Latest News Sinhala

බිළිදු සමට සුමුදු සුවය ගෙන බේබි ෂෙරමි හර්බල් සබන් දැන් අලුත් වෙලා

පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන්  දැන්  ඔබ වෙත

දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින්  මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්.

හැමවිටම දරු පැටවුන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් ළදරු නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ කාර්යයේ නිරත බේබි ෂෙරමි නිෂ්පාදන මල් පෙත්තක්වන් මුදු සුමුදු සිඟිති සම රැකගන්නට වෙහෙසෙන සෑම ආදරණීය මවකගේම සහ පියකුගේම ප්‍රථම තේරීම වී හමාරයි.

දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ බේබි ෂෙරමි  ඔබේ පොඩ්ඩාගේ සිඟිති සමට පෝෂණයත්, සෞඛ්‍යමත් පෙනුමත් ලබා දීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන සන්නාමයක්. 

දිනෙන් දින වෙනස් වන මව්පියවරුන්ගේ අභිරුචීන් පිළිබඳ සළකමින්,  ඔවුනට ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් තිළිණ කිරීම සඳහා බේබි ෂෙරමි කැපවී ක්‍රියා කරනවා. මෙම ප්‍රයත්නයේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් දරු පැටවුන් වෙනුවෙන් උසස් තත්වයේ හර්බල් සබන් වෙළඳ පොළට හඳුන්වා දීමට බේබි ෂෙරමි ක්‍රියා කලා. 

වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට ගැළපෙන හොඳම සබන් කැටය තෝරාගැනීමට යාමේදී එහි අඩංගු දෑ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරනවා. විශේෂයෙන් බිලිඳු සමට ගැළපෙන ස්වභාවික ශාක සාරයන්ගෙන් සමන්විත සබන් වර්ග භාවිත කිරීම සඳහා වර්තමාන මව්පියවරුන් දැඩි කැමැත්තක් දක්වන බව පෙනී යනවා.

අතීතයේ සිටම මව්පියවරුන් සිය දරු පැටියාගේ මෘදුවන් සම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ස්වභාවික අමුද්‍රව්‍යන්  භාවිත කලා. ඒ අතර පොකුරු වද, පිච්ච සහ  වෙනිවැල් සඳහා හිමි වන්නේ වැදගත් ස්ථානයක්. අතීතයේදී මෙම ඖෂධ වතුරට දමා පැටියා නැවීමට බොහෝ මව්පියවරු ක්‍රියා කලත්, වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවත්  සමඟ ඔවුන්ට ශාකසාර ඖෂධ සොයා ගැනීමට මෙන්ම ඒවා නිසි ලෙස භාවිත කිරීමට එතරම් කාලයක් හිමි වන්නේ නැහැ.

මව්පියවරුන්ගේ කාර්යබහුල ජීවන රටාව පිළිබඳ හොඳින් අවබෝධ කරගත් බේබි ෂෙරමි, සුවහසක් ආදරණීය මව්පියවරුන් වෙනුවෙන් නවතම බේබි ෂෙරමි හර්බල් සබන් තිලිණ කරන්නේ ඉමහත් ආදරයෙන්. දශක හයකට ආසන්න කාලයක් පුරාවට දෙමවුපියන්ගේ විශ්වාසය කැටිවූ බේබි ෂෙරමි හර්බල් නිෂ්පාදන දේශීය ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇත.

ජාත්‍යන්තර IFRA ප්‍රමිතියට අනුකූලව නිපදවූ  බේබි ෂෙරමි හර්බල් සබන්  පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකවද සනාථකර තිබීම විශේෂත්වයක්.  පැටියාගේ සමට අහිතකර පෙට්‍රෝලියම් තෙල් රහිත නිෂ්පාදනයක් වන බේබි ෂෙරමි හර්බල් සබන්  දෙමව්පියන්ගේ ප්‍රථම තේරීම විය යුත්තේ පුංචි පැටියට දෙන්න ඕනේ හොඳම දේ එය නිසයි.

නවතම හර්බල් නිෂ්පාදන වන පොකුරු වද සහ සඳුන් සුව ගුණ දෙගුණය සහිත බේබි ෂෙරමි හර්බල් බේබි සබන් බිළිඳාගේ සිනිඳු සම මෘදුව පිරිසිදු කර සමෙහි සිසිලස හා තෙතමනය රැඳවීමටත්,  සමෙහි සුමුදු බව සහ පෙනුම රැක දීමටත් උපකාරී වෙයි.  

කොහොඹ සහ වෙනිවැල් සාරය සපිරි බේබි ෂෙරමි හර්බල් බේබි සබන් බිළිඳාගේ සිනිඳු සම විෂබීජවලින් ආරක්ෂා කිරීමටත්, එහි මෘදු බව සහ තෙතමනය රැඳවීමටත් උපකාරී වන අතර සම රැක දෙයි.

පිච්ච සහ වද කහ සාරය සපිරි බේබි ෂෙරමි හර්බල් බේබි සබන් රන්කැටියාගේ සම විෂබීජවලින් ආරක්ෂා කරමින්, මෘදු සහ තෙතමනය සහිත නිරෝගී සමක් ලබා දීමට උපකාරී වන අතර සම සුවඳවත් කරයි. 

සොබා දහමේ සුවගුණ දෙගුණය කැටි කරමින් නිපදවා ඇති බේබි ෂෙරමි හර්බල් සබන් දෙමව්පියන්ගේ ප්‍රථම තේරීම විය යුත්තේ පුංචි පැටියට දෙන්න ඕනේ හොඳම දේ එය නිසයි.

දශක හයකට ආසන්න කාලයක් සුවහසක් ශ්‍රීලාංකීය මව්වරුන්ගේ විශ්වාසය දිනූ සාඩම්බර දේශීය නිෂ්පාදනයක් වන බේබි ෂෙරමි, දරුවන්ගේ ආරක්ෂාව සහ සුව පහසුව පිණිස වූ විවිධ නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරයි. සෑම දරුවකුටම ඉහළම ගුණත්වයේ නිෂ්පාදන ආදරයෙන් තිළිණ කරන සන්නාමයක් ලෙස,  බේබි ෂෙරමි  අවිවාදයකින් තොරව පිළිගැනේ.

බේබි සබන්, ෂැම්පු, බේබි කොලොන්, ක්‍රීම් සහ ලෝෂන්,  ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්,  බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු  නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. මෙම සියලුම නිෂ්පාදන දරුවාගේ සමට  ආරක්ෂාකාරී බව සහතික කර ඇත.

බේබි ෂෙරමි පිළිබඳ වැඩි දුර විස්තර සඳහා  www.babycheramy.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *