Latest News Sinhala

Huawei Technologies Lanka ” Great Place to Work® ” සහතිකයෙන් පිදුම් ලබයි.

ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei Technologies Lanka, 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇත. Great Place to Work® විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huawei Technologies Lanka හි සේවකයින් විසින් සපයන ලද පුළුල් ශ්‍රේණිගත කිරීම් මත ඔවුන්ට මෙම ස්ථානය හිමිවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි Liang Yi මහතා මෙසේ පැවසීය ” “Great Place to Work® ” ලෙස පිළිගැනීමට ලක් වීම අපට ඉමහත් සතුටට කාරණයක්. Huawei යනු දශක තුනකට පෙර ආරම්භ කරන ලද බහුජාතික සමාගමක් වන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන්  අපි රටවල් 170 කට අධික සංඛ්‍යාවක තාක්‍ෂණික දියුණුව ඇති කිරීමට කටයුතු කරනවා. මෙම සාර්ථකත්වයට හේතුව අපගේ කැපවූ හා වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් මිස අන්  කිසිවක් නොවන බව මම ඉතා සතුටෙන් පවසන්න කැමති.

Great Place to Work® ට අනුව විශිෂ්ට සේවා ස්ථානයක් යනු එහි සේවකයින්ට ඔවුන් කවුරුන්ද යන්න සහ ඔවුන් සංවිධානය වෙනුවෙන් කරන දේ කුමක් වුවත්,  නිරන්තර ධනාත්මක අත්දැකීමකින් යුතුව ඔවුන්ට සිය නායකයන් පිළිබඳව විශ්වාසය තැබිය හැකි, ඔවුන් සමඟ වැඩ කරන පුද්ගලයන් සමඟ සතුටින් සිටිය හැකි සහ තමන් කරන කාර්ය ඉතා ආඩම්බරයෙන් සිදු කල හැකි සේවා ස්ථානයකි. සිය සේවකයන් විසින් ඔවුන්ව ගෞරවය, විශ්වාසය සහ සාධාරණත්වයෙන් යුතු  එවැනි ආකාරයේ සේවා ස්ථානයක් ලෙස හඳුනා ගෙන තිබීම Huawei Technologies Lanka හට ඉතා ගෞරවයට කරුණකි.

මානව ප්‍රාග්ධනය තුල පවතින සන්නිවේදන තාක්ෂණ කුසලතා, ඩිජිටල් ආර්ථිකයක්  සඳහා ඉතා වටිනා අංගයක් බව Huawei  විශ්වාස  කරයි. වසර ගණනාවක කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාව තුල රැදී සිටීම තුලින් Seeds for the Future, ඉහළ විශ්ව විද්‍යාලවලට ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාර, දේශීය හවුල්කරුවන්ට වෘත්තීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව ලබා දීම වැනි මුලපිරීම් ඔස්සේ Huawei විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කර ඇත.

තවද, Huawei විසින්  දේශීය සේවකයින් සඳහා විවිධ වෘත්තීය සංවර්ධන මාර්ග සපයයි. කළමනාකරණ රැකියා පුහුණුව, උපදේශක පද්ධති සහ වෙනත් ක්‍රම මගින් දේශීය සේවකයින්ට වැඩි වගකීම් සම්භාරයක් ලබා දීම තුලින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා වේගවත් කිරීම Huawei විසින් සිදු කරයි. 2018 දී  Huawei විසින් කළමනාකරණය  පිළිබඳව  උපදේශන වැඩසටහනක් දියත් කර ඇති අතර, ඒ හරහා  ශ්‍රී ලංකාව තුල සිටින  කළමනාකරණ කණ්ඩායම් විසින් සිය අදහස් බෙදා දීම මගින් රට තුල සිටින අනෙකුත්  කළමනාකරණ අංශයට අදාළ පුද්ගලයන්ට ඔවුන්ගේ සේවා ස්ථානවලට වඩා හොඳින් අනුවර්තනය වීමට සහ ඔවුන්ගේ සංවිධානයේ කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම උපකාර කිරීම සිදු කරන ලදී.

Huawei, ශ්‍රී  ලංකාව තුල  වසර 20 ක් තිස්සේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතර, telecom networks, IT, smart devices සහ cloud services  යන අංශ හතරක් හරහා ව්‍යාපාර සහ ප්‍රජාව වෙත තාක්ෂණික විසඳුම් ලබා දීම සිදු කරයි. එසේම  දේශීය ටෙලිකොම් ක්‍රියාකරුවන්, රජය  සහ කර්මාන්ත පාරිභෝගිකයින් සමඟ පුළුල් හා සහයෝගයෙන් කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *