Latest News Sinhala

Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පෙළක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වා දෙයි

Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට

ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ ස්ථානයක් ලබා ඇති අතර,  ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේද විශාල උනන්දුවක් මෙම ස්මාර්ට් උපාංග කෙරෙහි යොමුවී ඇත.

Huawei  විවිධ සමාජ තලයන්හි පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් ඔවුනොවුන්ගේ ආර්ථික සහ ජීවන මට්ටම් වලට ගැළපෙන ලෙස තම ස්මාර්ට් උපාංග එළිදක්වමින් පවතී. Huawei හි ස්මාර්ට් උපාංග ගණයට එක්වූ නවතම මාදිලින්  වන්නේ Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X වේ. 

Huawei Watch GT2 Pro සැහැල්ලු සහ අලංකාර මෝස්තරයකින් යුක්ත වේ. එය ටයිටේනියම් රාමුවකින් සමන්විත අතර  sapphire watch dial එකකින් සමන්විත වේ . Huawei Watch GT 2 Pro ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස ඔරලෝසු මුහුණත වෙනස් කිරීමේ හැකියාව ලබාදෙමින් ඔරලෝසු මුහුණු 200 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. සෞඛ්‍ය, ක්‍රීඩා, කාලගුණය, සංචලනය සහ ව්‍යායාම් සැලසුම්කරණය වැනි අංග රාශියක් එයට මැනිය හැකිය. නින්ද අධීක්ෂණය (අද්විතීය Huawei TruSleep තාක්‍ෂණය සමඟ), හෘද ස්පන්දන වේගය, ආතතිය අධීක්ෂණය සඳහා Huawei TruRelax, සහ ඔක්සිජන් සන්තෘප්තිය හඳුනාගැනීම (සහ තවත්) යනාදී සෞඛ්‍ය ඉහළ මට්ටමේ තබා ගැනීමට උපකාරී වන අංගයන්ද , විවිධ  ක්‍රීඩා සඳහා එය ක්‍රීඩා ක්‍රම 100 කට වඩා මැනිය හැකි අතර  විශේෂයෙන් ගොල්ෆ් (එහි නව ගොල්ෆ් ධාවන පරාසය මඟින් පරිශීලකයින්ට swing  posture  විශ්ලේෂණය කිරීමට හැකි වන අතර swing speed සහ frequency වැඩි දියුණු කිරීම සඳහා දත්ත අධ්‍යනයද සපයයි). Huawei Watch GT2 Pro භාවිතයෙන් ඇමතුම් ලබා ගත හැකි  අතර එමගින් ස්මාර්ට් ජංගම දුරකථනය දුරස්ථව සක්‍රිය කර ගැනීමේ හැකියාවද පවතී. Huawei Watch GT2 Pro හි wireless charging පහසුකමද සහිත අතර සම්පූර්ණයෙන්ම charge කළ විට උපාංගය සාමාන්‍ය භාවිතයේ දින 14 ක් පමණ තෙක් පැවතිය හැකිය.

Huawei FreeBuds Pro , hybrid active noise cancellation තාක්ෂණය මගින් ශබ්ද අවලංගු කිරීමේ හැකියාව ලබාදෙන අතර  එයට  40dB දක්වා ශබ්ද අවලංගු කිරීමේ හැකියාව පවතී . මෙහි awareness mode මඟින් ශබ්දය අවලංගු කිරීමේ මාදිලියෙන් මාරු වී එය පැළඳ සිටියදීම බාහිර ලෝකය ශබ්ද  ඇසීමේ අවස්ථාව ලබාදේ . මෙහි පවතින 11mm high quality driver එක ඉහළ තත්වයකින් යුතුව ශබ්දයන් ලබාදෙන අතර ඔබට රිසිලෙස ඉහළ ගුණාත්මක බවින් සංගීතය රසවිදීමේ හැකියාව මෙමගින් ලබාදේ. එහි 3mic පද්ධතිය ඉතා පැහැදිලි ඇමතුම් සඳහා උපකාරී වන අතර Huawei FreeBuds Pro සංගීතය සහ ඇමතුම් පහසුවෙන් මාරුවීමට උපකාරී වන ස්මාර්ට් ස්පර්ශ පාලන පද්ධතියක් සමඟ පැමිණේ. මෙම තාක්ෂණය නිසා සරලව FreeBuds ස්පර්ශ කිරීම මගින් අසමින් සිටින ගීතය වෙනස් කිරීම, ගීත සහ දුරකථන ඇමතුම් අතර හුවමාරු වීම පහසුවෙන් සිදුකරගත හැක. Huawei FreeBuds Pro විවිධ වර්ණ තුනකින් ලබා ගත හැකිය: සෙරමික් වයිට්(සුදු), සිල්වර් ෆ්‍රොස්ට් (රිදී) සහ කාබන් බ්ලැක් (කළු).

Huawei FreeBuds Studio යනු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීම මගින්  ප්‍රබල බාහිර ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සහිත හෙඩ්ෆෝනයකි.omni-directional 8 මයික්‍රොෆෝන පද්ධතියකින් නිර්මාණය කර ඇති අතර ඉහළ සංවේදීතා මයික්‍රොෆෝන 4 ක් දෙපස වැඩ කරන අතර හෙඩ්ෆෝනය වඩා හොඳ ශබ්ද අවලංගු කිරීමක්  සඳහා සංසරණ ශබ්දය වඩාත් නිවැරදිව හඳුනා ගනී. කන් වල වායු පීඩනය සමතුලිත කරන එහි Tee Audio Tube (TAT) ව්‍යුහය සමඟ මෙය පැළද සිටීම ඉතා පහසුය. Huawei FreeBuds Studio විසින් මයික් 6 ඇමතුම් ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් ( 6 mic call noise cancellation system) සහිත නිසා ඝෝෂාකාරී  පරිසරයක පවා ඇමතුම් කිසි බාදාවකින් තොරව ලබාගත හැක . එය අධි-විභේදන ශ්‍රව්‍ය අත්දැකීමක් තුළ පරිශීලකයින් ගිලී යන අතිශය පුළුල් සංඛ්‍යාත පරාසයක් සඳහා හයි-ෆයි මට්ටමේ ශ්‍රව්‍ය චිපයක් (Hi-Fi level audio chip) සහ professional acoustic components වලින් ද පිරී ඇත. දැන් පරිශීලකයින්ට Huawei Free Buds Studio එකවර උපාංග දෙකක් සමඟ සම්බන්ධ කළ හැකි අතර එය බහු කාර්යයන් සඳහා ඉහළ ඵලදායිතාවයක් දක්වයි. මෙම උපාංගය සම්පුර්ණයෙන්ම charge වීමට ගත වන්නේ මිනිත්තු 60 ක් පමණක් වන අතර charge කිරීමකින් පැය 24 ක් දක්වා සවන්දීමට හැකිවේ.

Huawei FreeLace Pro යනු  ඉතා දියුණු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සමඟ පැමිණෙන wireless earphone එකකි . පිටතින් එන බාහිර ශබ්ද ඇසීමට හැකිවන ලෙස පරිශීලකයන්ට ශබ්දය අවලංගු කිරීමේ ප්‍රකාරයෙන් මාරු විය හැකි awareness mode එකක්ද මෙහි අන්තර්ගත වේ. එහි මිලිමීටර් 14  dynamic driver එක නිසා තත්වයෙන් උසස් ශබ්දයක් ලබාදේ . Huawei FreeLace Pro නිර්මාණය කර ඇත්තේ Huawei HiPair තාක්‍ෂණයෙන් වන අතර එය පරිශීලකයින්ට දුරකථනයක් හෝ ටැබ්ලටයක් සමඟ එක් පියවරක් මගින් ඉතා පහසුවෙන් සම්බන්ධ කිරීමට හැකි වේ. සංගීත සවන්දීම , ඇමතුමක් ලබාගැනීම සහ අවසන් ඇමතුම් අතර සැරිසැරීමට සදහා power button එකක්  සහ  function button එකක් ද එහි ඇත. Huawei FreeLace Pro එක් charge කිරීමකින් පැය 24 ක භාවිතා කාලයක් ලබාදේ . මිනිත්තු පහක් charge කිරීමෙන් පමණක් එයට පැය පහක සංගීතය රසවිදීමේ හැකියාව හිමිවේ . Huawei FreeLace Pro හි magnetic design එක මඟින් පරිශීලකයින්ට දිගු බැටරි ආයු කාලයක් සඳහා earbuds  සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදේ . Huawei FreeLace Pro Graphite Black (කළු), Spruce Green(කොළ) සහ Dawn White(සුදු ) යන වර්ණයන්ගෙන් යුක්ත වන අතර එය  ජලය සහ දූවිලි වලට ප්‍රතිරෝධී වේ.

Huawei Sound X යනු subwoofer දෙකක් සහිත Portable Speaker එකකි. මෙය යුරෝපයේ ශ්‍රව්‍ය උපකරණ සදහා ප්‍රචලිත Devialet සමාගම සමග එක්ව  Devialet’s Speaker Active Matching (SAM) තාක්ෂණය සමඟ පැමිණෙන අතර HD ශබ්දයන් හි ඉහළ තත්වය සහතික කර ඇත. එහි duel speakers නිර්මාණය කර ඇත්තේ දැවැන්ත කම්පන ඇති කිරීමට බලය සපයන magnetic rare earth materials වලින් ය. Huawei Sound Xහි Bass sound  40hz තරම් අඩු වේගයක් වුවත් ග්‍රහණය කරගනී. Huawei Sound X , Huawei Share තාක්ෂණය මගින්ද බලගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය . Huawei Sound X හි පෙනුම ඉතා ආකර්ෂණිය වන අතර ඕනෑම party අවස්ථාවකට සුදුසු වන ලෙස නිමවා ඇත

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *