Latest News Sinhala

ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමේ අරමුණින් “Fems ඇය” දියත් කරයි

හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව දියත් කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු. ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහභාගී විය.

ආර්කා ඉනිශියෙටිව් (Arka Initiative), Dilmah’s Merrill J.Fernando Charitable ෆවුන්ඩේෂන්, Sarvodaya Women’s Movement සහ Sarvodaya ෆියුෂන් සමඟ එක්ව ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ පිලිබදව දීර්ඝ කාලයක සිට පවතින මිථ්‍යාවන් සහ වැරදි මත අවම කිරීම සඳහා Fems ක්‍රියාත්මක විය. දැනුම පරතරය ආමන්ත්‍රණය කරන අතරම, ඔසප් වීමේදී කාන්තාවන්ගෙන් බහුතරයක් සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන බවට පර්යේෂණයන් විසින් සොයාගෙන ඇති හෙයින් සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමට කාන්තාවන් දිරිමත් කිරීමට ද මෙම මුලපිරීම අරමුණු කරයි.

Arka Initiative යනු ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැටලු පිළිබඳව කටයුතු කරන සංවිධානයකි. එය මෙහෙයවනු ලබන්නේ තරුණ වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. Arka Initiativeහි එක් ප්‍රධාන පරමාර්ථ වන්නේ තරුණියන්ට අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා දීම, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සහතික කිරීමයි. Dilmah’s Merrill J.Fernando Charitable ෆවුන්ඩේෂන් සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය නිසා Fems හට වතු කම්කරුවන් 10000 කට වැඩි පිරිසක් දැනුවත් කිරීමට අවස්ථාව උදා වී ඇත. Dilmah’s Merrill J.Fernando Charitable ෆවුන්ඩේෂන් පදනම අඛණ්ඩව ශ්‍රී ලාංකිකයන්ගේ ජිවන තත්ත්වය නංවාලීම සඳහා ලාභ අරමුණු කර නොගත් ක්‍රියාකාරකම් වල  නිරත වන අතර විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වැනි විවිධ ප්‍රජාවන්ට සහයෝගය ලබා දෙයි. දිවයින පුරා විසිරී සිටින විශාල කාන්තා ජාලයක් වන Sarvodaya Women’s Movement හරහා ග්‍රාමීය ගම්මාන වෙත මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට  Fems අදහස් කරයි. කාන්තාවන්ගේ ගැටළු නිරාකරණය කිරීම සහ ඔවුන්ගේ දැනුම නංවාලීම තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව Women’s Movement තුල ඇති  වසර ගණනාවක අත්දැකීම් මෙම මුලපිරීම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි.  සංවර්ධන වැඩසටහන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුලින් උපකාරය සපයන  Sarvodaya -ෆියුෂන් මෙම ඩිජිටල් යුගයේ කාන්තාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් පිළිබඳ මාර්ගගත දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට අවශ්‍ය  මාර්ගෝපදේශනය ලබා දෙයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය ගරු  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය  මෙම අවස්ථාවේදී  පළ කල අදහස් මෙසේය. “හේමාස් වැනි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික  සමාගමක්   ඒ හා සමාන උනන්දුවක් දක්වන සංවිධාන සමඟ සම්බන්ධ වන සමාජ ප්‍රයත්නයකට නායකත්වය ලබා  දීම ගැන මම ආඩම්බර වෙනවා “මෙම පියවර මගින් සිදු වන   කාන්තා සවිබල ගැන්වීම, රටට මෙන්ම රටේ ආර්ථිකය සඳහා ද යහපත් වෙනවා.මෙම මුලපිරීම සාර්ථක කර ගැනීම සඳහා හේමාස් සහ හවුල්කාර සංවිධානවලට සුබ පතන්නට මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. ”

ශ්‍රී ලාංකේය  කාන්තාවන්ට දැරිය හැකි සනීපාරක්ෂක විසඳුමක් ලෙස  Fems  විසින් නව සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දෙන ලදී. පරිශීලකයාට උපරිම සුව පහසුව  ලබා දීම සඳහා මෘදු කපු ටොප් ෂීට් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද Fems “ඇය” සනීපාරක්ෂක  තුවා සහනදායි මිලකට ඉදිරියේදී වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හෝල්ඩිංග්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිණි  කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය  මෙසේ පැවසීය.මෙය කාලෝචිත පියවරක් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නැහැ .Fems ඇය මුලපිරීම මඟින්  කාන්තා ඔසප් සෞඛ්‍යය හා සම්බන්ධ  ගැටළු වලට විසඳුම් ලබා දෙනවා.සෞඛ්‍ය සම්පන්න ජාතියක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සමාජමය වශයෙන් වගකිවයුතු සන්නාමයක් ලෙස, Fems  ‘’ඇය”  මුලපිරීම තුළින් ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමටත්, සෑම තරාතිරමකම කාන්තාවන් සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා.

Fems යනු හේමාස් කන්සියුමර් විසින් නිෂ්පාදනය කර අලෙවි කරන සනීපාරක්ෂක සන්නාමයක් වේ.  Fems වෙළඳ නාමයේ පවත්නා නිෂ්පාදන පරාස SLS ප්‍රමිති සහතික ලත් නිෂ්පාදනයන් වේ. සමට හිතකර බවට සායනිකව තහවුරු කර ඇති සනීපාරක්ෂක නැප්කිනය වන Fems සෑම වයස් පරතරයකම  කාන්තාවන් අතර වැඩි ඉල්ලුමක් සහිත  සන්නාමය ලෙස කැපී පෙනේ. නව්‍ය නිෂ්පාදන මගින්   සෑම ශ්‍රී ලාංකේය  කාන්තාවක්ම සවිබල ගැන්වීමට  Fems කැපවී සිටින අතර, එමඟින් කාන්තාවන්ට  විශ්වාසෙන් යුතුව ඉදිරියට  පැමිණීමට හැකියාව ලැබේ. සියළුම ෆෙම්ස් නිෂ්පාදන නිසි  ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කරන අතර සුවපහසුව සහ  ආරක්ෂාව සැපයීම සඳහා විද්‍යාත්මකව නිර්මාණය කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *