Latest News Sinhala

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට අවස්ථාව උදාකර දෙයි.

 පවුලේ උදවිය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ එකට එක්ව සතුටින් කාලය ගත කිරීමට ශ්‍රී ලාංකිකයින් මෙම අවුරුදු සමය පැමිණෙන තෙක් බලා සිටී. එම කාලය තවත් විචිත්‍රවත් කිරීමට පැල්වත්ත සමාගම සිය ගිතෙල් සහ බටර් නිෂ්පාදන වලින් 10% ක වට්ටමක් තෝරාගත් සුපිරි වෙළඳ පොල සහ සිල්ලර වෙළද සැල් හරහා ලබා දෙයි. පැල්වත්ත සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරන අතර කල් තබා ගැනීම සඳහා කෘතීම කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු නොකරයි. එබැවින් පැල්වත්ත නිෂ්පාදන බාල මහළු කොයි කාටත් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකිය.

මෙම අවුරුදු දීමනාව පිළිබඳව අදහස් දක්වන සුපිරි වෙළද සැල් භාර නව්‍ය වෙළඳ කළමනාකාර  චමින්ද පතිරණ මහතා මෙසේ පැවසීය. “මෙම අවරුදු සමය තුළ වැඩිම ඉල්ලුමක් පවතින අපගේ නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම් ලබා දීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. අපගේ නිෂ්පාදන වල අසමසම ගුණාත්මකභාවය සහ මිල අපගේ පාරිභෝගිකයින්ට විශාල සහනයක් සේම කිරි ගොවි ප්‍රජාව වෙත පැල්වත්ත සමාගමේ ඇති සහයෝගය ද එමගින් පුළුල් කෙරෙනවා. එම නිසා මෙම ක්‍රියාවලිය මගින් අපගේ පාරිභෝගිකයන්ට මෙන්ම කිරි ගොවි ප්‍රජාව වෙත විශාල මෙහෙවරක් සිදුවන බවට අප විශ්වාස කරනවා.”

දේශීයව ලබාගත් කිරි මේදය භාවිතා කරමින්, ඉහළ පෝෂ්‍ය පදාර්ථ හා සෞඛ්‍ය සම්පන්න පැල්වත්ත බටර්,  කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර නැවුම් කිරි මේදයෙන් නිපදවීම ඇතුළු බොහෝ හේතුන් මත එම බටර් ස්වභාවික බටර් ලෙසින් සැලකේ . බටර්වල නැවුම් කිරි මේදය 4-5% ක් පමණ අඩංගු වන අතර බටර් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මේද ප්‍රතිශතය වර්ධනය වේ. එහිදී පැල්වත්ත මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා ස්ථාවර සැකසුම් ක්‍රියාවලියක් භාවිතා කරන අතර එමගින් ස්වභාවික මේද ප්‍රතිශතය නියමිත ප්‍රමිතීන්ට අනුව පාලනය කිරීම නිසා එම බටර් ස්වභාවික බටර් ලෙස සැලකීමට එයද හේතු වේ.

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන, බොහෝ ප්‍රමුඛ පෙළේ තරු හෝටල්වල මුළුතැන්ගෙයි ආහාර සැකසීම් සඳහා භාවිතා කරයි. ආගන්තුක සත්කාර කර්මාන්තයට සපයනු ලබන නිෂ්පාදන පරාසයන් අතර, පැල්වත්ත ගිතෙල් තායිලන්ත, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර සකස් කිරීම සඳහා යොදා ගනී.

ඊට අමතරව, පැල්වත්ත වෙතින් මේ වන විට  අයිස් ක්‍රීම් ප්‍රභේද ගණනාවක් හඳුන්වා දී ඇති අතර විවිධ ආර්ථික පසුබිම් වලට සරිලන අකාරයෙන් පාරිභෝගිකයින්ට ඒවා මිලදී ගත හැක. දැනට වෙළඳ පොළේ පවතින පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන වන්නේ වැනිලා (Vanilla), චොකලට් (Chocolate), ෆුට් ඇන්ඩ් නට් (Fruit & Nut), බනානා (Banana), මැන්ගෝ (Mango), ස්ට්‍රොව්බෙරි (Strawberry), කොකනට් විත් කාඩමම් (Coconut with Cardamom Ice cream), කොෆි විත් කාඩමම් Coffee with Cardamom, බ්ලූබෙරි (Blueberry), ෆලුඩා  (Faluda), ජින්ජර් බිස්කට් (Ginger biscuit), බටර්ස්කොච් (Butterscotch) රසයන්ය.

.

පැල්වත්ත කිරි සමාගම සෑම විටම දේශීය කිරි ගොවීන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නංවාලමින් රටේ ගෘහස්ථ කිරි ඉල්ලුම සපුරාලීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. කිරි නිෂ්පාදනය අතින් ජාතිය ස්වයංපෝෂිත කිරීමේ මුලික මෙහෙවර වශයෙන් පැවතුනද  ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විවිධාකාරයෙන් සහාය දැක්වීමට පැල්වත්ත සමාගම නිරන්තරයෙන්ම කටයුතු කරන අතර එමගින් ගොවින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සංවර්ධනය මෙන්ම ජාතික දියුණුව කරා දේශය මෙහෙයවීම සිදුවන බව පැල්වත්ත කිරි සමාගමේ දැඩි විශ්වාසයයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *