Latest News Sinhala

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා ලබා දීම ශක්තිමත් කිරීම සඳහා Study Group එක්සත් රාජධානියේ නිරෝධායන අරමුදලක් පිහිටුවයි

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා අවස්ථා පිරිනැමීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස  ප්‍රමුඛතම ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම් ආයතනයක් වන Study Group විසින් සැප්තැම්බර් මාසයේ සිට සිසුන්ට එක්සත් රාජධානියේ ඉගෙනීමට සහ රැකියා කිරීමට උපකාර කිරීම සඳහා නව නිරෝධායන ආධාරක අරමුදලක් හඳුන්වා දී තිබේ.

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට Study Group විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන හෝටල් වියදම් ආධාර කිරීම සිදු කෙරෙන අතර ඒ අනුව එක්සත් රාජධානියේ වර්තමාන සංචාරක “රතු ලැයිස්තුවේ” සිටින සුදුසුකම් ලත් සිසුන්ට පවුම් 1,000 ක් ලබා දෙනු ඇත. බොහෝ ශ්‍රී ලාංකික සිසුන් ඉදිරි සති කිහිපය තුළ විදේශ සංචාර සඳහා සැලසුම් සකස් කරමින් සුදානම් වන බැවින් 2021 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ආරම්භ වන වැඩසටහන සඳහා ලියාපදිංචි වූ  සිසුන්ට මෙම අරමුදල ලබා ගත හැකිය.

මේ අනුව Kingson University ISC, Teesside University ISC, Huddersfield ISC සහ Coventry University London ISC ඇතුළු Study Group හා සම්බන්ධ සියලුම එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන (ISC) යන්හී ඉගෙනීමට ඉල්ලුම් කරන සිසුන්ට එක්සත් රාජධානියේ නිරෝධායන ආධාරක අරමුදල ලබා ගත හැකිය.

Study Group හී ප්‍රධාන විධායක නිලධාරී එමා ලැන්කැස්ටර් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Study Group හී එක්සත් රාජධානියේ නිරෝධායන ආධාරක අරමුදල අපේ සිසුන් සමඟ කළ පර්යේෂණ වලට ප්‍රතිචාර වශයෙන් දියුණු කර තිබෙනවා. ඒයින් ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අවස්ථා සොයන සිසුන් තම අධ්‍යයන වැඩසටහන කල් දැමීමට වඩා නිරෝධායනය වී අඛණ්ඩව එම කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කර කිබෙනවා. එයට හේතුව නම් ඔවුන්ගේ අනාගත රැකියා අපේක්ෂාවන්ට සහාය වන ගෝලීය සහය ලබා ගැනීම සඳහා ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය  ලබා ගැනීම අවශ්‍යම කරුණක් වීමයි. නව නිරෝධායන ආධාරක අරමුදලක් ආරම්භ කිරීමෙන් එක්සත් රාජධානියේ නිරෝධායන අවශ්‍යතා සඳහා වන මූල්‍ය අවශ්‍යතා ලිහිල් වනවා. එමගින් දැනට එක්සත් රාජධානියේ සංචාරක “රතු ලැයිස්තුවේ” සිටින රටවල සිසුන්ට අප විසින් අතිරේක සහයක් ලබා දෙනු ලබනවා. එක්සත් රාජධානියේ සාර්ථකව අධ්‍යන කටයුතු සිදු කර උසස් අධ්‍යාපනය හා රැකියා මෙන්ම පශ්චාත් උපාධිය දක්වා ඔවුන්ගේ දියුණුවට පහසුකම් සැලසීම සඳහා Study Group සැලසුම් කර ඇති අතර  අප විසින් සිදු කරන පුළුල් රැකියා අවස්ථා පිරිනැමීම ද මෙම අරමුදල ශක්තිමත් කරවයි. Study Group වෙතින් රැකියා අවස්ථා පිරිනැමීමේදී සාර්ථකත්වය සඳහා සූදානම් වීම”, ”රැකියා සූදානම්සහ ‘Virtual සීමාවාසික පුහුණුව.’ යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරෙනවා .මෙම නවෝත්පාදන උපාය මාර්ගික මූලාරම්භයන් ස්ථාපිත කර ඇත්තේ සිසුන්ට එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වලට බාධාවකින් තොරව ඇතුළත් වීමටත් 21 වන සියවසේ රැකියා ස්ථාන තුළ දියුණුව සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන රැකියා හැකියාවන් ලබා දීමටත්ය.

●          සාර්ථකත්වය සඳහා සූදානම් වන්න: නිවසේ සිට විදෙස් අධ්‍යාපනය සඳහා ඵලදායී ලෙස මාරු වීමට භාෂාව, ජීවිතය සහ ඉගෙනීමේ කුසලතා ලබා ගැනීමට සිසුන්ට උපකාර වන online වැඩසටහනකි. මෙම වැඩසටහනේ සෘජු ප්‍රතිඵලයක් ලෙස පාඨමාලාවට ඇතුළත් වූ සිසුන්ගෙන් 82% ක් තම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රමාණවත් සූදානමක් ඇති බවක් පෙන්නුම් කරයි.

●          රැකියා සූදානම: මෙමගින් Study Group හී නොමිලේ රැකියා ලබා දීමේ සේවාව සමඟ, එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන විට වර්ධනය කරගත යුතු ප්‍රධාන කුසලතා වර්ධනය කර ගැනීමට සහ වටිනා වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමටත් ශ්‍රී ලාංකික සිසුන්ට ඉගෙන ගන්නා අතරම අවස්ථාව හිමිවේ.

●          Virtual  සීමාවාසික පුහුණුව: Study Group විසින්  ශ්‍රී ලංකාවේ සිසුන්ට රටවල් 70 අධික සහ කර්මාන්ත 40කට අධික සංඛ්‍යාවක් පිළිබඳව Virtual  සීමාවාසික පුහුණුව සිය හවුල්කාර සමාගම සමඟ හවුල් වී ලබා දෙයි. දහස් ගණන් සිසුන්ට වෘත්තීයමය වශයෙන් තම කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ලොව පුරා සමාගම් 4,000 කට අධික සංඛ්‍යාවක් සමඟ එක්ව දුරස්ථ සීමාවාසික පුහුණු ක්‍රමවේදයට අනුව මෙම  Virtual සීමාවාසික පුහුණුව ලබා දෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *