Latest News Sinhala

Vivo 5G ස්මාර්ට් ජංගම දුරකථන සුපිරි NIGHT CAMERA සමඟ ළඟදීම නිකුත් වේ.

නව ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී සෑම පරිභෝගිකයෙකුම සුපරික්ෂාකාරී වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එම දුරකථනයේ නව්‍ය කැමරාවකින් සමන්විතව ඇද්ද යන්නයි. එහිදී මේ වන විට දුරකථන කැමරාව තාක්ෂණික වශයෙන් වෘත්තීය DSLR කැමරාවක් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් ආසන්න මට්ටමකට පැමිණ ඇත. එහිදී ඉතිරිව ඇති එකම අභියෝගය වන්නේ අඩු ආලෝක තත්ත්වයන් තුළ ඡායාරූපකරණය සිදු කිරීමය. ඡායාරූපකරණයේ වැදගත්ම අංගය ආලෝකය වන අතර සෑම පරිශීලකයෙක්ම මෙම ගැටලුවට මුහුණ දී තිබේ. රූපයක ගුණාත්මකභාවය හා පැහැදිලිකම රඳා පවතින්නේ පරිසරයේ ආලෝකය ලබා ගැනීම මතය.  මෙම තත්ත්වය යටතේ රාත්‍රි කාලයේදී පැහැදිලි ඡායාරූප ලබා ගැනීම ගැටලු සහගත වේ. නවතම ස්මාර්ට් ජංගම දුරකථන මගින් low light photography විශේෂාංග ලබා දුන්නද, එමගින් බොහෝ විට හොඳම ප්‍රතිඵල නොලැබේ.

ඔබ රාත්‍රියේදී නර්ථන සාදයක්, නගර දර්ශනයක් ඡායා රූප ගත කිරීමට යාමේදී අදුරු බව වැඩි නිසා අපහසුතාවයට පත්වූ අකාරය සිතන්න. බොහෝ අඩු ආලෝක තත්ත්වයන් තුළදී ඡායා රූප වල  oversaturate හා  overexpose තත්ත්වයන ඇතිවීම හේතුවෙන් අස්වාභාවික පෙනුමක් ඇති වේ. මෙලෙස අපගේ ස්මාර්ට්ෆෝන් කැමරා සංවේදකවලට අඳුරු ආලෝකකරණයක් යටතේ රූපය සැකසීමට නොහැකි වීම නිසා බොහෝ දෙනෙකුට වටිනා මතක සටහන් රැසක් මග හැරේ. මේ පිළිබඳව අවංකව සිතා බැලීමේදී ඔබට පරිපුර්ණ ඡායා රුපයක් ලබා ගැනීමට ඡායා රූප කිහිපයක්ම ගැනීමට සිදු වේ.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo පාරිභෝගිකයින් සඳහා අත්‍යවශ්‍ය සැබෑ අවශ්‍යතාවයන් ඉතා සමීපව අධ්‍යයනය කර ඇති අතර පාරිභෝගිකයින්ගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා නවෝත්පාදනයන් සහිත නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දෙයි. vivo ස්මාර්ට් ජංගම දුරකථන පෙළෙහි V series මාලාව සෑම වසරකම පාරිභෝගිකයින්ගේ අද්විතීය හා පුළුල්වන අවශ්‍යතා සපුරාලමින් ක්ෂේත්‍රයේ මිණුම් සලකුණු නිර්මාණය කරයි. විශේෂයෙන්ම එමගින් selfie රසිකයන් සහ ඡායාරූප ශිල්පීන්ට නව්‍ය විලාසිතා එක්කරයි.

vivo වෙතින් කෙරෙන අනාවරණයන් අනුව මේ වන විට ඔවුන්  V21 මාලාව එළිදැක්වීමට සූදානම් වන අතර එය රාත්‍රී ඡායාරූපකරණයේ බාධාවන් ඉවත් කර ගැනීම සඳහා best-in-class night camera වලින් සමන්විත බව වාර්ථා වේ. ඉදිරිපස selfie කැමරාවේ ක්‍රියාකාරිත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, vivo V21 මාලාව වඩාත් ගුණාත්මක night selfie effects සහිතව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. conceptualize, innovate, සහ design යන අංශ ත්‍රිත්වයෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින් V21 ශ්‍රේණිය අඩු ආලෝක පරිසරයක පවා දීප්තිමත්, පැහැදිලි සහ ස්ථාවර ඡායා රූප ලබා දීම සඳහා ඉහළ මට්ටමේ අංග ගෙන එනු ඇත.

රාත්‍රී ඡායාරූපකරණයේ වැදගත්ම අංගය වන්නේ නිවැරදි ආලෝකයේ සමතුලිතතාවය සහ පැහැදිලි තොරතුරු ලබා දීමයි. එහිදී vivo විසින් ඡායාරූප ස්ථායීකරණයේ සමතුලිතතාවය සහ රාත්‍රී ඡායාරූපකරණයේ බාධා ජයගැනීම සඳහා සුදුසු ආලෝක ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම V21 ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මඟින් පරිශීලකයාට අඩු ආලෝකයේ දී  ඇතිවන සියළුම අභියෝගයන් ඉවත් කර ගනීමින් හොඳම ඡායාරූප ලබා ගැනීමටත් හැකි වේ. V21 5G හි ගුණාත්මකභාවය කැමරාවට බාධාවකින් තොරව අඩු ආලෝක තත්ත්වයන් තුළ පැහැදිලිභාවය වැඩි කළ හැකි අතර රාත්‍රියේදී ලබා ගන්නා ඡායාරූප වඩාත් පැහැදිලිව හා දීප්තිමත් වේ. vivo හි මෙම විප්ලවීය නව්‍යකරණය පරිශීලකයින් මෙතරම් කාලයක් තිස්සේ මුහුණ දී ඇති ගැටලු විසඳීමට උපකාරී වනු ඇත. අතීතයේ දී, දුරකථනයකින් අඩු ආලෝකයේ ඡායාරූප ගැනීම යනු අඩු හා නොපැහැදිලි ඡායාරූප ගැනීමක් බවට පත් වුවත් මෙමගින් එය තව දුරටත් ගැටළුවක් නොවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ 5G වෙළඳපලෙහි නොවැළැක්විය හැකි දියුණුව මෙන්ම 5G සඳහා පාරිභෝගිකයින්ගේ ඇති උනන්දුව අඛණ්ඩව ඉහළ යාම පිළිබඳව vivo නිරීක්ෂණය කර ඇත. එබැවින් 5G හැකියාවන්ගෙන් සමන්විතව V21 ස්මාර්ට් ජංගම දුරකථනය SA සහ NSA යන දෙයාකාරයෙන්ම 5G සඳහා සහය ක්‍රියාකාරිත්වයකින් යුතුව නිකුත් වීමට නියමිතය. අනාගතයට ඔරොත්තු දෙන ස්මාර්ට් ජංගම දුරකථනයක් ඉල්ලා සිටින පරිශීලකයින් සඳහා නිර්මාණය කර ඇති වඩාත් සුමට, වඩා කාර්යක්ෂම හා වඩා බලවත් සබඳතා අත්දැකීමක් ලබා දීම සඳහා vivo හිමිකාරිත්වය දරන 5G antenna technology ද මෙම ස්මාර්ට් ජංගම දුරකථනයෙහි අන්තර්ගතය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *