Latest News Sinhala

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන 5 අතරට vivo සන්නාමත් එක් වෙයි.

ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් වන IDC හි නවතම වාර්ෂික වාර්තාව අනුව ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම ශ්‍රේණි ගත කිරීම්වල 5 වන ස්ථානයට පැමිණීමට vivo සමත්ව ඇත. එහිදී ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වශයෙන් vivo වෙළඳපල කොටස සියයට 8.6 ක් ලෙස වාර්තා කර ඇති අතර නැව්ගත කිරීම් උපාංග මිලියන 110 ඉක්මවයි. vivo සන්නාමය වසරින් වසර වර්ධන වේගය සියයට 1 ඉක්මවා ඇති අතර, සමස්ත පසුබෑම නොතකා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම 5 අතර vivo  හි නැව්ගත කිරීම් ඉහළ නන්වනු ලැබිණි.

vivo සන්නාමය දැනට චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ දෙවන ස්ථානයත් ඉන්දියාවේ තෙවන ස්ථානයත් හිමි කරගෙන ඇති අතර ඉන්දුනීසියාවේ වෙළඳපොළේ ප්‍රමුඛයා බවට පත්ව සිටි. චීනයේ vivo මූලස්ථානය, ෂෙන්සෙන්, ඩොන්ග්ගුවාන්, නැන්ජින්, බීජිං, හැංෂු, ෂැංහයි, තායිපේ, ටෝකියෝ සහ සැන් ඩියාගෝ හි පිහිටා ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 9 ක් සහිත ජාලයක සහාය ඇතිව 5G, artificial intelligence, industrial design, photography සහ තවත් නැගී එන තාක්ෂණයන් ඇතුළුව නව්‍ය පාරිභෝගික තාක්ෂණය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.

IDC දත්ත වලට අනුව 2020 දී ගෝලීය ජංගම දුරකථන වෙළඳපොල වාර්ෂිකව 5.9% කින් පහත වැටී තිබේ. වෙළඳපල නැවත යථාතත්ත්වයට පත්වීමේ ප්‍රගතිය සිත් ඇදගන්නා මට්ටමක පවතින අතර එය 2021 වසරේ ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට IDC විශ්වාසය තබා ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *