Latest News Sinhala

කොමර්ෂල් ලීසිං, ත්‍රිරෝද රථ ලීසිං හිමියන් කෝවිඩ් වසංගතයෙන් මුදා ගැනීම පිණිස විශේෂ ආවරණයක් (separators) සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ සඳහා විශේෂයෙන් සකස් කළ ආවරණයක් (separators) හඳුන්වා දීමයි. මෙම නව ආවරණ බෙදා දීමේ නිල උත්සවය නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින්, ශ්‍රී ලංකා පොලීසියේද සහය ඇතිව පසුගියදා කළුතර කටුකුරුන්දේ පිහිටි වෛද්‍ය විද්‍යායතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මින් පෙර කිසිදු මුල්‍ය සමාගමක් හෝ ආයතනයක් විසින් සිදු නොකළ අන්දමේ මාහැඟි කටයුත්තක් වන මෙය, ත්‍රිරෝද රථ සඳහා අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු කාලීන වෙනස්කමක් ලෙසින්ද හැඳින්විය හැකි වේ. ත්‍රිරෝද රථ රියදුරා හා මගියා අතර පවතින ඉඩකඩ වෙන් කරමින් මෙම නවතම ආවරණය (separators) වෛරස සංසරණය වීම වළක්වන බාධකයක් ලෙසින් ක්‍රියා කරයි. ඝනකමින් වැඩි පොලිතින් යොදා ගනිමින් නිපදවා  තිබෙන ආවරණය (separators) හරහා වෛරසය සංසරණය වීමේ ඉඩකඩක් නොපවතින බැවින්, මෙය රටපුරා ත්‍රිරෝද රථ සඳහා හඳුන්වා දිය හැකි හොඳම ආරක්ෂිත විකල්පයක්ද වෙයි.

“කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ රටපුරා ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටලු පිළිබඳව  සාකච්ඡා කරද්දි අපට අවබෝධ වුණු කාරණයක් තමයි, ත්‍රිරෝද රථ රියදුරන් හා මගීන් දෙපිරිසම වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැන්නක් හඳුන්වා දීම ඉතාමත් අත්‍යවශ්‍ය බව. දෛනික ආදායමෙන් ජීවත් වන ත්‍රිරෝද රථ රියදුරන්ට වසංගත ව්‍යාප්තිය නිසා, රැකියාවෙහි නිරත නොවී සිටිමට හැකියාවක් නැහැ. ඒ වගේම, වසංගතය තත්ත්වයක් තිබියදී ත්‍රිරෝද රථවලින් මගීන් ප්‍රවාහනය කිරීම නිසා ඔවුනුත් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ඒ අනුව සෞඛ්‍ය අංශය හා පොලීසිය සමග සාකච්ඡා කර අපගේ ත්‍රිරෝද රථ ගනුදෙනුකරුවන් හා මගීන් යන දෙපිරිසම ගමනාන්තය දක්වා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ විසඳුමක් ලෙසින් මෙය හඳුන්වා දීමට අපට හැකි වුණා.” කොමර්ෂල් ලීසිං ඇන්ඩ්  ෆිනෑන්ස් සමාගමේ අලෙවි සන්නිවේදන කළමණාකරු, ප්‍රසාද් පෙරේරා සඳහන් කරයි.

අද වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවක කොවිඩ් වසංගතය ඉතාමත් අවදානම් අන්දමින් පැතිර යමින් තිබෙන අතර, ඉන් වැඩි අවදානමට ලක් වන පිරිස අතරින් ත්‍රිරෝද රථ රියදුරන් පෙරමුණෙහි පසුවන්නේ, බොහෝ පිරිසක් සිය ප්‍රවාහන ක්‍රමවේදය ලෙසින් ත්‍රිරෝද රථ භාවිත කරන බැවිනි. මේ වන විට කොවිඩ් රෝගින් වැඩි පිරිසක් සමාජය තුළින් හමුවන බැවින්, ත්‍රිරෝද රථ වල ගමන් කිරීම පවා අවදානම් කටයුත්තක් වී තිබේ. ඒ, නිසි පරිදි ආවරණය නොකළ ත්‍රිරෝද රථයකින් ගමන් ගන්නා අතරතුර මගියකුගෙන් රියදුරාට හෝ රියදුරාගෙන් මගියාට කොවිඩ් වෛරසය බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවිනි. සිය දෛනික ගමන් බිමන් පවත්වා ගැනීම සඳහා මෙවැනි ආවරණ යෙදූ ත්‍රිරෝද රථ භාවිත කිරීමෙන්, ගමන අතරතුර වෛරස සංසරණය වීමට අවකාශයක් නොමැති නිසා, ඉන් මගීන්ගේ ආරක්ෂාවද සහතික කෙරේ. ඒ අනුව, මෙවැනි ආවරණයක් යෙදූ ත්‍රිරෝද රථයක බියෙන් සැකයකින් තොරව තමන්ගේ ගමනාන්තය කරා යාමට හැකිවීම මගීන්ටද, මහත් අස්වැසිල්ලකි.

කෝවිඩ් රැල්ලෙහි පළමු ආගමනයත් සමග ත්‍රිරෝද රථ රියදුරන් ඉන් ආරක්ෂා කිරීමට මං සෙවූ CLC සමාගම, ඉකුත් මාර්තු මස මෙම ආවරණ 12,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර සිය  ශාඛා 68 හරහා ත්‍රිරෝද රථ ලීසිං ගනුදෙනුකරුවන් අතර බෙදා හැර තිබේ. කොවිඩ් වසංගතයේ දෙවැනි ව්‍යාප්තියත් සමගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අත්වැල් බැඳ ගනිමින්, මෙම කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන ගිය කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, ත්‍රිරෝද රථ ගනුදෙනුකරුවන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මුඛ ආවරණ, විෂබීජ නාශක දියර හා මගීන්ගේ විස්තර සටහන් කළ හැකි පොත් පිංචක් ආදිය ඇතුළත් සනීපාරක්ෂක කට්ටලයක්ද සිය ශාඛා ජාලය මගින් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබුණි.

නිරතුරුවම ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, ස්වකීය ගනුදෙනුකරුවන් හා දීර්ඝ කාලීන සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතරතුර, නිරන්තරයෙන් ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙවැනි කාලීන වැදගත්කමින් යුතු සමාජ සත්කාරයන් සිදු කරනු ලබයි.ත්‍රිරෝද රථ සිය දෛනික ප්‍රවාහන මාධ්‍යය බවට පත් කරගත් මගීන්ද කෝවිඩ් අනතුරෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාවට නැංවේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *