Latest News Sinhala

Work from home (WFH) සහ Learn From Home (LFH) පහසු කරවන Huawei Tablet මාදිලින් පෙළ

බොහෝ කාර්යාලයන් මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වන Huawei විසින් මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින්  සරිලන Tablet මාදිලින් පෙළක් හදුන්වා දී ඇත. මෙම tablet  මාදිලින් මේ වනවිටත් ඉහළ ඉල්ලුමක් ලබා ඇති  අතර  වෙළදපොළ තුල බොහෝදෙනා කතාවන මාතෘකාවක් බවටද පත්වී ඇත .ටැබ්ලට් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම නිසාත් තමන්ට සුදුසුම Tablet මාදිලිය කුමක්දැයි දැනගැනීමේ උවමනාව බොහෝදෙනා තුල පවතී. Huawei MatePad Pro ,Huawei MatePad ,Huawei MatePad T10s සහ  Huawei MatePad T8 යනු huawei පවතින ඉතා ඉහල ඉල්ලුමක් සහිත tablet මාදිලින් වේ.

Huawei Matepad Pro යනු huawei  හි premium කාණ්ඩයේ tablet මාදියයි. මෙහි display එක ඉතා විශේෂ වන අතර 10.8- අඟල් Huawei Full View display එකකින් මෙය සමන්විත අතර  90% screen-to-body අනුපාතයක් පවතී.මෙහි විශාල තිරය නිසා පහසුමෙන් කාර්යාලිය document භාවිතයට සහ online රැස්වීම් පැවැත්වීමට අවකාශ හිමිවේ. මෙම display එකේ ඇති විශේෂත්වය නිසා online ඉගෙනීම් කටයුතු සදහා පහසු වන අතර අධ්‍යාපනික වීඩියෝ සහ online classes නැරඹීම සදහා ඉතා සුදුසු වේ.

Huawei MatePad Pro ස්මාර්ට් චුම්බක යතුරු පුවරුවකින් (smart magnetic keyboard) සමන්විත වන අතර එය ටැබ්ලටයට සම්බන්ධ කර හැකි අතර ඔබ ලැප්ටොප් පරිගණකයක ලෙසද භාවිතා කිරීමේ විශේෂ හැකියාව පරිශීලකයාට හිමිවේ . මෙම බහුකාර්ය විකල්පය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී ඇති අතර මඟින් ඔබට පහසුවෙන්  ලේඛන සංස්කරණය කිරීමට ඉඩ සලසයි. තවද, ඉතා දිගු document type කිරීමත් මෙමගින් පහසු කරයි. පරිශීලකයාට එහි laptop සහ tablet modes අතර පහසුවෙන් මාරු විය හැකි අතර නම්‍යශීලී ඩෙස්ක්ටොප් මාදිලිය  පරිගණකයක හැගීම ලබාදෙන අතර  මෙන් වෙනම ලැප්ටොප් එකක අවශ්‍යතාවය නැතිකරයි. E -Book කියවීම, අන්තර්ජාලයේ සැරිසැරීම, වීඩියෝ නිබන්ධන නැරඹීම, වීඩියෝ සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ අරමුණු සඳහා Huawei Matepad Pro ඉතා සුදුසු වේ.

මෙම Huawei Tablet එක  බරින්  ඉතා  සැහැල්ලු වන අතර 460 g වැනි ඉතා සැහැල්ලු බර නිසා අපහසුවකින් තොරව අතේ රැගෙන යා හැකි වේ. මනා නිමාවකින් සහ ආකර්ශනීය පෙනුමක් ගන්නා HUAWEI MatePad Pro invisible antenna design තාක්ෂණය නිසා සුමට පිරිපුන් නිමාවක් ගෙනදේ. මෙම tablet screen එක ඉතා සවිමත් ලෙස  micro-curve frame පෙනුමකින් නිමවා ඇති අතර මෙමගින් tablet එක රැගෙන යන විට ඇතිවන අනවශ්‍ය ලිස්සා යෑම් අවම කරමින් කල් පැවැත්ම වැඩි කරයි.

Huawei MatePad Pro, Kirin 990 flagship කාණ්ඩයේ chip set එකක් මගින් බලගැන්වී ඇති අතර එම නිසා ඉහළ කාර්ය සාධනයක් සහ කාර්යක්ෂමතාවකින් යුතුව මෙම tablet එක ක්‍රියාත්මක වේ . GPU-Turbo තාක්‍ෂණයෙන් වැඩි දියුණු කර ඇති 16-Core Mali-G76 GPU නිසා ඉහළ තත්වයකින් යුතු  දර්ශන ලබාදේ . එය චිත්‍රපට සහ online video නැරඹීම්  සදහා ඉතා යෝග්‍ය වේ .Huawei MatePad Pro හි Huawei Share (Multi-Screen Collaboration) තාක්ෂණය පවතින අතර එමඟින් පරිශීලකයාට වැඩ කිරීමේදී හෝ ඉගෙනීමේදී උපරිම කාර්යක්ෂමතාවක්  ලබා ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනය බාධාවකින් තොරව එක් click කිරීමක් මගින් සම්බන්ධ කිරීමට ඉඩ සලසයි.

13MP පසුපස කැමරාවකින් සහ 8MP  ඉදිරිපස කැමරාවකින්  Huawei MatePad Pro සමන්විත අතර online meeting වලදී ඉතා පැහැදිලි දර්ශන ලබාදීමට මෙය ඉවහල් වේ . Huawei MatePad Pro 15W රැහැන් රහිත(Wireless) Charging පහසුකමකින් යුක්ත වන අතර එහි 7250mAh විශාල බැටරිය පැය 12 ක් දක්වා අඛණ්ඩව භාවිතා කිරීමේ හැකියාව ලබාදේ .

Huawei MatePad Pro හි M-Pencil එකක් අන්තර්ගත අතර   HUAWEI M-Pencil භාවිතා කර  සටහන් ගැනීම හෝ සිතුවම් ඇඳීම, විවිධ වර්ණ භාවිතය , චිත්‍රා කලාවේදී ඉතා ගැඹුරු රූප දුෂ්‍යමාන කිරිමටත්  වඩාත් පහසු ලෙස කාර්යාලීය සහ අධ්‍යාපන කටයුතු සදහා භාවිතා කිරීමේ හැකියාව පවතී.

Huawei Matepad යනු Huawei විසින් හඳුන්වාදුන් තවත් එක් ඉහල ඉල්ලුමක් සහිත tablet එකකි. මනා නිමාවකින් යුත් මෙම tablet එක සිත් ගන්නාසුලු matte පෙනුමකින් යුක්ත වේ.අඟල් 10.4 ක තිරයක් සහිත Huawei MatePad විශාල screen එක නිසා  අන්තර්ජාලයේ සැරිසැරීම, ලේඛන සංස්කරණය කිරීම, වීඩියෝ නැරඹීමට මෙන්ම online meeting සහ online පන්ති සදහා ද ඉතා සුදුසු වේ.  7250mAh විශාල බැටරියක් සමඟ එන Huawei MatePad පරිශීලකයාට කිසිදු බාධාවකින් තොරව දිගු කාලයක් කාර්යයන් කරගෙන යාමට හැකියාව ලබාදෙන අතර Huawei Share පහසුකම අන්තර්ගත වන නිසා කිසිදු අපහසුතාවකින් තොරව එක් click කිරීමක් මගින් ස්මාර්ට් දුරකථනයේ ඇති පින්තූර , documents  සහ විශේෂ audio ද tablet එක වෙත ගැනීමටත් tabletය මගින් දුරකථන තිරය හැසිරවීමටත් හැකියාව ලැබේ .

Huawei Matepad හි ඇති තවත් එක් විශේෂ වාසියක් වන්නේ E -Book සදහා ඇති විශේෂ mode එකයි . මෙමගින් කිසිදු අපහසුතාවයක් ඇසට නොදැනී ඉතා දිගු වේලාවක් තිරය දෙස බලා සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. TÜV Rheinland Low Blue Light Certified display තාක්ෂණය නිසා ඇසට අහිතකර නිල් කිරණයන්ගෙන් ඔබ ආරක්ෂා කරවයි. ශබ්දය අතින් ගත්කලද Huawei Matapad ඉතා ඉහළ තත්වයක පවතී .Quad-speaker and quad-channel sound system ඉතා ඉහළ ශබ්දයක් ලබාදීමේ හැකියාව මෙම tablet එක සතු අතර movie theatre හෝ  concert hall එකක් හැගීමක් පරිශීලකයට ලබා දීමේ හැකියාව මෙය සතුය. Kirin 810  , 7nm processor එකක් මගින් බලගැන්වී ඇති Huawei MatePad tablet එක ඉහළ කාර්ය සාධනයක් සහ කාර්යක්ෂමතාවකින් යුතුව මෙම  ක්‍රියාත්මක වේ . GPU-Turbo තාක්ෂණයෙන් වැඩි දියුණු කර ඇති Mali-G52 GPU  මගින්  ඉහළ තත්වයකින් යුතු  දර්ශන ලබාදේ .

Huawei MatePad T10s යනු Huawei ClariVu ™ තාක්‍ෂණයෙන් බලගැන්වූ අඟල් 10.1 පූර්ණ HD තිරයක් සහිත වඩාත් පැහැදිලි හා විචිත්‍රවත් රූප නිපදවන tablet එකකි . E-Books කියවීමේ සිට අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, presentations සහ ලේඛන සංස්කරණය කිරීම යනාදී ක්‍රියාකාරකම් සදහා මෙම පුළුල් තිරය ඉතා රුකුලක් වන බව පරිශීලක අදහසයි. Huawei Matepad T10s යනු  නිවසේ රැඳී සිටිමින් කාර්යාලීය කාර්යයන් හෝ ඉගෙනුම් කටයුතු කරන බොහෝ දෙනාගේ පළමු තේරීම බවට පත්ව ඇති අතර කිසිදු slow වීමකින් තොරව ඉතා කාර්යක්ෂමව මෙම tablet එක භාවිතා කල හැකි බව ඔවුන්ගේ අදහසයි මෙම tablet එකෙහි තවත් එක විශේෂතාවයක් වන්නේ dual window mode පහසුකමයි , මෙමගින් එකවර windows දෙකක් open කරගනිමින් ඉතා කාර්යන්ෂම ලෙස වැඩ කරගැනීමේ හැකියාව පවතී . උදාහරණයක් ලෙස ගත්කල ඊ-පොතක් කියවන අතරතුර නිශ්චිත යෙදුමක් හෝ අර්ථ දැක්වීමක් සඳහා ඔබගේ දෙවන window එක තුල අන්තර්ජාලයට පිවිසෙමින් එක වර එම යෙදුමේ අර්ථය පිරික්සීමේ හැකියාව පවතී .

Huawei MatePad T10s පරිශීලකයින්ට ඉහළ විනෝදාස්වාදයක් ලබාදෙන අතර  ද්විත්ව ස්පීකර් පද්ධතිය නිසා අතිවිශිෂ්ට ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දෙයි. Harman Kardon තාක්‍ෂණය මගින් සුසර කර ඇති ද්විත්ව speaker එක ඔබ සංගීතයට සවන් දෙන විට හෝ ඔබේ ප්‍රියතම චිත්‍රපට නරඹන අවස්ථාවන්හි ඉහළ තත්වයකින් යුතුව පුර්ණ වින්දනීය අත්දැකීමක් ලබාදේ.

චිත්‍රපටි නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම සහ E-Books කියවීම සඳහා පරිපූර්ණ සහයකයකු  වීමට අවශ්‍ය සෑම සුදුසුකමක්ම Huawei MatePad T10s සපුරයි. අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සහ වැඩි වෙලාවක් අන්තර්ජාලය භාවිතා කරන්නන්ට වඩාත් සුදුසු වන ලෙස  TÜV Rheinland මගින් සහතික කරන ලද අක්ෂි ආරක්ෂණ (Eye protection ) තාක්‍ෂණයකින් බලගැන්වී ඇත. Huawei MatePad T10s  ඉහළ වෙලාවක්  භාවිතාකලද ඇසට කිසිදු අපහසුතාවයකින්   ඇති නොවන අතර ඉහළ මට්ටමේ අක්ෂි සුවපහසුවක් (Eye Comfort ) ලබාදේ . මෙමගින් බාධාවකින් තොරව රැකියා කටයුතු සහ චිත්‍රපට නරබිමේ හැකියාවද හිමිවේ. MatePad T10s ආවේණික  E-Book mode සමඟ එන බැවින් පරිශීලකයින්ගේ අන්තර්ජාලීය කියවීමේ අත්දැකීම වඩාත් ප්‍රියජනක කරවයි. විශේෂයෙන්ම නිවසේ සිට අධ්‍යාපනික කටයුතු කරනු ලබන ළමුන්ටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ද  පැය ගණනාවක් වුවත් පහසුවෙන් තිරය දෙස බලා සිටීමේ හැකියාව හිමිකර දේ.

Huawei MatePad T10s ඉතා ප්‍රයෝජනවත් පසුපස සහ ඉදිරිපස කැමරාවලින් සමන්විත අතර ක්ෂණික ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. F2.2  aperture සහිත 5MP පසුපස කැමරාව සහ f2.4  aperture සහිත 2MP ඉදිරිපස කැමරාව කුමන තත්වයක් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමිකරදේ.. Huawei MatePad T10s හි 5100mAh දැවැන්ත බැටරියකින් සමන්විත අතර දවස පුරා අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගත හැකිය.

Huawei tablet අතරින්  මාදිලියන්ට වඩා අඩු මිලකට ලබාගත හැකි tablet එකක් ලෙස Huawei MatePad T8 හදුන්වාදිය හැක . මෙය අඟල් 8 ක විශාල තිරයකින් සමන්විත වීම නිසා  වීඩියෝවක් නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, ලේඛන සංස්කරණය කිරීම සහ තවත් බොහෝ දේ ඉතා පහසුවෙන් කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. එය 2GB RAM සහ 32GB ROM ධාරිතාවකින් යුක්ත වීම නිසා වේගවත් හා සුමට කාර්ය සාධනයක් පරිශීලකයාට ලබාදේ.  මෙහි වඩාත් විශේෂත්වයක් ලෙස Kids Mode හදුන්වාදිය හැකි අතර සුරක්ෂිතව තම දරුවන් වෙත  tablet එක ලබාදීමේ හැකියාව දෙමව්පියන්ට හිමිවේ. සියල්ලටම වඩා දැරිය හැකි මිලකට, අන්තර්ජාල පන්තිවලට සහභාගී විය හැකි වන ලෙසත් කාර්යාල වැඩකටයුතු සදහා භාවිතා කළහැකි ලෙසත් නිපදවා තිබේ .

Huawei MatePad Pro රු. 159,999/- මිළකටද, Huawei MatePad රු. 74,199/- මිළකටද Huawei MatePad T10s රු 48,999/- මිළකට සහ Huawei MatePad T8 රු. 28,999/- මිළකට , සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර  , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *