Latest News Sinhala

ඩීමෝ, අග්නිදිග ආසියාවේ Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි.  

එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය අත්පත් කර ගැනීමත් සමග ඩීමෝ, අග්නිදිග ආසියා කලාපයේ පිලිපීනය හා බෘනායි වැනි අනෙකුත් රටවල් අභිබවා යමින් විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවක් ස්වකීය පාරිභෝගිකයින් හට පිරි නමන සමාගමක් බවට තවදුරටත් සනාථ කර තිබේ.  

මේ වසරේ ‘Mercedes-Benz අග්නිදිග ආසියා II සේවා විශිෂ්ටතා සම්මාන උළෙල’ මගින්, සේවා උපදේශකයින් අතර සේවා නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින්, Mercedes-Benz AG බලයලත් සේවා මධ්‍යස්ථානයන්හි හොඳම සේවා උපදේශකයින් ඇගයීමට ලක් කෙරිණි. ඒ අනුව, අන්තර්ජාලය මගින් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අග්නිදිග ආසියා කලාපය තුළ, ‘වසරේ හොඳම සේවා උපදේශකයින්’ ලෙස ඩිමෝ හි Mercedes-Benz මධ්‍යස්ථානයෙහි දීර්ඝ කාලීනව සේවයෙහි නිරත කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු වන හිරුන් කෝරාලලාගේ, ෂෙල්ටන් විජේරත්න සහ සහින්ද වසලතන්ත්‍රිගේ ඇගයීමට පාත්‍ර වූහ.

Mercedes-Benz AG මගින් සිය බලයලත් බෙදාහරින්නන් සහ නියෝජිතයින් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ අලෙවියෙන් පසු සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගික තෘප්තිමත්භාවය වැඩි කිරීම පිණිස, වාර්ෂිකව සමීක්ෂණ සිදු කරනු ලබයි. මෙම සමීක්ෂණ හරහා පාරිභෝගික අත්දැකීමේ විවිධ පැතිකඩ ඇගයීමට ලක් කෙරේ.

Mercedes-Benz AG බලයලත් සේවා මධ්‍යස්ථානයක් මගින් සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයකුට පහසුවෙන් වේලාවක් වෙන්කර ගැනීමේ ඇති හැකියාවත් සමග ආරම්භ වන මෙම සමීක්ෂණය ඔස්සේ, සේවා මධ්‍යස්ථානය මගින් පිරි නමන සේවාවන්හි ගුණාත්මකභාවය, සේවාව සිදු කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම, කාර්ය මණ්ඩලය විසින් පිළිබිඹු කරන තාක්ෂණික විශේෂඥභාවය සහ පාරිභෝගික සේවා ප්‍රමිතීන් මෙන්ම වාහනය ආරක්ෂිතව හා නියමිත වේලාවට ආපසු ලබා දීම වැනි ගුණාංග ඇගයීමට ලක් කෙරේ. සිය සේවා ක්‍රියාවලිය අතරතුර සෑම කරුණක් පිළිබඳවම ඩීමෝ දක්වන අවධානය, පාරිභෝගිකයින්ගේ සිත් ඇද ගන්නා කාරණයක් වී ඇති අතර, මෙම ස්වාධීන සමීක්ෂණය මගින්ද එකී කාරණය මනාව පිළිබිඹු වී තිබේ.

ඩීමෝ හිමි කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“මෙම ජයග්‍රහණය මගින් Mercedes-Benz වාහන සේවාවන් සඳහා යා යුතු එකම තැන ඩීමෝ ආයතනය බවට තහවුරු කර තිබෙනවා. සමාගම විසින් පවත්වාගෙන යන ගුණාංගවලට අනුකූලව පාරිභෝගිකයින් හට තෘප්තිමත් සේවයක් සැලසීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීමත් මෙම කලාපීය සම්මානය මගින් පිළිබිඹු කෙරෙනවා. ඒ වගේම, මෙම සම්මානය මගින් ශ්‍රී ලංකාවට හොඳම ඉංජිනේරු සන්නාම  ගෙන ඒමේ හැකියාව ඩීමෝ සතු බව සනාථ කර තිබෙනවා. DeX Automotive App යෙදවුම සහ Dedicated Service Advisor සංකල්පය හඳුන්වා දීම, අපගේ වටිනා පාරිභෝගිකයින්ගේ අත්දැකීම් තවත් තීව්‍ර කිරීම පිණිස, ඉතා මෑතදී අපි සිදු කළ කාර්යයන්. අප නිරන්තරයෙන් පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් විසඳුම් ලබා දීම සඳහා  Mercedes-Benz AG  ආයතනයේ ජාත්‍යන්තර පුහුණුව මගින්, කාර්ය මණ්ඩලය සන්නද්ධ කරමින් සිටිනවා.”

Mercedes-Benz AG සේවා මධ්‍යස්ථාන සඳහා බලයලත් නියෝජිත ලෙසින් ඩීමෝ සමාගම, එහි ඩීමෝ 800 ලෙසින් හඳුන්වන නවතම Mercedes-Benz මධ්‍යස්ථානය සඳහා සුවිශාල වශයෙන් ආයෝජනය කර තිබේ. පාරිභෝගිකයින් හට විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම සඳහා Mercedes-Benz AG වෙතින් අනුමත මෙවලම්,‍ උපකරණ හා මෘදුකාංග යාවත්කාලීන කිරීමේ ක්‍රම, අලුත්වැඩියා උපදෙස් හා ක්‍රමවේද භාවිත කරන අතර, පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාව, පරිගණක ගත වාහන අලුත්වැඩියා වාර්තාවන් ඇතුළු තවත් බොහෝ සේවාවන් ක්‍රියාත්මක කෙරේ. ඒ Mercedes-Benz වාහනවල ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීම පිණිසය.

Mercedes-Benz රථ සඳහා නියම අමතර කොටස් භාවිත කිරීම තුළින් වාහන හිමියාට බියෙන් සැකයෙන් තොරව ධාවනයේ නියැලීමට හැකි වේ. ඩීමෝ, සෑම අලුත්වැඩියාවක් හා සේවාවක් සඳහාම නියම Mercedes-Benz අමතර කොටස් පමණක් භාවිත කරන බැවින් පාරිභෝගිකයින් හට ගෙවන මිලට නිසි වටිනාකමක් තහවුරු කෙරේ.

එමෙන්ම,‍ Mercedes-Benz වාහනයක් සම්බන්ධ සේවාවන් නිසි ප්‍රමිතියකින් යුතුව හැසිරවීම අතිශයින්ම වැදගත් වන අතර, Mercedes-Benz AG පුහුණුවලත් තාක්ෂණික ශිල්පීන් පමණක් සෑම Mercedes-Benz වාහනයක් සඳහාම සේවය සැලසීමට යොදවා තිබෙන බවට ඩීමෝ සහතික වෙයි. එලෙස නිසි පුහුණුවලත් තාක්ෂණික ශිල්පීන්ගේ වැදගත්කම ඩීමෝ මනාව වටහාගෙන ඇති බැවින්, සිය පාරිභෝගිකයින් හට විශිෂ්ට සේවා අත්දැකීමක් පිරිනැමීම පිණිස සිය මානව සම්පත් දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජන සිදු කරයි. එකී පුහුණු කිරීම්, අන්තර්ජාලය මගින් නිතිපතා පැවැත්වෙන පුහුණුවේ සිට ඩීමෝ හි Mercedes-Benz සහතිකලත් පුහුණුකරුවන් විසින් ලබා දෙන අභ්‍යන්තර පුහුණුව සහ  නිෂ්පාදකයාගේ  පුහුණුවීම්  දක්වා ක්‍රමවත්ව සිදු කෙරේ. නිරතුරුවම පාරිභෝගිකයින් හා සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ Mercedes-Benz වාහනවල නඩත්තු කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සේවා උපදේශකවරයකුද ඩීමෝ විසින් පත් කර තිබේ. පාරිභෝගිකයින් හා ඩීමෝ අතර විශ්වාසනීයත්වය හා සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා මාහැඟි කාර්යයක් එමගින් ඉටු කෙරේ. Mercedes-Benz AG පුහුණුවලත් තාක්ෂණික ශිල්පීන්ගේ නියම සේවාව, විශේෂඥභාවය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් හේතුවෙන් ඩීමෝ ශ්‍රී ලංකාවේ Mercedes-Benz පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම බවට පත්ව තිබේ.

ඩීමෝ හි Mercedes-Benz සේවා මධ්‍යස්ථානය, Mercedes-Benz AG සහතිකලත්, අග්නිදිග ආසියාවේ වාහන බඳ හා පින්තාරු අලුත්වැඩියා සඳහා එකම සහ ප්‍රථම බලයලත් සේවා මධ්‍යස්ථානය වශයෙන්ද මෑතකදී හඳුන්වා තිබේ. එමෙන්ම, සියලුම Mercedes-Benz වාහන සඳහා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පහසුකම්වලින් හා තාක්ෂණික විශේෂඥයින්ගෙන් සමන්විත එකම Mercedes-Benz සේවා මධ්‍යස්ථානය වන්නේද, DIMO 800 Mercedes-Benz මධ්‍යස්ථානයයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *