Latest News Sinhala

VIVO, නැවතත් 2021 IPL තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙයි.

නව්‍ය ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, 2021 ඉන්දිය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා නැවතත් අනුග්‍රාහකත්වය ලබා දෙයි. පසුගිය වසරේ තරඟාවලියට ලැබුණු විවේකයෙන් අනතුරුව පෙර පරිදිම vivo මෙවර IPL තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට සුදානමින් සිටී. මේ හරහා vivo සිය ගනුදෙනුකරුවන්ට සන්නාමය හා බැඳුනු අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබා දීමට කැපවී සිටින බවට සාක්ෂි ලබා දෙයි.

vivo ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙවරද vivo ලබා දෙන අනුග්‍රාහකත්වය පිළිබඳව මෙසේ අදහස්න් දැක්වීය “IPL  තරඟාවලිය ඉන්දියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවෙත් ඉතා ජනප්‍රිය තරඟාවලියක්. මෙම තරඟාවලිය සඳහා vivo ලබාදෙන අනුග්‍රාහකත්වය නැවත වරක් ලබා දීමට හැකි වීම පිළිබඳව අප ඉමහත් සතුටට පත්වනවා. තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් සන්නාමයක් ලෙස vivo සිය පාරිභෝගිකයන් කේන්ද්‍රකරගත් සේවා සැපයීමට කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. IPL තරඟාවලිය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වැඩි ආකර්ශනයක් දිනාගත් තරඟාවලියක් වන අතර වසර ගණනාවක් තිස්සේ තරඟාවලිය සඳහා vivo හී හවුල්කාරීත්වය පාරිභෝගිකයින් සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ ඔවුන්ට ප්‍රීතිය ගෙන දීමට ඉවහල් වී තිබෙනවා.”

vivo සන්නාමය තාක්‍ෂණික දියුණුව හා පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ප්‍රමුඛයා බවට වී ඇත. 2020 වර්ෂය කර්මාන්තය සඳහා දුෂ්කර කාල වකවානුවක් වුවද vivo සිය කඩිනම් ව්‍යාපාරික උපාය මාර්ගයෙන් හරහා වෙළඳපොල වේගය ඉහළ නංවා ගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. එහිදී GFK වාර්තාවට අනුව, vivo ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ 27% ක කොටසක් හිමි කර ගෙන ඇති අතර පසුගිය වසරේදී සමස්ථ ක්ෂේත්‍රයම 17% කින් අවප්‍රමාණය වුවත්, vivo 10% ක වාර්ෂික වර්ධනයක් සනිටුහන්කර ඇත.

මෙහිදී vivo සිය නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට සහ විවිධ මිල ගණන් යටතේ උපාංග දියත් කිරීමට සුවිශේෂී සැලසුම් සකස් කර ඇත. මෙම වසරේ උසස්ම නිමැවුම් දියත් කරමින් ඉහළ පෙළේ නිෂ්පාදන ශක්තිමත් කිරීම vivo හි අරමුණයි. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා උසස්ම තත්ත්වයේ නවෝත්පාදනයන් හඳුන්වාදීම කෙරෙහි ද ඔවුන් තවදුරටත් අවධානය යොමු කරනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *