Latest News Sinhala

ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” සත්වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල රමහා විහාරය, 13 වන සියවසේ දඹදෙණි රාජධානිය තුළ විජයබාහු රජ සමයේ ඉදි කර ඇත. පද්මාවතී පිරිවෙන ස්ථාපිත කර ඇත්තේ  ද කෑරගල  රජමහා විහාරයේ ය. ඒ 15 වන සියවසේ හයවන පරාක්‍රමබාහු පාලන සමයේ දී ය.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන වෙනුවෙන් සිය අදහස් පළ කළේ මෙසේ ය. ” මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම මගින් ස්වදේශී, ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තබනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් අපි අපගේ පූර්ණ අනුග්‍රහය මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ලබා දෙමින්  මතු පරම්පරාවන්ට   අපගේ සංස්කෘතිය රැක ගැනීමට   පූර්ණ ආදර්ශයන් සපයනවා.”

රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ  අභිප්‍රායයෙන් ස්වදේශී කොහොඹ මෙරට ආගමික සිද්ධස්ථාන මෙසේ ආලෝකවත් කරන බවට ඇය තවදුරත් සිය අදහස් දක්වමින් පවසා සිටියා ය.

ආලෝක පූජාවට සමගාමීව ස්වදේශී විසින් කෑරගල රජමහා විහාරයේ පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීම සිදු කරන ලදි. එසේම දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සහයෝගය දැක්වීම සිය වගකීමක් ලෙසින් ගෙන අවශ්‍ය පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන සපයයි.

ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඇය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ ‘ ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්‍රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය සහ දඹදෙණිය රජමහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා වෙත ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත.

දශක 8ක විශ්වාසය දිනූ දේශීය කර්මාන්තයක් ලෙස , ස්වදේශී සියලු ශ්‍රීලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩනැංවීමේ වැඩසටහන් වෙත සිය  අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය සහ ස්වදේශී කොහොඹ බේබි ‘හොද පුරුදු’ පොත හරහා ඉක්මනින් වියැකී යන යහපත් වටිනාකම්   ඉස්මතු කරමින් පාසල් දරුවන් දැනුවත් කිරීම අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කළ නිෂ්පාදන වේ.   ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම,‍ ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

එසේම සමාගම විසින් ඉහළ මට්ටමේ ශාකසාර සන්නාම වන, කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි.  ස්වදේශී කොහොඹ බේබි සබන් විසින් මෑතක දී සිය නිෂ්පාදන පෙළට ළදරු සම සුසිනිදු කරන ස්වභාවික අලිගැට පේර සාරයෙන් පොහොසත්  ‘කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්’ හදුන්වා දෙන ලදි. ස්වදේශී කොහොඹ 50 ml දෑත් සනීපාරක්ෂණ දියර නිෂ්පාදනය (Hand Sanitizer) NMRA ලියාපදිංචියත් සමග මෑතක දී වෙළෙඳ පොළට හදුන්වා දෙන ලදි.   කොහොඹ, සේරසහ කෝමාරිකා සමගින් එන කොහොඹ සනීපාරක්ෂණ දියර  මගින් ඔබගේ දෑත් විසබීජවලින්  තොරව ආරක්ෂාකාරීව තබා ගනියි.

ඡායා රූප විස්තරය

  1. ස්වදේශී  ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන් සහ කෑරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය රජවෙල නන්දරත්න හිමි ඓතිහාසික කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරමින්.
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *