Latest News Sinhala

වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනමමින් IIT හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන Informatics Institute of Technology (IIT) ආයතනය ඔවුන්ගේ අතිසාර්ථක විසි හයවැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත් විය. 

සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළදී,  බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි ලබා ගත් IIT සිසු සිසුවියන් 350 කට අධික පිරිසක් ඇගයීම සිදුවිය.  උසස් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් වූ  විද්‍යාපති උපාධිය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් වූ ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව) උපාධිය,  පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් වූ විද්‍යාවේදී (ගෞරව) උපාධිය,  ව්‍යාපාර තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය,  විලාසිතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ  සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෝහාරික නීති (Forensics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට එහිදී උපාධි සහතික පිරිනැමිණි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවය සුවිශේෂී වීමට බලපාන තවත් එක් කරුණක් වන්නේ සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෝහාරික නීති පිළිබඳ සහ  විලාසිතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය සාර්ථක ලෙස නිමකළ සිසුන් ප්‍රථම වරට උපාධි හිමි කර ගන්නා  අවස්ථාව මෙය වීම හේතුවෙන්ය. 

උපාධි ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා සහභාගී විය. තවද,  IIT හි නිර්මාතෘ, ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී මොහාන් ප්‍රනාන්දු මහතා, වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතා (මාර්ගගත ක්‍රමයට එක්විය) සහ IIT කාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ ද මෙවර උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.

සිය අධ්‍යාපනික කාල සීමාව ඇතුළත ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ සිසු සිසුවියන් සඳහා සම්මාන ගණනාවක්ද මෙවර උපාධි ප්‍රදානෝත්සවය තුලදී පිරිනැමිණි.

“මෙම සුවිශේෂී විසිහය වැනි උපාධි ප්‍රදානෝත්සයේදී උපාධි හිමි කරගත් සියලුම සිසු සිසුවියන් හට මන් ප්‍රථමයෙන්ම මාගේ සුභපැතුම් එක් කිරීමට කැමතියි.  ලොව පිළිගත් වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ  උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සාර්ථකව නිම කරන සියලුම සිසුන් ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කඩයිම් ස්ථානයක් අද පසු කරනවා. අපගේ සියලුම උපාධිදාරී සිසුන්ට ඕනෑම රැකියා වෙළඳ පොළ තත්වයකට මුහුණ දීමට හැකිවෙන අයුරින් ඔවුන්ව දක්ෂතා වලින් අප සන්නද්ධ කර ඇති අතර, සිසුන් වෘත්තීය මාර්ගවලට සූදානම් කරන අතරතුර න්‍යායන් ඉක්මවා ගිය දැනුම ලබා දෙමින් අප විසින් ඔවුන් ප්‍රයෝගික ලෝකයට විවර කරනවා.”  IIT හි නිර්මාතෘ, ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා මෙහිදී  සිය අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

තවද, මෙහිදී අදහස් දක්වමින් වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතා මෙලෙස පවසා සිටියි.  එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය නිරතුරුවම කැපවෙන්නේ සියලුම සිසුන්ගේ වෘත්තීය සිහින මල්ඵල ගන්වමින් ඔවුන්ව නව ලොවට සූදානම් කිරීම කෙරෙහියි.  මෙම ගමනේදී අපගේ දේශීය හවුල්කරු වන IIT ආයතනය විශාල මෙහෙවරක් සිදු කරනවා.  අප අතර හවුල්කාරීත්වය බිහි වූයේ සිසුන් අතර සේවා නියුක්තිය වර්ධනය කිරීම සහ ඔවුන්ට ලොව ප්‍රමුඛ තාක්ෂණය හා සාර්ථක ලෙස ගැටීමට අවශ්‍ය කුසලතා බිහිකිරීම සඳහා අවශ්‍ය සහය ලබා දීම පිළිබඳ වූ අන්‍යෝන්‍ය අවබෝධය සමඟින්.  අපගේ හවුල්කාරිත්වයේ පදනම නියෝජනය කරන තොරතුරු පද්ධති, තොරතුරු හා මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අපගේ පොදු කාර්යයන් ආයතන දෙකෙහිම අපගේ අධ්‍යාපන වැඩසටහන් සඳහා මූලික දායකත්වයක් සපයනවා. ඕනෑම පසුබිමක සිසුවකුට ඔවුන්ගේ දක්ෂතා තුළින් ඉදිරියට පිය නැගීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට  වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව IIT ක්‍රියා කරන අතර, ගෝලීය තලය ජයගත හැකි සිසුන් පිරිසක් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි”

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. 1990 වසරේ එහි ආරම්භයේ පටන් මේ දක්වා 5000 කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන් බිහි කර තිබේ. මෙම උපාධිධාරීහු දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං ව්‍යවසායකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින් සාර්ථකව සිටිති. ඔවුහු දේශීය හා විදේශීය සමාගම් 250 කට අධික ප්‍රමාණයක, ප්‍රධාන තනතුරු දරමින්, එම සමාගම්වල දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරති.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *