Latest News Sinhala

Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන  ඩීමෝ සමාගම විසින්, සේදවත්ත පිහිටි Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත TATA SIGNA 4018.S ප්‍රයිම් මූවර්ස් රථ හතක් නිල වශයෙන් බාර දීම පසුගියදා සිදු කෙරිණි. 

TATA SIGNA 4018.S  අද්විතීය කාර්යක්ෂමතාවයක් ඇතුව නිර්මාණය කර ඇති ප්‍රයිම්  මූවර්  රථයක් වන අතර, එහි වූ mode FE ස්විච් සහ  G750 gearbox Cummins සහිත ISBe 5.9L එන්ජිම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙයි.  ටොන් 40 ක දළ ඒකාබද්ධ බරකින් (GCW) සමන්විත TATA SIGNA 4018.S, 2-axle trailer සමඟින් සමන්විත අතර, සුවිශේෂී ධාවන අත්දැකීමක් ලබා ගැනීම සඳහා gear shift advisor සහ  tilt & telescopic steering column රථය හා සම්බන්ධ කර ඇත.

මෙම  ප්‍රයිම්  මූවර්  රථ  තෝරා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ශාදිල් රිසාන් මහතා මෙලෙස පවසා සිටියි.  ” අප ඩීමෝ වෙතින් TATA SIGNA 4018.S මූවර් රථ තෝරා ගැනීමට ප්‍රධානතම හේතු වූයේ එම රථයන්හි වූ ඉහළ දළ ඒකාබද්ධ බර (GCW),  ඉඩ පහසුකම් සහිත සුව පහසු රියදුරු කුටිය, ඉහළ  මෙහෙයුම් කාර්යසාධනය සහ  අවම නඩත්තු පිරිවැය යන ප්‍රධාන කරුණුයි.  තවද ඩීමෝ විසින් මෙම රථ සඳහා  ලබා දුන් දිගු වගකීම් කාලය සහ සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව, මෙම රථ පෙළ මිලදී ගැනීමේදී අපගේ අවධානය යොමු වූ තවත් වැදගත්  කරුණු ද්විත්වයක් වනවා”. 

මෙම රථ පෙළ ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙලෙස පවසා සිටියි.   “ඉන්දියාවේ වාණිජ වාහන වෙළඳ පොළ ප්‍රමුඛයා වන  TATA Motors වෙතින් හඳුන්වා දෙන TATA SIGNA 4018.S Prime Movers වරාය කටයුතු සම්බන්ධ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා ප්‍රධාන තේරීමක් වී තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ඉහළම ඉල්ලුමකට හිමිකම් කියන TATA SIGNA Prime Mover හි අද්විතීය තාක්ෂණය සහ අවම නඩත්තු පිරිවැය බොහෝ දෙනෙකු මෙම රථය මිලදී ගැනීම සඳහා ඉවහල් වුණු සාධක අතර පවතිනවා. තවද, එහි වූ සුවපහසු නිමාව හේතුවෙන් රියදුරන්ට ඉතා ආරක්ෂාකාරී හා දැඩි වෙහෙසක් නොමැතිව ධාවනය කිරීමේ හැකියාව ලබා දෙනවා.” 

TATA Motors හි TATA SIGNA 4018.S Prime Movers විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ රටක අභ්‍යන්තර සැපයුම් අංශ සඳහා  වැඩි කාර්යක්‍ෂමතාවයක් ලබා දීම සඳහායි.  ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් වර්ධනය වන ඉදිකිරීම් සහ සංවර්ධන අංශයේ වැඩි වන අවශ්‍යතා සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් විශ්වාසදායක රථ භාවිත කිරීම ඉතා වැදගත් වනවා. 179HP බලයක් සහිත Cummins එන්ජිම,  6F සම්ප්‍රේෂණය,  Reverse Elliot වර්ගයේ heavy-duty 7T ඉදිරිපස ඇක්සලය සහ single reduction RA110LD වර්ගයේ පසුපස ඇක්සලය, ඉදිරිපස semi-elliptical / parabolic leaf spring සහ පිටුපස multi-leaf spring suspension සහිත TATA SIGNA 4018.S Prime Movers මේ සඳහා වඩාත් උචිතම ප්‍රයිම්  මූවර්  රථ කාණ්ඩය ලෙස හැඳින්විය හැකිය.

විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමඟින්, ඩීමෝ විසින් දේශීය ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සඳහා TATA වෙළඳ වාහන පෙළක් ශ්‍රී ලංකාව තුළ අලෙවිය හා බෙදාහැරීම සිදු කරයි. TATA වෙළඳ වාහන මාදිලි පෙළ කුඩා ප්‍රමාණයේ  වෙළඳ ට්‍රක් රථ (Small Commercial Trucks)  (ටොන් 1 ට අඩු බරක් පැටවීම සඳහා),  සින්ගල් කැබ් රථ (single cabs) (පවුලේ හා ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකි) සැහැල්ලු වෙළෙඳ ට්‍රක් රථ (Light Commercial Trucks  (බඳ තට්ටුව අඩි දහයේ සිට 12 දක්වා), අධි බර වෙළඳ වාහන (Heavy Commercial Trucks), ටිපර් රථ‍ (Tippers), ප්‍රයිම් මුවර්ස් හා බස් රථ (ආසන 28 සිට 54 දක්වා) ආදියෙන් සමන්විත වෙයි.

පසුගිය වසර 16 ක කාලයක් තුළ Advantis Projects & Engineering  (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සැපයුම් හා සම්බන්ධ විසඳුම් සම්පාදකයින් අතර ඉදිරියෙන්ම සිටින නවෝත්පාදන සමාගමකි. Freight සහ  chartering, customs clearance සහ forwarding (C&F), engineered heavy lift සහ  heavy transport, alternate lifting solutions, erection services, crane rental, domestic distribution,  covered project cargo storage facilities ඇතුළු විශාල පරාසයක විහිදුණු සැපයුම් දාම හා සම්බන්ධ වෙනත් සේවාවන් රැසක් සඳහා සමාගම ප්‍රවීණතාවයක් උසුලනවා.  තවද, මෙම සේවාවන් සැපයීම සඳහා සමාගම සිය සේවා ස්ථාන කොළඹ වරාය හා හම්බන්තොට වරාය අසල උපාය මාර්ගිකව ස්ථානගත කර තිබෙනවා.

“සැපයුම් අංශයේ සහ  ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් ඇති  වෘත්තිකයන්ගෙන් Advantis Projects & Engineering  (ප්‍රයිවට්) ලිමිටඩ් සන්නද්ධ වී ඇති අතර,  පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම විසඳුම් ලබාදීමට විවිධාංගීකරණය වූ සේවාවන් රැසක් පිරිනමනවා.  ශ්‍රී ලංකාවේ විශාලතම  ව්‍යාපෘති ගණනවක් සඳහා අඛණ්ඩ සැපයුම් සහය සපයන සමාගමක් ලෙස,  අප ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යාම සඳහා විවිධ කලාප තුළ සේවා ව්‍යාප්ත කර තිබෙනවා.  අපගේ ශක්තීන් තුළින්,  කලාපීයව අනෙකුත් සන්නාමයන් සමඟ තරඟ කිරීමට අපට දැඩි හැකියාවක් තිබෙනවා.” ශාදිල් මහතා තව දුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියි.   

ඉන්දියාවේ TATA Motors සමාගම හා ඩීමෝ අතර පවතින ශක්තිමත් සබඳතාවය වසර 60 කට අධික ඉතිහාසයකට උරුකම් කියයි. වර්තමානය වන විට TATA වෙළඳ වාහන, බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රිය කරන සන්නාමය බවට පත් වී ඇත.  ඩීමෝ- TATA මේ වන විට, 350 කට අධික TATA ජෙනුයින් පාර්ට්ස් නියෝජිතවරුන් පිරිසක් සමඟ පාරිභෝගිකයින් හට  අලෙවිය, සේවය හා නියම අමතර කොටස් මෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය සපයමින් රටම ආවරණය වන පරිදි  ශාඛා ස්ථාපනය කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *