Latest News Sinhala

ඩීමෝ සමඟින් HNB අතර පැවති හවුල්කාරීත්වය තව දුරටත් පුළුල් කරමින් DIMO CERTIFIED pre-owned රථ වාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට  ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ.

එම හවුල්කාරීත්වයේ තවත් එක් අදියරක් පසු කරමින්  DIMO CERTIFIED  පෙර භාවිත කල  (pre-owned) රථ වාහන මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ගනුදෙනුකරුවන්ට, ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලීසිං පහසුකම් ලබා ගැනීමට ඩීමෝ -HNB එක්ව අවස්ථාව සලසා දී ඇත.

DIMO CERTIFIED  පෙර භාවිත කළ Mercedes-Benz,  Jeep මෙන්ම වෙනත් යුරෝපීය රථ වාහන සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ හරහා සියලුම ගනුදෙනුකරුවන්ට කිසිඳු බාධාවකින් තොරව සුඛෝපභෝගී රථයක හිමිකරුවකු වීමට අවස්ථාව හිමි වේ. 

අවම මාසික වාරික සහ වඩාත් නම්‍යශීලි ගෙවීම් ක්‍රම මඟින් සමන්විත වුණු මෙම ලීසිං පහසුකම් මගින් අවම පොලී අනුපාතිකයක් යටතේ, වසර පහක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්ද හිමි වේ.  තවද, DIMO CERTIFIED  pre-owned රථ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන HNB ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී මිල ගණන් යටතේ සිය රථ වාහන සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව හිමි කර දෙන්නේ සුවිශේෂී දීමනාද සමඟිනි. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ Mercedes-Benz සහ  Jeep අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි.  නවෝත්පාදන සහ විවිධ හවුල්කාරීත්වයන් තුළින් පාරිභෝගිකයින් හට උසස්ම සේවාවක් ලබා දීම සඳහා අප සමාගමක් ලෙස කැප වෙමින් ක්‍රියා කරනවා.  අප නිරතුරුවම උත්සහ කරනුයේ පාරිභෝගිකයා කේන්ද්‍රීය කරගනිමින් ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සඳහා කඩිනමින්ම පිළිතුරු සැපයීමට අවශ්‍ය සේවා ලබා දීම කෙරෙහියි.  මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන HNB හා නැවතත් අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අපට සතුටට කරුණක්. මෙම හවුල්කාරීත්වය තුළින් DIMO CERTIFIED  pre-owned රථ වාහන මාදිලි මිලදී ගැනීමේදී  ඉතා ආකර්ෂණීය ලීසිං පැකේජ රැසක වාසි භුක්ති විඳීමට අප පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා.  අධික කාලයක් පුරාවට ඩීමෝ සමඟින් HNB පවත්වාගෙන ගිය හවුල්කාරීත්වය හේතුවෙන් ඩීමෝ පාරිභෝගිකයින්ට සිය රථ වාහන සිහිනය සැබෑවක් කරගැනීමට අවස්ථාව අප ලබා දුන්නා”. 

විවිධ ව්‍යාපාර සහ ක්ෂේත්‍ර වල වර්ධනය උදෙසා  අඛණ්ඩ සහයෝගය දැක්වූ බැංකුවක් ලෙස HNB ප්‍රචලිත වේ.  මෙම සුවිශේෂී ලීසිං පහසුකම් කිසිඳු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සඳහා දීපව්‍යාප්ත HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සූදානම් වී සිටියි.

මෙහිදී අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා මෙලෙස පවසා සිටියි. “අපගේ විශ්වාසදායී පාරිභෝගිකයින්ට අසමසම වට්ටම් සහ විවිධාකාරයේ විශේෂ ප‍්‍රතිලාභ ඔස්සේ ප්‍රසිද්ධ සන්නාම රැසක රථවාහන වෙළඳ පොළේ අවම මිලට  හිමිකර ගැනීමේ අවස්ථාව මෙම හවුල්කාරීත්වය හරහා හිමි වනවා.  අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි නම්‍යශීලී හා නව්‍ය ලීසීං විසඳුම්, සහනදායී පොලි අනුපාත, සුවිශේෂී රක්ෂණ විසඳුම්, මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින් අපට ලබා දිය හැකි වනවා සේම, මේ තුළින් අප පාරිභෝගිකයින්ගේ රථ වාහන සිහිනය සැබෑ කර ගැනීමට අප අත්වැලක් සපයනවා. 

දශක අටක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙකු වන ඩීමෝ, ඔවුන්ගේ අසමසම සේවා සහ පාරිභෝගිකයා කේන්ද්‍රීය කරගත් විවිධ වැඩසටහන් හේතුවෙන් ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමිකර ගෙන සිටියි.  සෑම පරිභෝගිකයෙකුම කෙරෙහි ඉතා ඉහළ අවධානයක් යොමු කරමින්, ඔවුනට කිසිඳු කරදරයකින් තොරව සිය රථවාහන නැවත විකිණීමේ සහ මිලදී ගැනීමේ කාර්යය ඩීමෝ විසින් දැන් පහසු කර ඇත. සියලුම DIMO CERTIFIED  pre-owned රථවාහන එන්ජින් සහ ගියර් බොක්ස් සඳහා වසරක ඩීමෝ වගකීම් කාලයක්ද හිමි වේ. 

මෙම සුවිශේෂී HNB ඩීමෝ ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින්,  Mercedes-Benz Centre ‘DIMO 800′  තුළින්  011 244 9797 ඇමතීමෙන් ලබා ගත හැකිය.

ඡායාරූප විස්තරය- ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ HNB සහ ඩීමෝ නිලධාරීන්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *