Latest News Sinhala

Huawei හි නවතම ලැප්ටොප් මාදිලිය වන MateBook X Pro 2021 ළඟදීම ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ.  පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත.

MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන  3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ.  තවද, කිලෝග්‍රෑම් 1.33ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර 14.6 ක් තරම් වූ ඝනකම, මෙම ලැප්ටොප් මාදිලිය ඕනෑම අයකුට ඉතා පහසුවෙන් එහාමෙහා රැගෙන යා හැකි උපාංගයක් බවට පත් කරයි.  කාර්යසාධනය (performance) පිළිබඳ සැළකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි.  තවද, නවෝත්පාදනය මූලික කරගත් Huawei හි නිෂ්පාදන අතර, MateBook X Pro ඉහල පරිශීලක ආකර්ෂණයක් දිනා ගනුයේ ඉතා පහසු  Huawei Free Touch – ටච් පෑඩ්,  මල්ටි-පොයින්ට ටච් ස්ක්‍රීන්, dual edge microphones සහ quad speakers හේතුවෙන්ය.

මෙම නවතම MateBook X Pro  හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙලෙස පවසා සිටියි.  “පසුගිය වසර කිහිපය පුරාවට Huawei විසින් ලොව පුරා වෙසෙන පාරිභෝගිකයින්ගේ විවිධ ලැප්ටොප් පරිගණක අවශ්‍යතාවන් පිළිබඳ හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි විශිෂ්ට ගණයේ ලැප්ටොප් මාදිලි වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට ක්‍රියා කලා. විශේෂයෙන්ම කාර්ය බහුල වෘත්තිකයින් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ එදිනෙදා තාක්ෂණික අවශ්‍යතාවන් සඳහා ගැළපෙන නවෝත්පාදන රැසකින් සමන්විත වෘත්තීය මට්ටමේ ලැප්ටොප් පරිගණක වෙළඳ පොළට හඳුන්වා දීමට අපට හැකි වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත MateBook X Pro 2021 ද ඉහළ කාර්ය සාධනයක් සහිත, විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් පරිගණකයක් ලෙස මා හැඳින්වීමට කැමතියි.”

MateBook X Pro හි අනෙකුත් විශේෂාංග අතරට, දත්ත ආරක්ෂාව පිළිබඳ ඉහළ අවධානයකින් යුතුව නිර්මාණය කර ඇති Fingerprint power button එක සහ  ඉහළ බලසම්පන්න 56Wh බැට්‍රිය හැඳින්විය හැකියි. තවද Huawei ස්මාර්ට් දුරකථනය හා MateBook X එකිනෙක හා සම්බන්ධ කළ හැකි Huawei Share පහසුකම නිසා, දැන් පරිශීලක කාර්යයන් රැසක් සරළ වනු ඇත. නවතම MateBook X Pro, ආකර්ෂණීය Emerald Green වර්ණයෙන් දේශීය වෙළඳ පොළට නුදුරේදීම හඳුන්වා දීමට නියමිත අතර,  Huawei experience centers, Singer ප්‍රදර්ශනාගාර, බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා සහ Daraz.lk සහ Singer.lk වෙතින් මිලදී ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *