Latest News Sinhala

Aaraa & Aati මැරීන් ඩ්‍රයිව් හි නව වෙළඳසැල සමඟ A&A Exclusive Club අරඹයි.

ශ්‍රී ලාංකීය සුඛෝපබෝගී ස්වදේශීය ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati සිය ප්‍රභූ සාමාජිකයින් උදෙසා ‘A&A Exclusive Club’ දියත් කරමින් සිය විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ගේ සුහදශීලි හිතවත්කම් තව දුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජනවාරි 8 වනදා අංක  29බි, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3 ස්ථානයේ නවතම Aaraa & Aati ස්වර්ණාභරණ අලෙවි ස්ථානය විවෘත කරමින් ‘A&A Exclusive Club’  දියත් කෙරිණී.

නවීනත්වයෙන් හා සුවපහසුවෙන් සමන්විත මෙම නව ස්වර්ණාභරණ අලෙවි ස්ථානය කොළඹ මධ්‍යයේ පිහිටා ඇත. එහිදී සියලුම උපදේශන සේවාවන් උසස් අන්දමේ හමුවීම් පදනම් කර ගත් ඒවා වන අතර වෙබ් අඩවිය හරහා හෝ ක්ෂණික ඇමතුම් මගින් වෙලාව වෙන්කර ගැනීමෙන් අනතුරුව ද පාරිභෝගික ඔබට Aaraa & Aati වෙත පිවිසිය හැක. මෙහිදී ඔබගේ සිහින යථාර්තයක් බවට පත් කිරීමට  Aaraa & Aati කාර්යක්ෂම සේවා පහසුකම් සලසන අතර ස්වර්ණාභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අදහස්, සාකච්ඡා සහ සැලසුම් කිරීමේ සිට පාරිභෝගිකයාට රුචි ස්වර්ණාභරණ කලා කෘති නිමවා දීමේ සමස්ථ ක්‍රියාවලිය තුළම පාරිභෝගිකයා එහිම කොටසක් බවට පත් කර ගනී.

මැණික් පිළිබඳ ආචාරධර්ම සුරකිමින් සැබෑම මැණික් බටහිර රටවලට අපනයනය කිරීම පිළිබඳව Aaraa & Aati වෙත වසර ගණනාවක ගෝලීය වෘත්තීය අත්දැකීම් ඇති අතර Aaraa & Aati  නිර්දෝෂී අලංකාරභාවයේ සැබෑම සංකේතයන් ලෙස නිමවන ලද මංගල මුදු පිරි නැමීමට කැප වී සිටින ස්වර්ණාභරණ සමාගමකි. එහිදී පුද්ගල අත්දැකීම්, ප්‍රතිලාභ, සුහදශීලි වැඩසටහන්, සහ විශේෂ අවස්ථා ඇතුළු තවත් සුවිශේෂී අංග රාශියක් එක් තැන් කරමින් සිය ගනුදෙනුකරුවන් සඳහා සුඛෝපභෝගී නව්‍ය අත්දැකීම් ලබා දීමේ අරමුණින් Aaraa & Aati’s Exclusive Club ආරම්භ කෙරේ.

Aaraa & Aati හි සම අධ්‍යක්ෂ ෆාමි රහ්මාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ‘අපගේ මූලික ඉලක්කය මිනිසුන්ට අවශ්‍ය කරන ආදරය ස්වර්ණාභරණ හරහා එකිනෙක සම්බන්ධ කරවීමයි. එහිදී A&A Exclusive Club නිර්මාණය කරමින් මිත්‍රත්වයන් ඇති කර ගත හැකි සහ අදහස් හා සිය රුචිකත්වයන් බෙදාහදා ගත හැකි සුවිශේෂී පරිසරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙම එකමුතුව සමාජ ක්‍රියාකාරකම්, ප්‍රජාව සහ සහයෝගිතාවය පිළිබඳව හැගීමක් ඇති කරවන පරිපුර්ණ වේදිකාවක් වනු ඇති. අප මෙතක් පැමිණි ගමන් මගෙහි වැදගත් කාර්යභාරයක් අපගේ ගනුදෙනුකාර පාර්ශවය ඉෂ්ඨ කරනු ලැබූ අතර ඔවුන්ගේ එම විශ්වාසනීය හිතවත්භාවයට ගරු කරමින් අපගේ නිහතමානිත්වය මෙලෙස ප්‍රකාශ කිරීමට ලැබීම මහත් සතුටක්.’

එහිදී අදහස් දක්වමින් ඔහු තව දුරටත් මෙසේද පැවසීය ‘කාර්මික දැනුමින් සහ වෘත්තීය දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ අපගේ Aaraa & Aati හිදී, අපගේ පාරිභෝගිකයන් වෙත ඔවුන්ගේ ස්වර්ණභරණ සකස් කර ගැනීම සඳහා සිත් ඇදගන්නා සුළු අත්දැකීම් ලබා දෙනු ලබනවා. ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී අවස්ථාවන් නිධානයක් බවට පත් කර ගන්නට සුක්ෂම ලෙස සකස් කරන ලද අපගේ නිල් මැණික් වලින් හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ අතිවිශිෂ්ට මැණික් එකතුව අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව සකස් කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා.’

Aaraa & Aati ද වෙනත් බොහෝ ව්‍යාපාර මෙන් වසංගත තත්වය මගින් ඇති කරන ලද නව සාමාන්‍ය තත්වයට හැඩ ගැසිනි. සමාගමේ ඉදිරි ගමන් මග මෙම තත්වය තුළ නව මානයකින් දකින්නට කළමනාකාරිත්වය සමත් වූ අතර නොපසුබට උත්සාහයෙන් එම අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කිරීමට හැකි විය. මෙම කාල සීමාව තුළ, සියළුම ගනුදෙනුකරුවන්ට ස්වර්ණාභරණ පිළිබඳ සිය අදහස් සාකච්ඡා කිරීම සඳහා online සන්නිවේදන ක්‍රමවේද භාවිත කරමින් ඔවුන් ඒ සඳහා දිරි ගන්වනු ලැබිණි. එහිදී ගනුදෙනුකරුවන් සිය නිවෙස්වල සුවපහසුව සිටින අවස්ථාවේම ඔවුන්ට උසස් සේවාවක් සේවාවක් ලබා දීමට   Aaraa & Aati සමත් විය.

තවද මෙම වසංගත සමයේ නිවෙස් තුළ විශේෂ අවස්ථා සඳහා ඉඩකඩක් නොමැති උවද Daraz.lk හි ලැයිස්තුගත කර ඇති Aaraa & Aati හී ‘Surf Collection’, මුදල් සඳහා වන වටිනාකම් සංකල්පය හරහා සමාගමට සිය නරඹන්නන් අඛණ්ඩව සම්බන්ධ කර තබා ගැනීමට හැකි විය.

Aaraa & Aati සිය සිංගප්පූරු ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කෙමෙන් කෙමෙන් පියවර ගෙන තිබේ. සුඛෝපභෝගී පාරිභෝගික අත්දැකීම් සැබවින්ම උසස් තලයකට ගෙන ඒම මෙම වසරේ සැලසුම වී ඇත. විශේෂයෙන්ම Aaraa & Aati ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමිතියක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින අතර කොළඹ සහ සිංගප්පූරුවේ සිය සුවිශේෂී පාරිභෝගිකයින් වෙත සේවා සපයමින් සිටී.

වැඩි විස්තර සඳහා  www.aaraa-aati.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් 0770218384 අමතන්න.­­

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *