Latest News Sinhala

ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ අලෙවිකරුවෙකු සහ හොන්ඩා සමාගමේ මෙරට බලයලත් නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්. සමාගම සමාගම ආරක්‍ෂිත යතුරුපැදි ධාවනය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම සඳහා  ‘ProRide Safety Riding Academy’ නමින් නව්‍ය අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළේයග එහිදී හිටපු ධාවන ශූර ෆෙරෝස් ඕමාර්ට අයත් ප්‍රෝරයිඩ් පුද්. ආයතනයත් සමග ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කෙරිණිග

වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් ඔමාර් මහතා මෙසේ පැවසීයග  ර්‍ණයතුරුපැදි ධාවනය ඉගෙන ගැනීම ආරම්භ කරන්නෙකුට එය පහසු කාර්යයක් වන්නේ නැහැග ආරම්භක කාලය තුළ පළපුරුදු උපදේශකවරුන්ගේ තීක්ෂණ අධික්ෂණය යටතේ එය සිදු කල යුතුයිග අපගේ මනා පුහුණුව ලත් උපදේශකයින්ගෙන් සහ නිරූපණයන් මගින් සියලු ධාවකයන්ට සෑම මට්ටමක්ම ආවරණය වන පරිදි  නව්‍ය පුහුණු අත්දැකීම් ලබා දෙනු ලබනවාග මෙහිදී මාර්ග  සංඥා සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශ ඉගෙන ගැනීමට අවශ්‍ය පාඩම් පංති කාමර පුහුණුව මඟින්  ලබා දෙනු ලබනවාග”

ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂිතව යතුරුපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණිග උසස් තත්ත්වයේ පුහුණුවක් තුළින් නිසි යතුරුපැදි ධාවන ක්‍රම උපයෝගී කර ගනිමින්  ර්‍ණසැමට ආරක්ෂාව” යන හොන්ඩා සමාගමේ ගෝලීය ආරක්‍ෂණ මූලධර්ම අනුගමනය කරමින් මෙය ක්‍රියාත්මක කෙරේග ඒ අනුව ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයින්ගේ ධාවන ප්‍රමිතීන් ඉහළ නැංවීමට  “ProRide Safety Riding Academy” ය උපකාරී වනු ඇතග මෙහිදී මාර්ග ආරක්ෂණයේ වැදගත්කමත් වගකීම් සහගතභාවයත් පිළිබඳව සියලුම යතුරුපැදිකරුවන්ගේ මනස නිසි පරිදි සකස් කිරීම ද සිදු කෙරේ.

ගෝලීය සන්නාමයක් වන හොන්ඩා සමාගම සමග අනුබද්ධව ශ්‍රී ලංකාවේ යතුරුපැදි  වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස් බලගැන්විමෙන් මෙම අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක වේග එහිදී අරමුණක් සහිතව යතුරුපැදි ධාවනය පිළිබඳව ප්‍රවීණ ධාවන ශූර ෆෙරෝස් ඕමාර් සහ තායිලන්තයේ හොන්ඩා සමාගම මගින් සහතික කළ ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ පුහුණු උපදේශකයන් ඇතුළු විශේෂඥයින් විසින් මාර්ගෝපදේශයන් ලබා දේග

අන්තර්ජාතික ආරක්ෂාව සහ ධාවන ප්‍රමිතීන්ට අනුකූලව ProRide පරිශ්‍රයේ පිහිටි මීටර් 300 ක් දිග ආරක්‍ෂිත ධාවන පථය සංවර්ධනය කර ඇති අතර එමඟින් සහභාගිවන්නන්ට සුව පහසු ධාවන අත්දැකීමක් ලබා දෙනු ඇතග එලෙසම ඔවුන්ට වායුසමීකරණය කරන ලද බහුමාධ්‍ය පහසුකම් සහිත පන්ති කාමරයක්ල කාන්තා හා පිරිමි දෙපාර්ශවයට වෙන්වූ නාන කාමරල නවීන මෙවලම් වලින් සමන්විත යතුරුපැදි අලුත්වැඩියා අංශයක් මෙන්ම සහභාගිවන්නන් සඳහා ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇතුළු පහසුකම් රැසක් හිමිවේග

පාඨමාලා සදහා සහභාගිවන්නන්ට සෑම යතුරුපැදි කාණ්ඩයකම ධාවන අත්දැකීම් ලබා දීම සඳහා 100 cc සිට 250 cc දක්වා වන ස්වයංක්‍රිය සහ මැනුවල් ගියර් පද්ධති සහිත ස්කූටර් සහ යතුරුපැදි යොදවා තිබේග

යතුරුපැදි භාවිත කරන නවකයින්ල නවක යතුරුපැදි බලපත්‍ර ලාභින්ල බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවන්නන්ල විධායක ශ්‍රේණි නිලධාරීන් සහ දරුවන් වෙනුවෙන් පුහුණුව අතරතුර මෙම පාඨමාලාව පිරිනමනු ලබයිග

පාඨමාලා අපේක්ෂකයින්ට ඔවුන්ගේ වයස් පරාසය අනුව විවිධ පාඨමාලාවන් පිරිනමනු ලබයිග සෑම මූලික පාඨමාලාවක්ම න්‍යායල නිරූපණය සහ ප්‍රායෝගික අංග වලින් සමන්විත වේග එපමණක් නොව එය ධාවන ඉරියව්ල තිරිංගල සමබරතාවය සහ යතුරුපැදි පැදවීමට අදාළ අනෙකුත් සියලුම ක්ෂේත්‍ර ද ආවරණය කරයිග ළමුන් සඳහා වන විශේෂ පුහුණුවට මාර්ග සහ රථවාහන නීති ආවරණය වන එළිමහන් පුහුණු සැසි ඇතුළත්යග එමෙන්ම ගෘහස්ථ පන්ති කාමර සැසි මගින් මාර්ග සංඥා අවරණය කෙරෙන අතර ආරක්ෂක මාර්ගෝපදේශ පිළිබඳව වීඩියෝ සහ ක්‍රීඩා මගින් ඔවුන්ට දැනුම හා අවබෝධය ලබා දීම සිදු කෙරේග

එක් පාඨමාලා අපේක්ෂකයෙකු සඳහා දිනකට සම්මත පාඨමාලා ගාස්තුව රුපියල් 3,500/ – ක් වන අතර 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවන්නේනම් එක් පුද්ගලයෙකුට රුපියල් 3,000 ක විශේෂ වට්ටමක් ලබා දෙනු ඇතග මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු 076 8950870 (චතුරංග) සහ 076 7019674 (චරිඳු) වෙතින් ලබා ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *