවේ.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි. මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ පාරිභෝගික ආකර්ශනයක් ළඟා කරවයි.  මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා හතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ. Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ.

මෙම සියලුම උපාංග  Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *