Latest News Sinhala

පිරිපුන් දිවියකට මගපාදන Huawei Y7a, Huawei FreeBuds Pro සහ Huawei Sound X

කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ බොහෝ දෙනාගේ ජීවන තත්ත්වයන් සළකා බලමින් ඉහළ කාර්යක්ෂමතාවයකින්  යුතුව එදිනෙදා කටයුතු කිරීම සදහා Huawei විසින් ස්මාර්ට්ෆෝන් සිට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් වොච් , විවිධ ශ්‍රව්‍ය  උපකරණ සහ Huawei share වැනි තාක්ෂණයන් හදුන්වා දී තිබේ.   

Huawei Y7a ,Huawei FreeBuds Pro සහ Huawei Sound X යනු Huawei විසින් හදුන්වාදුන් නව උපාංග පෙළක් වන අතර විශේෂත්වය වන්නේ  මෙම උපාංග එකිනෙක සම්බන්ධ කිරීම මගින් ඉතා කාර්යක්ෂම සහ ඵලදායි ලෙස දෛනික කටයුතු කිරීමට පරිශීලකයින්ට හැකිවීමයි.

Huawei Y7a ස්මාර්ට් දුරකථනය Huawei FreeBuds Pro සමඟ ඉතා පහසුවෙන් ටැප් කිරීමක් මගින් සම්බන්ධ කල හැකි අතර තම දුරකතනයට එන ඇමතුම් ලබාගැනීමත් , දුරකතනයේ ඇති ප්‍රියතම සංගීතයන්ට සවන්දීමත් යනාදී පහසුකම් අත්විදීමේ හැකියාව පරිශීලකයාට හිමිවී ඇත. තවද FreeBuds Pro වල ඇති ශ්‍රවන මාදිලින් (Modes) ක්‍රියාත්මක කිරීමෙන් තමන් සිටින පරිසරයට සාපේක්ෂව වඩා සුදුසු ශ්‍රවන අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ.  අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක. Punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei FreeBuds Pro යනු තාක්ෂණයේ නව මානයන් සොයායන උපාංගයක් බව තවදුරටත් සනිටුවහන් කරමින් Intelligent Active Noise Cancellation (ANC)  ඉහල  තාක්ෂණයක් සමග  එන wireless earbuds තමන් සිටින පරිසරයේ ශබ්දයන් ස්වයංක්‍රීයව හදුනාගනිමින් පැහැදිලි  ශ්‍රවන අත්දැකීමක් ලබා දීම සදහා ශබ්ද ත්‍රිවතාව  වෙනස් කරමින් සුපැහැදිලි ශබ්ද සහ ඉහල තත්වයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදේ. FreeBuds Pro හි විවිධ ස්ථාන වලට සරිලන පරිදි සුවිශේෂී ශ්‍රවණ මාදිලින්  ඇත. තාක්ෂණිකව වැඩි දියුණු කරන ලද බාහිර ශබ්ද අවලංගු කිරීම් (noise cancellation) සහිත Ultra mode මගින් පරිශීලකයාට ගමන් කරන අතරතුර සංගීතයේ රසවිදීමට ඉඩ සලසයි. Cozy mode මගින් වැඩ කරන ස්ථානය, පුස්තකාලය සහ වෙනත් නිහඩ ස්ථානයන්හි සියුම් ශබ්ද අවලංගු කිරීමෙන් ඔබේ අවධානය නොකැඩි පවත්වා ගැනීමට උපකාරී වන අතර General mode මගින් ජනාකීර්ණ ස්ථානවල වුවත් උසස් තත්ත්වයේ සංගීතය රසවිදීමට සඳහා Active Noise Cancellation (ANC) තාක්ෂණය භාවිතා කරගනු ලබයි.

Huawei Y7a ස්මාර්ට්  දුරකථනය HUAWEI Sound X සමග සම්බන්ද කල හැකි ආකාර දෙකකි . පළමු ආකාරය නම් Huawei Y7a දුරකථනයේ Bluetooth මගින් HUAWEI Sound X සම්බන්ද කිරීමයි. මෙම ක්‍රමය ස්මාර්ට් දුරකථන භාවිතා කරන බොහෝ දෙනාට නුපුරුදු දෙයක් නොවේ .කෙසේ වුවද වඩාත් පහසු ක්‍රමය වන්නේ Huawei Y7a හි HUAWEI AI Life app එක open කර එහි search කිරීම මගින් HUAWEI Sound X හා සම්බන්ද වීමයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය HUAWEI Sound X සමග සම්බන්ද කිරීම මගින් ඔබගේ දුරකතනයේ ඇති සංගීතයන් ඉතා ඉහල ශබ්ද ගුණාත්මක බවකින් යුතුව සවන් දීමේ හැකියාව හිමි වන අතර DJ කෙනෙකු නොමැතිව වුවද නිවසේදීම කුඩා සාදයක් වුවත් පැවැත්වීමේ හැකියාව හිමිවේ. HUAWEI Sound X ඔබගේ නවතම සංගීතය සපයන්නා වනු ඇත.

Huawei Sound X යනු subwoofer දෙකක් සහිත Portable Speaker එකකි. මෙය යුරෝපයේ ශ්‍රව්‍ය උපකරණ සදහා ප්‍රචලිත Devialet සමාගම සමග එක්ව  Devialet’s Speaker Active Matching (SAM) තාක්ෂණය සමඟ පැමිණෙන අතර HD ශබ්දයන් හි ඉහළ තත්වය සහතික කර ඇත. එහි duel speakers නිර්මාණය කර ඇත්තේ දැවැන්ත කම්පන ඇති කිරීමට බලය සපයන magnetic rare earth materials වලින් ය. Huawei Sound Xහි Bass sound  40hz තරම් අඩු වේගයක් වුවත් ග්‍රහණය කරගනී. Huawei Sound X , Huawei Share තාක්ෂණය මගින්ද බලගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය . Huawei Sound X හි පෙනුම ඉතා ආකර්ෂණිය වන අතර විනෝද උත්සවයන්හිදී භාවිතයට යෝග්‍ය කදිම portable speaker එකක් ලෙස සැලකේ.

මෙම ස්මාර්ට් උපාංගයන් හි  පවතින පොදු ලක්ෂණය වන්නේ යොදාගෙන ඇති ඉහළ තාක්ෂනය සහ අසමසම විශේෂාංගයන්ගෙන් යුක්තවී මයි . තවද තාක්ෂණික නිෂ්පාදනයේ නව මානයන් සොයායන බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇති මෙම උපාංග පෙළ දිනෙන් දින පරිශීලකයින් අතර ප්‍රචලිත වෙමින් පවතී . Huawei Y7A රු. Rs. 39,999.00 මිළකට සහ Huawei FreeBuds Pro රු. 34,499.00 මිළකට හා  Huawei Sound X  රු. 57999/ සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *