Latest News Sinhala

කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා හේමාස් කන්සියුමර් සමඟින් WNPS සහයෝගීතාවයක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS)  සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 

මෙම ව්‍යාපෘතිය හරහා හේමාස් විසින් WNPS සමඟ වසර තුනක කාලයක් සඳහා තෝරාගත් බිම් ප්‍රමාණයක කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය දංකොටුව හේමාස් නිෂ්පාදන පරිශ්‍රය ආසන්නයේ පිහිටා තිබීමද සුවිශේෂී වේ. 

මෙම ව්‍යාපෘතිය හරහා, කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා වූ පරිපූර්ණ ප්‍රවේශයක ආධාරයෙන්, ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන, හොඳින් පෝෂණය වී වර්ධනය වන අවස්ථාව දක්වා දැඩි අධීක්ෂණයකට ලක් කරයි.  මෙහිදී අනාගත පරම්පරාවන් සඳහා මෙන්ම අවට ප්‍රජාවන් අතර කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීමට හේමාස් දංකොටුව නිෂ්පාදනාගාරය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.  කඩොලාන සංරක්ෂණය පිළිබඳ ප්‍රාදේශීය ප්‍රජාවන් දැනුවත් කිරීමට හේමාස් කණ්ඩායම විසින් WNPS හා එක්ව දැනුවත් කිරීමේ සැසිද පැවැත්වීමටද කටයුතු යොදා ඇත. 

පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරවලින් 50% කට වඩා විනාශ වූ පසුබිමක මෙවන් දිගුකාලීන ව්‍යාපෘති ඉතා වැදගත් කොට සැලකිය හැකිය. තවද, මෙම ව්‍යාපෘතියේ තවත් එක් සුවිශේෂීතාවයක් ලෙස ව්‍යාපෘති අරමුදල්වලින් කොටසක් විද්‍යාත්මක අධ්‍යයන සහ පාරිසරික පද්ධතිය විශ්ලේෂණය කිරීම සඳහා යොමුකර තිබීම හැඳින්විය හැකිය. 

කඩොලාන යනු විවිධත්වයකින් යුක්ත ස්වාභාවික සම්පතක් වන අතර, සාගර හා භෞමික පරිසර පද්ධති අතර සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා කඩොලාන පරිසර පද්ධති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. භෞමික සත්ව විශේෂ රැසක් සඳහා වාසස්ථාන සපයන කඩොලාන වනාන්තර පරිසරයේ සමබරතාවය රැක ගනිමින්, කුණාටු, සුනාමි, ගංවතුර වැනි විවිධ ස්වභාවික විපත් හමුවේ මිනිසා ආරක්ෂා කිරීමටද දායකත්වය සපයයි.  කඩොලාන පරිසරය සෞන්දර්ය ආරක්ෂා කරනවා මෙන්ම මහජනතාවට විශාල සේවයක් සපයන බව අමතක නොකළ යුතුය. ඒ අතර වෙරළ සංරක්ෂණය ප්‍රමුඛත්වයෙහිලා සැළකිය හැකිය. ආර්ථිකමය වශයෙන් ගත් කළ මෙරට සංචාරක කර්මාන්තයට හා කිවුල්දිය ධීවර කර්මාන්තයට නව රැකියා අවස්ථා ජනනය කරන්නට මෙම කඩොලාන පරිසර පද්ධතිය උපකාර කර ගැනීමට හැකියාව ඇත.

අති විශාල පාරිසරික හා ආර්ථික වටිනාකමක් තිබුණද, මේ වන විට වාණිජ, කාර්මික හා නිවාස අවශ්‍යතා සඳහා කඩොලාන වනාන්තර විශාල ලෙස විනාශයට ලක්වෙමින් පැවතීම ඉතා අභාග්‍ය සම්පන්න ක්‍රියාවලියකි. විශේෂයෙන්ම කාර්මික නගර සංවර්ධනය,  නාගරීකරණය, සංචාරක නිකේතන වැනි දෑ සංවර්ධනය කිරීම තුළ මිනිසා විසින් සිදුකරන විවිධ නොසැලකිලිමත් ක්‍රියා මේ සඳහා ප්‍රධාන හේතු ලෙස හැඳින්විය හැකිය. 

ආනවිළුන්දාව තෙත්බිම හෙක්ටයාර 1,397 ක් පුරා විහිදී ඇති අතර, එය තෙත්බිම් පිළිබදව ජාත්‍යන්තර රම්සා සම්මුතිය මඟින් නම් කරන ලද තෙත්බිම් හයෙන් එකකි. පක්ෂි විශේෂ, මත්ස්‍ය විශේෂ හා සතුන් සිය ගණනක් සඳහා අභයභූමියක් වන ආනවිළුන්දාව පරිසර පද්ධතිය වර්තමානයේ බොහෝ දුරට ගම්වැසියන්ට ජීවනෝපායක් උපයා ගැනීමටද ඉවහල් වී ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ හේමාස් කන්සියුමර් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා මුණසිංහ මහත්මිය මෙලෙස පවසා සිටියි.  මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අපට නැතිවී යන ආනවිළුන්දාව තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ අපට ඉතා සතුටට පත් වනවා. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් ක්‍රියා කරන  සමාගමක් ලෙස හේමාස් සැමවිටම සොබාදහම හා සම්බන්ධ සංරක්ෂණ කටයුතුවල පෙරමුණ ගෙන සිටිනවා. මෙවැනිම ආකාරයේ ව්‍යාපෘති රැසක්  සඳහා ඉදිරියේදී අඛණ්ඩව අරමුදල් සපයමින් සහාය ලබා දීමට අප ක්‍රියා කරනවා. දේශීය සමාගමක් ලෙස පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපෘති දියත් කිරීම, ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමට පියවර ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අප සමාගමක් ලෙස කැපවී ක්‍රියා කරනවා. විශේෂයෙන්ම හේමාස් හි බේබි ෂෙරමි සහ කුමාරිකා සන්නාමයන් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ විවිධ ව්‍යාපෘතීන් තුළ ඉහළ කාර්ය භාරයක් ඉටු කරනවා මෙන්ම, මෙම ව්‍යාපෘතිය සඳහා ද ඔවුන් ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ක්‍රියා කරනවා.”

මෙහිදී අදහස් දක්වමින් WNPS හි සමුද්‍ර කමිටු සභාපති ග්‍රැහැම් මාෂල්  මහතා මෙලෙස පවසා සිටියි. 

සමස්ත භූමි ප්‍රමාණයෙන් 0.32% ක් වන ශ්‍රී ලංකාවේ කඩොලාන ආවරණය තවදුරටත් තර්ජනයට ලක්ව ඇති බව මෑතකදී නිරීක්ෂණය වුණා.  මෙම ව්‍යාපෘතිය සඳහා හේමාස් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වනවා වගේම,  මෙම වටිනා පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ඔවුන් දක්වන කැපවීම අපි සැබවින්ම අගය කරනවා.  මෙම විශේෂ ව්‍යාපෘතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අතර, වයඹ විශ්ව විද්‍යාලයේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක වනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස්කරුවකු වීම පිළිබඳ WNPS හි සමුද්‍ර උප කමිටුව ලෙස අප අතිශයින් සතුටට පත් වනවා” 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *