Latest News Sinhala

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල සිව්වැනි වරටත් ශ්රී ලංකාවේ ආරම්භ වෙයි

 PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා ඔන්ලයින් ආකාරයට මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.  මෙහිදී මෙම සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට  Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property Awards (ශ්‍රී ලංකා) හි සභාපති ආචාර්ය නිර්මාල් ද සිල්වා,  PropertyGuru Asia Property Awards සහ Events හි කළමණාකාර අධ්‍යක්ෂ Jules Kay ඇතුලු  ප්‍රසිද්ධ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ නියෝජිතයින් සහ ක්ෂේත්‍ර ප්‍රවීණයින් සහභාගී විය.

2021 වසරේ මෙම සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට 1 ජනවාරි  2021 –  අයදුම්පත් නිකුත් කිරීම සහ බාරගැනීම ආරම්භය,  24 සැප්තැම්බර් 2021   – අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 27 සැප්තැම්බර් –8 ඔක්තෝම්බර් 2021 පරිශ්‍ර නිරීක්ෂණය , 11 ඔක්තෝම්බර් 2021– අවසාන විනිශ්චය , 09 දෙසැම්බර් 2021 – ශ්‍රී  ලංකාවේ ඔන්ලයින් ආකාරයට පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය , 09 දෙසැම්බර් 2021 – කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය වේ.

සිව්වැනි වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටත ම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි. AsiaPropertyAwards.com/nominations වෙබ් අඩවිය හරහා සැප්තැම්බර් 24වන දින දක්වා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘතය.

මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා  ප්‍රකාශ කර සිටියේ, දිනෙන් දින මෙම ක්ෂේත්‍රයේ තුළ සිදුවන නව ව්‍යාපෘති සහ වර්ධනය වන විකුණුම් සුභවාදී වර්ධනයක් සමඟින් අප නිවැරදි මාවතක ගමන් කරන බව මැනවින් පෙන්නුම් කරන බවයි. 

තවද, මෙම සාකච්ඡාවට සහභාගී වූ  Research Intelligence Unit (RIU) හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් මඩවල මහතා විසින්, කොවිඩ් අර්බුධය හමුවේ වූ දේශීය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. 

නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම නියෝජනය කරන,  HLB Sri Lanka, මෙවර සම්මාන උළෙලේ නිල අධීක්ෂක වශයෙන් කටයුතු කළ අතරනිහාල් හෙට්ටිආරච්චි සහ සමාගමේ කළමනාකරණ හවුල්කරු සහ  RNH සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර  දිනුක් හෙට්ටිආරච්චි මහතාද සිව්වැනි PropertyGuru Asia Property සම්මාන උළෙල සඳහා, ජාත්‍යන්තර ජාතික ගිණුම්කරණය සහ උපදේශනය ආයතනය වෙනුවෙන් සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

මෙම සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳව මෙන්ම දේශීය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සාකච්චා කිරීම සඳහා, Maga Engineering සමාගම නියෝජනය කරමින් එහි මූල්‍ය හා සැලසුම්කරණ අධ්‍යක්ෂ මේග කුලරත්න මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්විය.

මෙම සම්මාන උළෙලේ මූලික වටය සඳහා සුදුසුකම් ලබන නාමයෝජකයින්  Best Sustainable Developer, Best Breakthrough Developer, Best Lifestyle Developer, Best Commercial Developer, Best Hospitality Developer, Best Industrial Developer, සහ  Best Mixed-Use Developer වැනි විවිධ තරඟකාරී කාණ්ඩ ගණනාවක් හරහා තරඟ කිරීමට නියමිතය. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්‍යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ. මෙහිදී මාලදිවයින තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සහ මාලේ නගරය තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සඳහා සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. 

මෙම සම්මාන උළෙලේ අවසන් සම්මාන ප්‍රධානෝත්සවය දෙසැම්බර් 09 වන දින ඔන්ලයින් ආකාරයට පැවැත්වීමට නියමිතය.  එම උළෙල AsiaPropertyAwards.com/tv-podcast සහ AsiaPropertyAwards නිල  Facebook, LinkedIn, Twitter සහ YouTube ගිණුම් හරහා නැරඹිය හැකිය.  තවද සම්මාන ප්‍රධානෝත්සවයේ වැදගත් අවස්ථා නිල රූපවාහිනී හවුල්කරු වන History Channel හරහාද නැරඹිය හැකිය. 

සම්මාන ලබා ගන්න ශ්‍රී ලාංකීය තරඟකරුවන්ට ගෝලීය තලයට සිය නිර්මාණ රැගෙන යාමේ අවස්ථාව හිමිකර දෙමින් 16 වැනි PropertyGuru Asia කලාපීය සම්මාන උළෙලේ තරඟ කිරීමටද අවස්ථාව හිමිවේ. නිර්මාණ සඳහා “Best in Asia” නාමය ලබා දෙන අතර, මෙහි අවසන් සම්මාන ප්‍රධානය ඔන්ලයින් ක්‍රමයට දෙසැම්බර් 09 වැනිදා පැවැත්වීමට නියමිතය. 

2015 වසරේ ආරම්භ වූ  PropertyGuru Asia Property සම්මාන උළෙල කලාපීය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ වඩාත් වැදගත්ම සම්මාන උළෙලක් ලෙස නම් දරා ඇත.  ඔවුන් විසින් 2020 වසරේ ප්‍රථම වරට සංවිධානය කෙරුණු ඔන්ලයින් සම්මාන ප්‍රධානෝත්සවය රටවල් 75516,000 කට අධික පිරිසක් නරඹා ඇත.  14 වැනි PropertyGuru සම්මාන උළෙලේදී වන් ට්‍රාන්ස්වර්ක් සමාගමේ සුවිසල් නිර්මාණයක් වන, “The One”, Best Mixed Use Development (Asia) සම්මානයට පාත්‍ර විය.

සියලුම PropertyGuru Asia Property සම්මාන ප්‍රධානොත්සවය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව සංවිධානය කරයි. 

 සිව්වැනි PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ, නිල cable TV හවුල්කරු ලෙස History Channel ,

PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස දනිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE,  නිල charity partner ලෙස Right To Play,  නිල ESG සහකරු ලෙස Baan Dek Foundation; supporting association Ceylon Institute of Builders; සහ නිල අධීක්ෂණ සහකරු ලෙස HLB Sri Lanka ක්‍රියාත්මක වනු ඇත. 

 වැඩිදුර විස්තර [email protected] වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.

–END–

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *