Latest News Sinhala

Dell Partner Business Conference හීදී සිංගර් හට සුවිශේෂී සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක සහ උපාංග සැපයුම්කරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, බෙදාහැරීම් කාණ්ඩය යටතේ වාණිජ හා පාරිභෝගික යන අංශ දෙකෙහිම හොඳම කාර්යසාධනය වාර්තා කරමින් සිංගර් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. 

මෙම සම්මාන ප්‍රධානෝත්සවය මාර්ගගත ක්‍රමයට Dell කලාපීය කාර්යාලයේ පැවැත්වුණු නිල උත්සවයකදී සිදු කෙරුණු අතර,  ඒ සඳහා නැගී එන වෙළඳ පොළ සඳහා Dell ටෙක්නොලජීස්හි උප සභාපති අනෝතායි වෙත්තයකෝන්, ජ්‍යෙෂ්ඨ නාලිකා අධ්‍යක්ෂ චී වෙයි චුයි, නාලිකා අධ්‍යක්ෂ ක්‍රිස් පාපා සහභාගී විය. 

මෙම සම්මාන ද්විත්වය ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ සිංගර් විසින් භාවිත කරන ලද නවෝත්පාදනය මූලික කරගත් අලෙවි උපාය මාර්ගයන්,  දිවයින පුරා විසිරුණු අලෙවි ජාලයන් හා  අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවයි. මෙවර වාණිජ බෙදාහැරීම් අංශයේ ඉහළම කාර්ය සාධනය වාර්තා කරමින් සිංගර් හට සම්මානය හිමිව ඇත්තේ, දිවයින පුරා විසිරුණු  පුළුල් වෙළඳ ජාලය හරහා වාණිජ නිෂ්පාදන අලෙවිය තුළ සිදුකරන ලද ඉහළ වර්ධනය හේතුවෙන්ය. 

සිංගර් ශ්‍රී ලංකා සහ  Dell අතර සබඳතාව 2004 වසරේ ආරම්භ වූ අතර ඉතා කෙටි කාලයක් තුළ  Dell සන්නාමය ශ්‍රී ලංකාවේ ඉහළටම ඔසවා තබන්නට සිංගර්හි අලෙවි ක්‍රියාකාරීත්වය  හේතු වී තිබේ.

Dell Partner Business Conference FY22 යනු වාර්ෂිකව පැවැත්වෙන, හවුල්කරුවන් අගයමින් පැවැත්වෙන සම්මාන උළෙලකි.  පසුගිය වසරේද Partner awards හීදී ද  සිංගර් හට සම්මාන හිමි විය.

Dell සන්නාමයේ ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය කරමින් සිංගර් 2020 වර්ෂයේදී සැළකිය යුතු වෙළඳ පොළ වර්ධනයක්ද ළඟා කරගන්නා ලදි.  වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් නිවසේ සිට වැඩ කිරීමටත්, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරු වීමත් සමඟ ඇතිවූ පාරිභෝගික ඉල්ලුම මෙම වෙළඳ පොළ වර්ධනයට ඉවහල් විය. 

මෙම සම්මාන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්,  සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පවසා සිටියි. “Dell Partner Business Conference” හිදී වාණිජ සහ පාරිභෝගික අංශ ද්විත්වය නියෝජනය කරමින් සිංගර් හට සම්මාන හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳ මා සතුටට පත් වනවා. මෙම සම්මාන ජයග්‍රහණය නිසැකයෙන්ම Dell නිෂ්පාදන පාරිභෝගිකයා වෙත රැගෙන යාමට සිංගර් සියලුම සේවක මණ්ඩලය තුළ පවතින කැපවීම සහ අධිෂ්ඨානයේ ප්‍රතිඵල ලෙස මා දකිනවා.  Dell හා අපට පවතින්නේ  දිගුකාලීන සම්බන්ධතාවයක් වගේම, දේශීය වෙළඳ පොළ තුළ Dell  නිෂ්පාදන බෙදාහැරීමේ ප්‍රමුඛයින් ලෙස සිංගර් නම් දරා තිබෙනවා. දිවයින පුරා විසිරුණු සියලුම සිංගර් ප්‍රදර්ශනාගාර හරහා ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, පරිගණක උපාංග ඇතුළු බොහෝ නිෂ්පාදන රැසක් දිවයින පුරා විසිරුණු සිංගර් බෙදාහැරීම් ජාලය, සිංගර් මෙගා සහ ප්‍රදර්ශනාගාර, singer.lk වෙබි අඩවිය ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව දැන් පරිභෝගිකයින්ට හිමි වනවා. 

ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්ත්වයේ සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන සිටියි. අලෙවිසැල් 432 කට අධික සංඛ්‍යාවක්, වේගවත්, නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ලබා දෙන www.singer.lk වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තරව පිළිගත් කීර්තිමත් වෙළඳ නාම 50 කට වැඩි ප්‍රමාණයක විහිදුණු,  600කට අධික විද්‍යුත් උපකරණ, 1200 කට අධික ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සුවිශේෂී වට්ටම් යටතේ  මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *