Latest News Sinhala

2021 HUAWEI කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව සාර්ථකව අවසන් වේ

HUAWEI විසින් සංවිධානය කරන ලද කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව (HWD) මෑතකදී සාර්ථකව අවසන් වූ අතර,  එහිදී  විවිධ ක්‍ෂේත්‍ර සහ විවිධ වෘත්තීන්හි කාන්තාවන් එක්වී තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කළ හැකි ආකාර පිළිබඳ සාකච්චා සිදු කරන ලදී. එහිදී, විශේෂයෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ  කැපී පෙනෙන කාන්තා නියෝජිතයින් විසින් ඔවුන් සතු තාක්ෂණික දැනුම සහ ක්ෂේත්‍ර ප්‍රවීණතා අන් අය සමඟ බෙදා හදා ගැනීම සිදු කරන ලද්දේ, තවත් කාන්තාවන් හට තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ක්‍රියාශීලි ලෙස දායක වීමට අවශ්‍ය සහයෝගය සහ ධෛර්‍ය ලබා දෙමිනි. 

මෙම සමුළුවේ ප්‍රධාන සංවිධායකයින් වන Huawei හි කාන්තා සංවර්ධකයින් විසින්, ලොව මවිතයට පත් කරන යෙදවුම්  සහ විවිධ තාක්ෂණික උපකරණ නවෝත්පාදනය සිදු කිරීම හරහා තාක්ෂණික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කිරීමට, කාන්තාවන්ට අවශ්‍ය සම්පත්, මගපෙන්වීම හා අවස්ථා ලබා දීම සිදු කරන ලදී.

 කාන්තාවන්ට විද්‍යාව හා තාක්‍ෂණය ක්ෂේත්‍රය තුළ වෘත්තීමය අවස්ථා රැසක් තිබේ. මෙම තාක්ෂණිකමය අවස්ථා ග්‍රහණය කර ගනිමින් ඩිජිටල් පරතරය අවම කිරීමට, Huawei කැපවී ක්‍රියා කරයි.  දැනටමත් Huawei, අයර්ලන්තය, ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කෙන්යාව, දකුණු අප්‍රිකාව ඇතුළු කලාප කිහිපයක රටවල් තුළ  කාන්තාවන්,  ඩිජිටල් තාක්ෂණ තුළින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් Huawei Consumer Cloud Service Developer Alliance හි මෙහෙයුම් අධ්‍යක්ෂිකා මෙලෙස පවසා සිටියාය.  “කාන්තාවන්ට ඔවුන්ගේ හැකියාවන්, සාරධර්ම සහ ශක්තීන් සමඟින් තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා වැඩි දායකත්වයක් සැපයිය හැකියි. එම නිසා, HWD විසින් අඛණ්ඩව තාක්‍ෂණික ක්ෂේත්‍රයේ කාන්තාවන්ට වැඩි අවස්ථාවන් සහ සහාය ලබා දෙනු ඇතයි කිව හැකියි”. Ladies Who Tech හි සම නිර්මාතෘ Tang Wenjie ද මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ තාක්ෂණය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බවත්,  සෑම දෙනාම එකට එක්ව ක්ෂේත්‍ර වර්ධනය උදෙසා ක්‍රියා කල යුතු බවත්ය.  

Huawei හි අරමුණ වන්නේ වැඩි වැඩියෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාක්‍ෂණික කටයුතුවලට සහභාගී කරවීම සහ ඔවුන්ගේම ශක්තින් තුළින් වඩාත් දියුණු ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමයි.  නැන්ජින් විශ්ව විද්‍යාලයේ GIS උපාධිධාරිනියක වන Chen Tianxin විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ සිය සංවර්ධන අත්දැකීම් බෙදාහදා ගනිමින් මෙහිදී පවසා සිටියේ කාන්තාවන් හට තාක්ෂණික ක්ෂේත්‍රය තුළ අවස්ථාවන් රැසක් පවතින බවත්,  කාන්තා සහභාගීත්වය තව දුරටත් ක්ෂේත්‍ර වර්ධනය සඳහා අවශ්‍ය වන බවත්ය. 

ඉදිරියේදී HWD විසින් කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා වූ  වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට සම්පත් රැසක ආයෝජන සිදු කිරීමට නියමිතයි. 

වැඩි දුර විස්තර සඳහා https://developer.huawei.com/consumer/eshen/programs/hwd වෙත පිවිසෙන්න

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *