Latest News Sinhala

VMware ශ්රී ලංකාව සහ මාලදිවයින නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් පත් කරයි

කාර්මික මෘදුකාංග ක්ෂේත්රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම විසින් ශ්රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ක්ලවුඩ් සහ ඩිජිටල් තාක්ෂණ පරිවර්තනයන් තුළින් සවිබල ගැන්වීම උදෙසා, එහි ව්යාපාර නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් මහතා පත්කළ බව දැනුම්දෙන ලදී

තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දශක දෙකක ඉහළ පළපුරුද්දක් හිමි යූසුෆ් මහතා විසින් VMware සමාගමේ ව්යාපාරික දියුණුව සමඟම, ශ්රී ලංකාව සහ මාලදිවයින වෙළඳ පොළ සංවර්ධනය කළ හැකි ආකාරයේ උපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පාරිභෝගික සම්බන්ධතා සංවර්ධන වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. තවද, තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්රයේ පෙරලියක් සිදුකරමින්, ගතික ව්යාපාර සඳහා අවශ් නම්යශීලි තාක්ෂණික විසඳුම් ලබාදීම කෙරෙහිද යූසුෆ් මහතා සිය නව කාර්යභාරය තුළ වැඩි අවධානයක් යොමු කරයි

ලොව පුරා පැතිරයන වසංගත තත්වය, අප එදිනෙදා ජීවත් වන ආකාරය මෙන්ම අපගේ කාර්යාල ජීවිත තුළද විශාල වෙනසක් සිදුකර තියෙනවා. විශේෂයෙන්ම මෙම තත්වය හමුවේ ආර්ථිකය වෙත සිදුවූ ඍණාත්මක බලපෑම් අවම කිරීම උදෙසා, ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්රයේන් ලැබෙන්නේ විශාල දායකත්වයක්එමනිසා ඩිජිටල් සංවර්ධනයන් සඳහා දැන් සෑම රටක්ම ඉහළ ස්ථානයක් ලබාදී තිබෙනවා. තවද, ශ්රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ආර්ථිකය නැවත ගොඩ නැංවීම උදෙසා ක්රියාත්මකව පවතින මෙවන කාලවකවානුවක, ව්යාපාර නවෝත්පාදනයන් දිරිගන්වන නවතම යෙදවුම් සහ ක්ලවුඩ් තාක්ෂණ පරිවර්තනයන් සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුයිවිශේෂයෙන්ම, නැගී එන ආර්ථිකයන්හි වර්ධනය සහ නවෝත්පාදන දිරිගැන්වීම පිළිබඳ දැනුම සහ පළපුරුද්ද සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට සහ හවුල්කරුවන්ට ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තන සඳහා ඉහළ දායකත්වයක් යුසූෆ් මහතා විසින් ලබාදෙනු ඇති බව අප ඉහළින්ම විශ්වාස කරනවා.”  VMware හි සාමාන්යාධිකාරී සහ නැගී එන ආසියානු වෙළෙඳ පොළ සඳහා ප්රධානී නිතින් අහුජා මහතා පැවසීය.

මෙම නව පත්වීම ලබාගැනීමට පෙර යුසූෆ් මහතා VMware හි ව්යාපාර කළමනාකාර හවුල්කරුවකු ලෙස, ශ්රී ලංකාව සන මාලදිවයින ව්යාපාර සංවර්ධනය උදෙසා ඉහළ කාර්යභාරයක් ඉටුකර ඇතතවද,  VMware ආයතනයට සම්බන්ධ වීමට පෙර යූසුෆ් මහතා Lenovo හි මෙරට ප්රධානී සහ Dell Technologies හි ව්යාපාර ප්රධානී ලෙස කටයුතු කර ඇත. ඔහුගේ වෘත්තීය ගමන් මඟ තුල, ශ්රී ලංකාව, මාලදිවයින, නේපාලය සහ භූතානය යන රටවල තාක්ෂණික සංවර්ධනය උදෙසා විවිධ උපායමාර්ගික කාර්යයන් රැසක් සිදුකර ඇත. ඔහු ඉන්දුනීසියාවේ LCC InfoTech හි පරිගණක විද්යාව පිළිබඳ ශාස්ත්රවේදී උපාධියක් ලබා ඇති අතර දැනට Anglia Ruskin විශ්ව විද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්රපති උපාධියක් හදාරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් යූසුෆ් මහතා මෙලෙස පවසා සිටියි.  “ශ්රී ලංකාව මෙන්ම මාලදිවයින සඳහා ඩිජිටල් තාක්ෂණික විසඳුම් සහ නවෝත්පාදනයන් අවශ්යම මොහොතක් අප දැන් පසුකරමින් සිටිනවා. අනාගත ලොව ශක්තිමත් කිරීම උදෙසා වූ තාක්ෂණික පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා මෙන්ම  ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ව්යාපාර කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. “

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *