Latest News Sinhala

ශ්‍රී ලාංකීය ටයිල් සහ බාත්වෙයා කර්මාන්තයේ අනාගත දිශානතිය

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීමකට ලක් වූයේ මිලියන ගණනකට සිය රැකියා අහිමි කරමින්ය. පසුගිය වසරක කාලය දෙස හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වනුයේ දේශීය ආර්ථිකය ද කොවිඩ් ව්‍යාප්තියක් සමඟ අඩපණ වූ බවයි. 

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීමත්, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමත් යන ප්‍රධාන ආර්ථික අරමුණු ද්විත්වය සපුරා ගැනීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන තාවකාලිව තහනම් කරනු ලැබීය.

ටයිල් සහ බාත්වෙයාර් ආනයනකරුවන් වෙත පනවා ඇති සීමාවන් ලිහිල් කරන ලෙස ඉල්ලමින්, දේශීය ටයිල් නිෂ්පාදකයින්ට මෙන්ම, ආනයනකරුවන් යන පාර්ශව ද්විත්වය සඳහාම  සුභවාදී ආර්ථික සහ මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා විසින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සහ ටයිල් ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් හමු විය.  මෙහිදී පාර්ශවකරුවන් විසින් දේශීය ටයිල් කර්මාන්තයේ අනාගතය පිළිබඳ වඩාත් සුබවාදී තීරණවලට එළඹිණි.

දේශීය ටයිල් සහ බාත්වෙයා නිෂ්පාදන කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ ටයිල් නිෂ්පාදන සමාගම් ත්‍රිත්වයක් සහ බාත්වෙයා නිෂ්පාදකයින් හතක් තරඟ කරන අතර, ඔවුන්ගේ ඒකාබද්ධ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ටයිල් වර්ග මීටර් මිලියන 17 ක් සහ ආසන්න වශයෙන් බාත්වෙයා උපකරණ ලක්ෂ 7 ක් පමණ වේ. මෙම වසරේ දී ටයිල්  නිෂ්පාදන ධාරිතාව තවත් වර්ග මීටර් මිලියන 3.5 කින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් 2021 වර්ෂයේ මැද භාගය වන විට සමස්ත දේශීය නිෂ්පාදන ප්‍රමාණය වර්ග මීටර් මිලියන 20.5 ක් වනු ඇතයි අපේක්ෂා කෙරේ. 

දේශීය ආර්ථිකයට සහ රජයේ ආදායමට ප්‍රධාන දායකත්වයක් සපයන මෙම මහා පරිමාණ දේශීය ටයිල් නිෂ්පාදකයින් විසින් රුපියල් බිලියන 35 කට අධික මුදලක් කර්මාන්තය වෙත ආයෝජනය කර ඇති අතර, වසරකට රුපියල් බිලියන 5.5 කට අධික ප්‍රමාණයක් රජයට බදු ලෙස ගෙවනු ලැබේ. මේ වන විට මෙම නිෂ්පාදකයින් විසින්  7,500 කට අධික සංඛ්‍යාවක් සඳහා දේශීයව රැකියා අවස්ථා ද ජනනය කර ඇත. 

දේශීය ටයිල් සහ බාත්වෙයා නිෂ්පාදකයින් ලෝකයේ නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වී ඇත්තේ ඕනෑම සංකල්පයක හෝ මෝස්තරයක ඉහළම ගුණත්වයේ නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ අද්විතීය හැකියාව සමඟිනි. 

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත්, ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණ වෙත ගමන් කිරීම උදෙසාත් වූ  ගමනේ දී දේශීය ටයිල් සහ බාත්වෙයා නිෂ්පාදකයින් පෝෂණය කිරීමට රජය විසින් ගනු ලබන තීරණ ඉතා ප්‍රශංසනීය වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *