Latest News Sinhala

Rootcode Labs සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode AI දියත් කරයි

Rootcode Labs සිය අනුබද්ධිත ආයතනයක් වන Rootcode AI, කොළඹ  Mövenpick හෝටලයේදී , ශ්‍රී ලංකා ව්‍යාපාරවල සී-මට්ටමේ විධායකයින්, නව ව්‍යවසායකයින් සහ Rootcode Labs කණ්ඩායම ඇතුළු  සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරක්ෂක පියවරයන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සවාකාරයෙන් දියත් කළේය.

නිෂ්පාදන සහ සේවාවන් මූලික වශයෙන් යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ වෙළඳපල වෙත සපයන Rootcode Labs සමාගම නවෝත්පාදනයන් කෙරෙහි දැඩි ඇල්මක් ඇති මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන අතර සිය තොරතුරු තාක්ෂණ ව්‍යාපාර මීට වසර 5 කට පෙර ආරම්භ කළේය. Rootcode  මුලස්ථාන ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ එස්ටෝනියාවේ මෙන්ම සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටා ඇත.

මේ  මේ වන විට කෘතිම බුද්ධිය (AI) ලොවට නව සංකල්පයක් නොවන අතර පසුගිය දශක කිහිපය තුළ එය ක්‍රමානුකූලව වර්ධනය වනු දැකිය හැකි විය. එසේම මෙම තාක්ෂණය සුවිසල් වේගයකින් ඉදිරියට ගමන් කරමින් දියුණු විය. AI තාක්ෂනය මේ වන විට පරිපුර්ණ මට්ටමක පවතින අතර ක්ෂේත්‍ර ගණනාවක  කලම්බනයන් ඇති කරමින්  සහ තාක්‍ෂණික කාර්යයන් කෙරෙහි පමණක් නොව සැපයුම් දාමයේ සිට සෞඛ්‍ය සේවා දක්වා වූ ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාවලීන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. ලොව පුරා ව්‍යාපාරිකයින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ මිනිසුන්ට හඳුනා ගැනීමට  කිරීමට අපහසු රටාවන් හඳුනා ගැනීමට AI භාවිතා කරයි.

මෙහිදී  AI හි සිත් ඇදගන්නාසුලු ස්වභාවය ඉස්මතු කර දක්වමින් එය තවදුරටත් පර්යේෂණ ක්ෂේත්‍රයක් නොවන බවත් ව්‍යාපාරයන් මුහුණ දෙන වඩාත් සංකීර්ණ ගැටලු විසඳීමේ මාධ්‍යයක් බවත් අවධාරණය කෙරිණි. පර්යේෂණ ක්ෂේත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය, නිෂ්පාදනකරණය සහ කර්මාන්ත මට්ටමේ යෙදුම් සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත අර්ථවත් හා ඵලදායි වෙනසක පෙරමුණ ගැනීමට Rootcode AI විසඳුම් සපයන්නෙකු ලෙස නම් දරා ඇත්තේ මේ හේතුවෙනි.

මෙම අවස්ථාවේදී 3D motion tracking සහ satellite image analysis ඇතුළුව පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර ඇති සිත්ගන්නාසුලු නිරූපණ ඉදිරිපත් කෙරිණි. Computer Vision, Auto ML, සහ creative AI වැනි තවත් පර්යේෂණ ක්ෂේත්‍රයන් විය. Rootcode AI  හි project Morpheus සහ project Aphelia මෙම අවස්ථාවට සහභාගී වූවන්ට  සිත් ඇද ගත්තේය.

Rootcode Labs  නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අලගන් මහලිංගම් මහතා සමාගමේ මෑත කාලීන සාර්ථකත්වය පිළිබඳව මෙසේ අදහස් දැක්විය. ” කෘතිම බුද්ධිය බුද්ධිමත් මිනිසුන් සමඟ සම්බන්ධ කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම මිනිසුන්ට තනිවම විසඳා ගැනීමට අපහසු ගැටළු විසඳීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි වනවා. ඒ අනුව මෑතකදී දියත් කළ අපගේ  අනුබද්ධිත සමාගමක් වන Rootcode AI හරහා ව්‍යාපාර, මානව වර්ගයා සහ අප ජීවත් වන ලෝකයේ යහපත උදෙසා එහි බලය උපයෝගී කර ගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා.”

මෙහිදී මහලිංගම් මහතා විසින් මෙහෙයවන ලද AI හි බලපෑම පැහැදිලි කරන කමිටු සාකච්ඡාව සඳහා  GLX හි සමාරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී රන්දුල ද සිල්වා,  IFS හි උප සභාපති මංගල පෙරේරා සහ Curve Up හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ෆවාස් යන මහත්වරුන් සහභාගී වුහ.

Fortune Business Insights 2020 ට අනුව, කෘතිම බුද්ධියේ වෙළඳපල විශාලත්වය ඩොලර් බිලියන 27.23 ක් වන අතර, මෙම අගය 2027 වන විට ඩොලර් බිලියන 266.92 ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය වසර හයක් තුළ දස ගුණයකින් ඉහළ යාමකි. එමෙන්ම ව්‍යාපාර 10ට 9 ක්ම AI හි අඛණ්ඩ ආයෝජන සිදු කර ඇති අතර එය ව්‍යාපාරික ප්‍රජාව විසින් පුළුල් ලෙස සම්මත කල බවට එමගින් සාක්ෂි සපයයි.

මේ අනුව, Rootcode Labs අනුබද්ධිත ආයතනයක් වන Rootcode AI, කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන මෘදුකාංග නිෂ්පාදන සහ විසඳුම් ගොඩනඟා ගනිමින් සියළුම කර්මාන්තවල ගනුදෙනුකරුවන්ට තම ව්‍යාපාර ඉදිරියට ගෙනයාමට සහය වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *