Latest News Sinhala

vivo මෙරට ඩිජිටල් අධ්‍යාපනයේ දොරගුළු විවර කරමින් smartboard පිරිනමයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන  #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී පාසල ලෙස ගාල්ල, ඕල්කට් මහා විද්‍යාලයට නවතම interactive smartboard ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි. මෙමගින් සිසුන් 1200කට අධික පිරිසකගේ ඉගෙනුම් හැකියාවන් වැඩි දියුණු කරමින් ඉගෙනුම් ක්‍රමවේද අන්තර් ක්‍රියාකරවීමේ හැකියාව හිමිවේ.

vivo ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ ඇලිසන් ජින් #vivocares හි මෙම මුල පිරිම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘මෙම හෘදයාංගම දායකත්වය සමාජයට ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. ඕනෑම රටක අනාගතය පාසල් දරුවන් වන බැවින් ඔවුන් පාසල් විෂය මාලාවට දක්වන උනන්දුව සහ ඉගෙනීම සඳහා දක්වන සහභාගීත්වය ඉතා වැදගත්. අපගේ මෙම ප්‍රයත්නය ඩිජිටල් ලෝකයට පිවිසීමටත් ඩිජිටල් සාක්ෂරතාවය ලබා දීම සඳහාත් ගනු ලැබූ කුඩා පියවරක් පමණයි. මෙමගින් දරුවන් ඉගෙනීම අත්හැර දැමීම වළක්වමින් ඒ සඳහා සහභාගිත්වය ඉහළ නැංවීම අපගේ අරමුණයි.’

ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයේ විදුහල්පති ලලිත් මායාකඩුව මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ‘අප පාසලේ පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් smartboard පහසුම් සලසමින් දරුවන්ගේ අනාගතය උදෙසා vivo දක්වන මෙම දායකත්වය උදෙසා අප හදවතින්ම ස්තුතිවන්ත වනවා. මෙම smartboard  පහසුකම මගින් වඩාත් විවිධත්වයෙන් යුතු, දරුවන්ගේ සිත් ඇද බැඳ ගන්නා සුළු ක්‍රමවේද හරහා ඉගැන්වීම් කටයුතු කල හැකියි.එසේම විවිධ අර්බුධකාරී වාතාවරණයන් පවතින කාලවලදී පවා  දරුවන්ගේ ආකර්ෂණය ඉගෙනීම සඳහා යොමු කල හැකි වනවා. විශේෂයෙන්ම vivo සමාගමේ මෙම පුරෝගාමී වැඩපිළිවෙල දරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමටත් ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහාත් විශාල වශයෙන් උපකාරී වනවා.’

දුරස්ථ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ තාක්‍ෂණික ඒකාබද්ධතාවය තුළින් ඉගෙනුම් සම්පත් හා ද්‍රව්‍ය පහසුවෙන් හිමිකර දීමට vivo මෙම වැඩසටහන ආරම්භ කර තිබේ. vivo  සන්නාමය සහිත ස්මාර්ට්බෝඩ්  4K Ultra High Definition resolution වලින් සමන්විත වන අතර USB, Wi-Fi, Screen sharing, සහ Touch Assist විශේෂාංග ඇතුළු විවිධ ස්මාර්ට් විශේෂාංග රැසකින් සමන්විත වේ. මෙම අවම නඩත්තුවක් සහිත smartboard පරිසරයට කිසිදු හානියක් නොකරයි. පංති කාමර තුළ පවත්වන ඉගැන්වීම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ පිළිගැනීමට මෙමගින් විශේෂ සහයක් ලැබෙන අතර පන්තිවලට සහභාගී වීමට සිසුන්ගේ උනන්දුව වැඩි කිරීමට උපකාරී වේ. ඉහළ interactive smartboard මඟින් සිසුන්ගේ ඉගෙනීමේ සහ අවබෝධ කර ගැනීමේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව ද ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *