Latest News Sinhala

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා Huawei අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙළඳ සැපයුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමඟ පසුගියදා හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ  Wireless sharing සමඟ එන Huawei IdeaHub රාජ්‍ය අංශයට හදුන්වා දීම සඳහා ඔවුන් මෙලෙස හවුල්කාරීත්වයකට එළඹෙන ලදී.

ගරු වෙළඳ අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා නව හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද වන විට ලෝකය පුරාම  තාක්‍ෂණය අඛණ්ඩව වෙනස් වෙමින් පවතිනවා. අප අපගේ කාර්යාල වල, නිවෙස් තුල වැඩ කටයුතු සිදු කරන ආකාරයේ සිට සියලු දේ මෙම තාක්ෂණික වෙනස් වීම් වලට භාජනය වී තිබෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා හමුවේ රාජ්‍ය අංශයටද අන්තර්ජාල පහසුකම් යටතේ සිය රැස්වීම් පැවැත්වීම ආදී පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි නම් එය ඉතා වටිනවා. අප අපේක්ෂා කරනවා Huawei IdeaHub රාජ්‍ය අංශයේ එදිනෙදා ක්‍රියාවලියන් පහසුවෙන් හා ඉක්මනින් කරගෙන යාමට අත්වැලක් විය හැකි බව”

“රටේ පවතින නව තත්වය හේතුවෙන් කාර්යාල පරිසරය  තුල වේගයෙන් වෙනසට භාජනය වන ස්ථානයක් තමයි සම්මන්ත්‍රණ සහ ඉදිරිපත් කිරීම් පවත්වන අවකාශය.ඒ නිසා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය සමාගම්වල ද ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් තිබිය යුතු අතර ඒවා කාර්යාලීය කාර්යයන් වේගවත් කරන ආකාරයට  පරිවර්තනය කර ගත යුතුයි.” මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවවේ සභාපති යෝගා පෙරේරා මහතා පැවසීය.

ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරඟකාරී රටක් බවට පත්කිරීමේ උත්සහයේ ප්‍රථිපලයක් ලෙස රාජ්‍ය අංශයේ එදිනෙදා කටයුතු වේගවත් කිරීම සඳහා සම්බන්ධිත කාර්යාලවලට පහසුකම් සපයන රාජ්‍ය අංශයේ ආයතනවලට Huawei IdeaHub විසඳුම හඳුන්වා දෙන බවත්ය. එසේම මෙම නව හවුල්කාරිත්වය තුලින් රාජ්‍ය අංශය තුල තව තවත් ඩිජිටල් පරිවර්තනයන් ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.

සාමූහික හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Huaweiහි  ප්‍රධාන විධායක නිලධාරි ලියැං යී  මහතා මෙසේ පැවැසිය “අපි ඉතා සතුටට පත් වෙනවා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමඟ එක්ව Huawei IdeaHub රාජ්‍ය අංශය වෙත හදුන්වා දීමට ලැබීම සම්බන්ධව. නවීන, සම්බන්ධිත කාර්යාලයක මෙම තාක්ෂණය මගින් කණ්ඩායමකට ඕනෑම තැනක සිට පහසුවෙන් සිය කාර්යයන් වල යෙදීම සඳහා අවස්ථාව හිමි වනවා”. Huawei IdeaHub යනු කාර්යාලීය ප්‍රයෝජනයට අවශ්‍ය සියලුම අංග එකතැනකින් සපයන ස්මාර්ට් උපාංගයකි. එහි ultra-smart board තුල ඒකාබද්ධතා හැකියාවන් පහක් ඇතුලත් වෙයි. එය සතුව 4K camera, microphone array, Android system/Windows OPS සහ speaker system අන්තර්ගත වේ. ඒවා බිත්තියකට සවි කිරීමට හැකිය. ව්‍යවසාය හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති ප්‍රවර්ධන අවස්ථා සඳහා විවිධ ප්‍රදේශවලින් පාර්ශවයන් සම්බන්ධ වන අවස්ථා වලදී සහ දුරස්ථ පුහුණු අවස්ථා සඳහාද මෙය වැදගත් වේ.අධ්‍යාපන අවකාශය තුළ එය දුරස්ථ ඉගෙනුම් සඳහා ද භාවිතා කළ හැකිය. දුර බැහැර ප්‍රදේශවල සිටින දේශනවලට සහභාගී වීමට නොහැකි සිසුන්ට සජීවී වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට අවස්ථාවද මේ තුලින් සැලසේ. වෙනත් පළාතකින් හෝ රටකින් ආගන්තුක කථිකාචාර්යවරයකු සම්බන්ධ කර ගැනීමට ද එය භාවිතා කළ හැකිය. ඊට අමතරව, කණ්ඩායම් සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට ද එය භාවිතා කළ හැකිය. සෞඛ්‍ය සේවා අවකාශයේ දී, වෛද්‍ය ආයතනවලට දුරස්ථ රෝග විනිශ්චය වැනි ටෙලිමෙඩිසින්  අවස්ථා සඳහාද යොදා ගත හැකිය

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *