Latest News Sinhala

මෙඩිහෙල්ප් හොරණ රෝහලෙන් දැන් නවීනතම වෛද්‍ය රසායනාගාර පහසුකම්.

1985 වසරේ දී හොරණ කේන්ද්‍ර කර ගනිමින් එක් වෛද්‍ය රසායනගාරයකින් ආරම්භ කෙරුණු මේඩිහෙල්ප් රෝහල් ජාලය වසර 36ක දීර්ඝ සේවා කාලයක් තුළ මුළු රටේම ඉහළ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස සාර්ථක දියුණුවක් අත් කර ගෙන ඇත. එසේම දශක තුනහමාරක දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව අතර නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ විශාල විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇත.

මෙඩිහෙල්ප් රෝහල් ජාලය මේ වන විට පූර්ණ ස්වයංක්‍රීය රසායනාගාර 10 ක් සහ සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 180 කට අධික ශාඛා ජාලයකින් පුළුල් වී ඇත. එමගින් නිවැරදි, ගුණාත්මක රෝග විනිශ්චය සේවාවන් පහසු  මිලකට ලබා ගත හැකිය. මෙඩිහෙල්ප්, උසස් හා දියුණු පහසුකම්වලින් සපිරි රෝහලක් සහ බාහිර රෝගී මධ්‍යස්ථාන 12කින් සමන්විත රෝහල් ජාලයක් පවත්වාගෙන යන අතර එහි නවතම ශාඛාව ජනවාරී මාසයේදී හෝමාගමදී විවෘත විය.

මෙඩිහෙල්ප් රෝහල් ජාලය කළුතර දිස්ත්‍රික්කය තුළ ISO 9001:2015 ප්‍රමිති සහතික ලත් ප්‍රථම රසායනාගාරයට හිමි ගෞරවය දිනාගෙන සිටින අතර වෛද්‍ය රසායනාගාර සඳහා වන ISO 15189:2012 ප්‍රමිතිය ලබා ගැනීම මෙඩිහෙල්ප් හී අරමුණයි. ඊට සමගාමීව, නවීන පහසුකම්වලින් සමන්විත වර්ග අඩි 4000ට අධික නවීකරණය කරන ලද නව ගොඩනැගිල්ලක මෙඩිහෙල්ප් නවීන පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපනය කර ඇත. මෙය රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ රාශියකට සරිලන අති නවීන පර්යේෂණ උපකරණවලින් සමන්විතය. ඒ අනුව මෙම නව්‍ය පහසුකම් හරහා දිනකට පරීක්ෂණ 5000 කට අධික ධාරිතාවක්  සිදු කිරීමට පහසුකම් ඇති අතර එමගින් ප්‍රදේශයේ සහ සමස්ථයක් ලෙස රටේම සෞඛ්‍ය සේවා කර්මාන්තයටම ඉමහත් දායකත්වයක් ලබා දේ.

මෙම නවීන පහසුකම් පිළිබඳව මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ  නිර්මාතෘ සහ රසායනාගාර අධ්‍යක්‍ෂක සුනන්දා විජේසිරිවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “මෙම රසායනාගාරය මගින් මුළු කලුතර දිස්ත්‍රික්කය සඳහාම වූ නවීන වෛද්‍ය රසායනාගාර පහසුකම් අවශ්‍යතා සපුරාලීම අපගේ අරමුණයි. මීට අමතරව, මෙම පහසුකම අපගේ රසායනාගාර 10 ක ජාලය සඳහා ප්‍රධාන රසායනාගාරය ලෙස ද ක්‍රියා කරනු ඇත. අපගේ පාරිභෝගිකයින් කේන්ද්‍රීය කරගත් සේවා සැපයුම තුළින් දැරිය හැකි මිලකට, සේවා ලබා ගැනීමට ඇති පහසුව ලඟා කර දීම සහ සේවාවන්හි සහතික කළ ගුණාත්මකභාවය ඉදිරියටත් සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වෙනවා”

මෙඩිහෙල්ප් හි නවීකරණය කරන ලද වෛද්‍ය රසායනාගාරය මගින් සේවා ලබා ගැනීමට එක්වන පාරිභෝගිකයින් පිරිස ඉහළ යමින් තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දැනට සිදු කෙරෙන පරික්ෂණ මෙන්ම තවත් විශේෂිත පරීක්ෂණ එක් කරමින් දැරිය හැකි මිලකට, සේවා ලබා දීම මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අරමුණ වී ඇත. නවීකරණය කරන ලද නවීන පහසුකම්වලින් යුතු හොරණ රසායනාගාරය මගින් මෙඩිහෙල්ප් යටතේ ඇති අනෙකුත් රසායනාගාර අධීක්ෂණය කෙරෙන අතර ස්ථාවර තත්ත්ව පාලන පිළිවෙත් තුළින් සිය රසායනාගාර ජාලයේ සියලුම රසායනාගාර පරිෂණවල නිරවද්‍යතාව හා  සහතික කළ ගුණාත්මකභාවය ඉහළ නංවනු ලැබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *