Latest News Sinhala

CNCI Achiever Awards 2020 හිදී ඕෂන් ලංකා හට ජාතික තලයේ කුසලතා සම්මානයක්

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී  Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත.  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා වූ අතර, එහිදී Ocean Lanka සමාගම නියෝජනය කරමින් මෙම සම්මානය එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙලෙස පවසා සිටියි.  “කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ජාතික සම්මානයෙන් පිදුම් ලබන මෙවන් සම්මාන ප්‍රධානෝත්සවයකදී, Extra Large කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට හැකිවීම ඉතා සතුටට කරුණක්. ඒ  වගේම මෙය ඉතා විශාල ජයග්‍රහණයක්.  මෙම සම්මාන තුළින් අප සමාගමේ ශක්තිමත් ආයතනික සංස්කෘතිය මැනවින් පිළිබිඹු කරනවා මෙන්ම, ඉහළ විනිවිදභාවයකින්, ශක්තිමත් සන්නිවේදන ජාලයකින්, ඉහල විශ්වාසයකින් සහ එකිනෙකා කෙරෙහි වූ ගරුත්වය තුලින් ඉදිරියට ඇදෙන අප සමාගමේ ශක්තිය ගම්‍ය කිරීමට මෙම සම්මාන ජයග්‍රහණයන්ට හැකි වෙනවා. මෙම සම්මානය ජයග්‍රහණය පිටුපස සිටින්නේ අපේ සියලුම කාර්ය මණ්ඩලය. ඔවුනට මෙහි පුර්ණ ගෞරවය මා පුද කිරීමට කැමතියි.”

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් ඇගයීමට ලක් කරමින් ලබා දුන් මෙම සම්මානය ජයග්‍රහණය කිරීම තුළින් ඕෂන් ලංකා හි ශුද්ධ පිරිවැටුම, කර්මාන්ත අගය එකතු කිරීම්, ඉහල ඵලදායීතාවය, යහපත් කාර්මික සබඳතා සහ සේවක සුභසාධනය, පර්යේෂණ හා සංවර්ධනය, තත්ත්ව සහතික, ආයතනික සමාජ වගකීම් සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව යන අංශයන්හි කැපී පෙනෙන කාර්යසාධනයන් සහතික කර සිටියි. 

CNCI ඉදිරිපත් කරන මෙම විශේෂ සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වෙන අතර, එය දිවයිනේ ඉහළම පිළිගැනීමක් ඇති කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් අගයන ජාතික තලයේ සම්මාන උළෙලකි. 

ඡායාරූප විස්තරය

CNCI  ජාතික කුසලතා සම්මානය සමඟ ඕෂන් ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා ඇතුළු කළමනාකරණ කණ්ඩායම

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *