Latest News English

අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී

යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමයට හිමි සම්මානයද සිංගර් වෙත

ශ්‍රී ලාංකිකයින්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන්  පිදුම් ලැබීය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය” (People’s Youth Choice Brand of the Year 2021) සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“  (People’s Durables Brand of the Year 2021) ලෙසින්ද සිංගර් මෙවර සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී වේ.

වසර තුනකට පසුව “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය” ට හිමි සම්මානය සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළඳ පොළට වඩාත් උචිත නවෝත්පාදන සහ උපායශීලි අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග/ ප්‍රතිපත්ති භාවිතය ලෙස හැඳින්විය හැකිය.

2021 SLIM ජනතා සම්මාන උළෙල මෙරට පාරිභෝගිකයින් අතර වඩා ජනප්‍රිය මෙන්ම පාරිභෝගික ආකර්ශනය දිනාගත් වෙළඳ නාම සහ පුද්ගල නාම සඳහා සම්මාන පිරිනමන දැවැන්ත වාර්ෂික උළෙලකි. මෙම සම්මාන උළෙල අලෙවිකරණය සඳහා ජාතික ආයතනය වන Sri Lanka Institute of Marketing (SLIM) සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මෙම සම්මාන උළෙල සුවිශේෂි සම්මාන උළෙලක් ලෙස සටහන් වන්නේ නාම යෝජනා සහ ජයග්‍රාහකයින් යන දෙපාර්ශවයම ජනතාව විසින් තෝරා ගැනීම හේතුවෙනි.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. “2021 SLIM ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි සම්මානය ඇතුළුව සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට සිංගර් සමාගමට හැකි වීම විශාල ගෞරවයක්. වසර 15ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි  කිරුළ රැකගැනීමට හැකිවීම මඟින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වයන් තවදුරටත් උසස් කළ හැකි තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ, සේවා වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට අපගේ  සියලුම සේවා කණ්ඩායම් ඉතා කැපවීමෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ජයග්‍රහණය මා හැඳින්වීමට කැමතියි. මෙම සුවිශේෂී ජයග්‍රහණයේ පුර්ණ ගෞරවය අපගේ සියලුම සේවක මණ්ඩලයටත්, අප හා අත්වැල් බැඳ සිටින වටිනා පාරිභෝගිකයින්ටත් පුද කර සිටිනවා.”

මෙම සම්මාන උලෙළේ ප්‍රධානම සම්මානයට අඛණ්ඩව 15 වන වරටත් හිමිකම් කීමට ලැබීම පිළිබඳ සිය අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසූයේ, දිනෙන් දින වර්ධනය වන සමාගමේ විකුණුම් හා අලෙවි උපායමාර්ග, නවෝත්පාදන, නිෂ්පාදන හා සේවාවල ඉහළ ගුණත්වය ඇතුළුව සමස්ත මෙහෙයුම් ක්‍රියාදාමය තුළ සිදු වී ඇති වර්ධනීය වෙනස මෙම සම්මාන ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධාන බලවේග බවයි. මෙම සම්මානය වඩාත්ම වැදගත් වන්නේ දිවයින පුරා විසිරී සිටින සියලුම වයස් කාණ්ඩවලට අයත් දහස් සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන සමීක්ෂණයක් තුළින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම හේතුවෙන්. සිංගර් සතු පාරිභෝගික සත්කාරයේ සුවිශේෂි භාවය සහ සිංගර් වෙළඳ නාමය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය මෙම සම්මානය හිමිවීම තුළින් තහවුරු වන අතර,  ඔවුන් හා අත්වැල් බැඳ සිටින සියලුම පාරිභෝගිකයිනට ස්තූතිය පිරිනැමීමට හෙතෙම මෙය අවස්ථාවක් කරගන්නා බවද වැඩි දුරටත් පවසා සිටියේය.  

ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්ත්වයේ සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන සිටියි. අලෙවිසැල් 432 කට අධික සංඛ්‍යාවක්, වේගවත්, නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ලබා දෙන www.singer.lk වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තරව පිළිගත් කීර්තිමත් වෙළඳ නාම 50 කට වැඩි ප්‍රමාණයක විහිදුණු,  600කට අධික විද්‍යුත් උපකරණ, 1200කට අධික ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සුවිශේෂී වට්ටම් යටතේ  මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *