Latest News Sinhala

තාක්ෂණයේ නව මානයන් විවර කරන Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro

SMART Life සංකල්පය යටතේ නිකුත්වන Huawei තාක්ෂණයේ නව මානයන් විවර කරන අතර මෙම Huawei උපාංග එකිනෙක සම්බන්ධ කරමින්  ඵලදායී  කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි. Huawei Nova 7i, FreeBuds 4i සහ  Watch GT2 Pro යනු පාර්භෝගික සිත්ගත් විශේෂ ඉල්ලුමක් සහිත උපාංග වන අතර ඒවායේ සුවිශේෂත්වය සහ එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව විශ්මිත වේ. 

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ. 

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.

අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙන Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.    තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් හැකියාව ලැබේ.

Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless  earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි පවතින්නා වූ විශේෂත්වය නිසාම මෙය වෙළද පොළේ ඉතා ඉහල ඉල්ලුමක් ලබාගනු ඇති බව නොරහසකි.

HUAWEI FreeBuds 4i මයික්‍රෝෆෝනය හරහා  ambient noise හඳුනාගෙන ප්‍රතිලෝම ශබ්ද තරංගයක් ජනනය කිරීම මගින් එම ශබ්දයන් අවම කරයි. ශබ්දය අවලංගු කිරීමේ ඇල්ගොරිතම මඟින් කාර්යබහුල වෙළඳ සංකීර්ණයක්,ඝෝෂාකාරී පොදු ප්‍රවාහන මාධ්‍යයක්, දුම්රිය ස්ථානයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ඝෝෂාකාරී ස්ථානයකදී ඉතා පැහැදිලි දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදේ . මීට අමතරව ඔබ සංගීතය ශ්‍රවණය කිරීමට ප්‍රිය කෙනෙකු නම් ඕනෑම කලබල කාරී අවස්ථාවක කිසිදු බාහිර ශබ්දයක බලපෑමකින් තොරව නිදහසේ තව සංගීතයට සවන්දීමේ හැකියාව  Active Noise cancellation(ANC) විශේෂාංගය  හරහා හිමි වේ .

HUAWEI FreeBuds 4i හි  Awareness Mode මාදිලිය ද අන්තර්ගත වන අතර එමඟින් පරිශීලකයන්ට earbuds ඉවත් නොකර වටපිටාවේ ශබ්දය ඇසීමට ඉඩ සලසා දේ. Earbuds එක press කර එය එක දිගට hold කර සිටීමෙන් , HUAWEI FreeBuds 4iහි  Awareness Mode and Active Noise Cancellation Mode හරහා ස්වයංක්‍රීයව මාරුවීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .ඇමතුම් අතරතුර පරිසරයේ ශබ්දයන් නිසා ඇතිවන ඝෝෂාකාරිත්වය අවම කිරීම සඳහා, HUAWEI FreeBuds 4i හි three anti-interference තාක්ෂනය භාවිතාකර ඇති අතර මෙමගින් ඇමතුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කර දෙනු ලැබේ . සුවිශේෂී beamforming  තාක්ෂණය මයික්‍රොෆෝනයට පරිශීලකයාගේ කටහඩ  නිවැරදිව තෝරා ගැනීමට ඉඩ සලසන අතර ද්විත්ව මයික් පද්ධතිය හා slit-duct නිමාව හේතුවෙන් එළිමහන් සුළං ශබ්දය  අඩු කරනු ලැබේ. AI noise reduction තාක්ෂණයද භාවිතාකර ඇති නිසා තවදුරටත් අමතර ශබ්දයන් මගින් වන බාධාකිරීම් නවතා ගැනීමේ හැකියාව HUAWEI FreeBuds 4i සතුව ඇත.

ඕනෑම earbuds මාදිළියක වැදගත් විශේෂාංගයක් ලෙස බැටරි ආයු කාලය සැලකිය හැකිය . HUAWEI FreeBuds 4i විශාල, ඉහළ ශක්තියකින් යුතු  බැටරියකින් සමන්විත compact frame නිසා මෙම  HUAWEI FreeBuds 4i උපාංගය දිගු බැටරි ආයු කාලයක් සහිත  විශිෂ්ඨ උපාංගයක් බවට පත් කරයි.

Active Noise cancellation(ANC) විශේෂාංගය අක්‍රිය කර ඇති විට, HUAWEI FreeBuds 4i පැය 10 ක අඛණ්ඩ සංගීත සවන්දීමක්  හෝ පැය 6.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . charging case සමඟ එක්ව, එය පැය 22 ක සංගීත සවන්දීමක් හෝ පැය 14 ක හ voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ. Active Noise cancellation(ANC) සක්‍රිය කර ඇත්නම්, එයට පැය 7.5 ක අඛණ්ඩ සංගීත සවන්දීමක් සහ පැය 5.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . තවද,  මෙම උපාංගයන් අතර ප්‍රමුඛතම Charging තාක්‍ෂණය සහිත HUAWEI FreeBuds 4i මිනිත්තු 10 ක ආරෝපණයකින් පැය 4 ක ශ්‍රව්‍ය කාලයක් ලබා දෙයි. HUAWEI FreeBuds 4i සතු මෙම විශේෂ හැකියාව නිසා නිවසින් පිටතට පැමිණි  විට නොනවතින සංගීතමය රසාස්වාදයක් ලබාගැනීමට පරිශීලකයට අවස්ථාව හිමිවේ .

ඕවලාකාර හැඩැති,සිත්ගන්නා සුලු මනා නිමාවකින් යුතු HUAWEI FreeBuds 4i  සෙරමික් වයිට්(Ceramic White) සහ කාබන් ක්‍රිස්ටල් බ්ලැක්(Carbon Crystal Black) සමඟ රතු (Refreshing Red) යන වර්ණ තුනෙන් ලබාගත හැකිය .

 HUAWEI FreeBuds 4i හි Charging Case එක සැලසුම් කර ඇත්තේ පරිශීලකයාගේ අත්ලේ ප්‍රමාණයට සරිලන සේය, ඉතා විශාල හෝ කුඩා නොවන මෙම නිමැවුම, ඔබේ අතේ ගෙන යා හැකි පරිපූර්ණ ප්‍රමාණයේ උපාංගයක් වේ. HUAWEI FreeBuds 4i හි eadbuds වල හැඩය විශේෂ පරීක්ෂණ කිහිපයක ප්‍රථිපලයක් ලෙස දැක්විය හැකි අතර කණට ගැලපෙන සුවිශේෂී හැඩයකින් නිමවා ඇත .මෙහි භාවිතා කර ඇති උසස් තාක්ෂණය නිසා  ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දී පැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දීමට HUAWEI FreeBuds 4i සමත් වේ.

HUAWEI FreeBuds 4i හි එක් earbuds එකක දිග මිලිමීටර් 10 වන අතර මෙහි හැඩය සහ ප්‍රමාණය නිසා  සුළං ශබ්දය අඩු කිරීමේ හැකියාව මෙයට හිමි වේ.බොහෝ පරිශීලකයින්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැලපෙන සමබර ශ්‍රව්‍ය අත්දැකීමක් ලබාදීමට සුදුසු ලෙස ඉහළ තාක්ෂණයන්ගේ HUAWEI FreeBuds 4i නිමවා තිබීම ප්‍රසංසනිය කරුණකි.

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.   සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.  

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත ව්ශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro සිය නව ගොල්ෆ් මාදිලිය මගින් පුද්ගලික ගොල්ෆ් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් golf ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ  swing posture ,swing speed, frequency වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ලබා ගන්නා අතරම පරිශීලකයන්ට එම ඉරියව්ව විශ්ලේෂණය කරමින් දුර්වල හා සාර්ථක හැකියාවන් පිළිබද නිගමනයන් ලබාදේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Golf Pro බවට පත්වීමට අවශ්‍ය සහය ඔබට ලබාදේ.

AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් GT2 ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි.  Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි. Huawei Watch GT2 Pro හි GPS විශේෂාංගය ගමන් මාර්ගය ඉතා නිවැරදිව සටහන් කරන අතර නැවත එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය විට ඒ සදහා අවශ්‍ය සහය ලබාදේ.

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් ඡායාරූප ගැනීමද මෙමගින් පාලනය කල හැක .

Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී. Huawei Nova 7i ස්මාර්ට් දුරකථනය රු. 52,999/-, Huawei FreeBuds 4i  රු. 20,999/- මිළකට, හා Huawei Watch GT2 Pro රු 57,999/- මිලකට මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමි වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *