Latest News Sinhala

5GB , Huawei Mobile Cloud Storage එකක් නොමිළේ ලැබෙන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි:

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත.48MP High Resolution ප්‍රධාන කැමරාව විචිත්‍රවත් පැහැදිලි ඡායාරූප ග්‍රහණය කර ගන්නා අතර අනෙක් කාච තුනේ සංයෝජනය මඟින් පරිශීලකයින්ට අතිශය පුළුල් කෝණික, පැහැදිලි විශාලනය සහ අනන්‍ය ගැඹුර  මගින් දර්ශන ග්‍රහණය කර ගනී. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක .punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Y7a හි එක් පැත්තක ඇති  ඇඟිලි සලකුණු කියවනය සහිත බලගැන්ව්මේ බොත්තම පරිශීලකයින් හට නැවුම් අත්දැකීමක් ලබාදෙන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ ආරක්ෂාවද ඉහළ නැංවීමට සමත් විශේෂාංගයක් ලෙස හැදින්විය හැක.

මෙම Huawei Y7a මිලදී ගනු  ලබන පරිශීලකයින්ට ලැබෙන තවත් එක විශේෂ වාසියක් වන්නේ නොමිළේ ලැබෙන 5GB , Huawei Mobile Cloud Storage එකයි. Huawei Mobile Cloud Storage එක ලබාගැනීම සදහා Huawei ID එක register කරගැනීම අනිවාර්ය වේ. Huawei නවතම දුරකථනයක් ගත්විට  setup කරන පළමු අවස්ථාවේදීම Huawei ID එක register කිරීමේ suggestion එක දුරකථනය මගින්ම ලැබෙන අතර එලෙස Huawei ID එක register කරගැනීම සිදුකිරීම මගහැරුණු විට Huawei ස්මාර්ට් දුරකථනයේ settings වලට ගොස් Huawei ID එක register කරගැනීමේ හැකියාව හිමිවේ.

Huawei ID එක  register කරගත් පසු නොමිළේ Huawei Mobile Cloud Storage හි 5GB ධාරිතාවක් හිමිවන අතර පින්තූර ,  video සහ වැදගත් documents මෙම Huawei Mobile Cloud Storage හි සුරක්ෂිතව, කාර්යක්ෂමව හා පහසුවෙන් තැන්පත්කර තබාගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .

Huawei Mobile Cloud Storage හි , 5GB ධාරිතාව upgrade කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවන අතර 50 GB, 200 GB, සහ 2048 GB යන ඕනෑම ධාරිතාවක් සදහා upgrade කරගත හැක . මෙහිදී මාසික සහ වාර්ෂික ගෙවීම් ක්‍රම වේදයන් යටතේ මෙලෙස Huawei Mobile Cloud Storage  කරගත හැකි අතර වාර්ෂික ගෙවීම් ක්‍රමය යටතේ upgrade කරන්නන් හට විශේෂ තෑගි ලබාගැනීමේ හැකියාවද හිමිවේ . මෙම දිනුම් ඇදීම සීමිත කාලයක් සදහා වලංගු වන අතර Huawei Nova 7SE දුරකථනයක් , Huawei Watch Fit උපාංග පහක් සහ Huawei Band 6 හතරක් යන වටිනා ත්‍යාගයන් ජයග්‍රහකයින්ට හිමිවේ.

Huawei Y7a ස්මාර්ට් දුරකථනය 39,999 /-  මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *