Latest News Sinhala

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය සපුරාලීම සඳහා සොෆ්ට්ලොජික් IT සහ SLTC අත්වැල් බැඳගනී

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ  තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් තාක්ෂණික ආයතනයෙහි හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා විසින්  මෙලෙස පවසා සිටියි.  “අපේ රටේ අනාගතය වන විශ්ව විද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සිහිනය යථාර්තයක් බවට පත් කිරීමට SLTC හා ඇතිකර ගත් මෙම හවුල්කාරීත්වය ඉවහල් වේ.  මෙම ව්‍යපෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විවිධ තාක්ෂණික පරතරයන් අවම කිරීමට මූලාරම්භයක්ද සපයන අතරම   සමාජීය සුභ සාධනය වෙනුවෙන් කැපවූනු සමාගමක් ලෙසද, ශ්‍රී ලාංකේය සිසුන්ගේ අධ්‍යාපන සිහින ළඟා කරගැනීම උදෙසා දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව අපද විශාල සතුටකට හිමිකම් කියයි.”

ඩිජිටල්කරණයත් සමඟ ලොව පුරා විශ්වවිද්‍යාලන්හි ඉගෙනුම් ක්‍රමවේදයන් හයිබ්‍රිඩ් ඉගෙනුම් ආකෘති වෙත හුවමාරු වෙමින් පවතින අතර සිසුන්ගේ පහසුව අනුව සාම්ප්‍රදායික ඉගෙනුම් අත්දැකීම් වලින් බැහැරව, සම්ප්‍රදායික දේශන සඳහා මෙන්ම ඔන්ලයින් දේශන සඳහා සිසුන් සහභාගී වන ද්විත්ව ඉගෙනුම් ක්‍රමවේදයක් වර්තමානයේ දක්නට ලැබෙනු ඇත. මෙම ප්‍රවණතාවයන් සඳහා සාර්ථකව මුහුණ දීමට සිසුන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට Softlogic IT හා SLTC හවුල්කාරීත්වය ඉවහල් වනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් SLTC හි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී වන  රංජිත් ජී රූබසිංහ මහතා විසින්  මෙලෙස පවසා සිටියි. “අප විශ්වවිද්‍යාලයේ පළමු වසර සඳහා ඇතුළත් වන සිසුන්ගේ ලැප්ටොප් පරිගණක අවශ්‍යතා හඳුනා ගනිමින්, සෑම සිසුවකුටම නවතම ලැප්ටොප් පරිගණකයක් හිමිකර දෙමින්, ඔවුන්ගේ තාක්ෂණික අවශ්‍යතා සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සොෆ්ට්ලොජික් හා එක්ව ක්‍රියා කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත්,   සහනදායී මිලකට වටිනා ලැප්ටොප් පරිගණකයක හිමිකරුවකු වීමට දැන් සිසුන්ට අවස්ථාව හිමිවී ඇති බවත්, ඔන්ලයින් ක්‍රමවේදයන් හරහා ඉගෙනුම් කටයුතු වැඩි වශයෙන් සිදු වන මෙවන් වකවානුවක මෙම ව්‍යාපෘතිය මහඟු පිටුවහලක් වන බව නියතයි.  සොෆ්ට්ලොජික් IT විසින් දැයේ දරුවන්ගේ අනාගතය ගොඩ නැංවීම උදෙසා සිදුකරන මෙවැනි දායකත්වයන් අප අගය කළ යුතුයි.”

  ……………………….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන සේවා සැපයුම්කරුවෙකු ලෙස නම් දරා ඇති, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයක් වන SLTC,  තාක්‍ෂණය, ඉංජිනේරු, ව්‍යාපාර, පරිගණක හා තොරතුරු තාක්ෂණ, සෞන්දර්ය, වෘත්තීය අධ්‍යයනය සහ පශ්චාත් උපාධි අධ්‍යයනයන් සඳහා නම් දරා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයතනික අභාෂයකින් යුත්, පර්යේෂණ පදනම් කරගත්, නේවාසික විශ්ව විද්‍යාලයක් වන SLTC, උසස් අධ්‍යාපනයට හිතකර පරිසරයක් සපයන විද්‍යාගාර, අධ්‍යයන අවකාශ ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විත වේ. නවෝත්පාදන පරම්පරාවක් ගොඩනැගීමේ ඉලක්කය ඇතිව, SLTC විසින්  කර්මාන්ත ප්‍රමිතීන්ට සමගාමීව උසස් තත්ත්වයේ අධ්‍යාපනයන් ලබා දීම සඳහා අති නවීන ඉගැන්වීම් ක්‍රමවේදයන් භාවිත කරයි. 

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් මේ වන විට  ශ්‍රී ලංකාවේ ප්‍රධානතම  තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු බවට පත් වී ඇත. වසර ගණනාවක් පුරා වෙළඳ පොළ තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීම හේතුවෙන් සොෆ්ට්ලොජික් IT සම්මානයෙන් පිදුම් ලබා ඇති අතරම, ශ්‍රී ලංකාවට ගෝලීය තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සොෆ්ට්ලොජික් IT ක්‍රියා කරයි.  පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් විවිධ නිෂ්පාදන රැසක් සොෆ්ට්ලොජික් විසින් ඉදිරිපත් කර ඇති අතර, එම සියලුම විසඳුම්,  දිවයින පුරා විසිර තිබෙන සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර සහ  වෙළඳ නියෝජිතයින් හරහා දිගු කාලීන වගකීම් කාලයක් ද සමගින්ම මිලදී ගැනීමට හැකිවීම විශේෂයකි.   

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *